ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (12) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා අත්සන් නොකර ආපසු හැරී ආවාය.
විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයකු සහ තිස්ස විතාරණ මහතාගේ පක්ෂයේ අපේක්ෂකයකු ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ආසනයෙන් දැමීමට ගත් තීරණයට විරෝධය පා ඇය ආපසු හැරී ආ බව දේශපාලන ආරංචි කියයි.
ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමයේ අපේක්ෂකයකුට ද ඇගේ ආසනයෙන් සන්ධාන අපේක්ෂක ලැයිස්තුවට ඇතුළු කිරීමට සූදානම් වුවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ විරෝධය හමුවේ එම නම ඉවත් කර ගත්තේය.
මේ ගැන කළ විමසීමක දී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ ආසනයේ ගැටළුවක් ඇති බැවින් තමන් තවම නාමයෝජනා අත්සන් නොකළ බවයි.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ආපසු හැරෙයි
සුපුන් Sunday, 12 July 2015 04:00 PM
රාජිත හපුඅාරච්චිගේ නම කැපෙන්න හේතුවත් ඔය ප්‍රශ්නයම තමා (බ)
ෆෙඩ්රික් Sunday, 12 July 2015 04:27 PM
ඉතින් කවුරු දැම්මහම මොකෝ? මිනිසුන්ට සමීප නම් මනාප ලැබෙයිනේ (නි)
පිවිතුරු යහපාල Monday, 13 July 2015 07:06 AM
අරුණ මහත්තය මම හිතන්නේ මේ 2009 න් පස්සේ ඉපදිච්ච තාම අර කටේ කිරි සුවද නොගිය මොන්ටිසෝරි යන පොඩි බබෙක් වගේ..ඔයා කියන හින්ද අපි දුවල දුවල ගිහින් කතිරේ ගහන්නම්කො...ජේ වී පි එක ගැන සහතික දෙන්න කලින් වැඩිහිටියෙක්ගෙන් ඔය පක්ෂේ ඉතිහාසය එයාල මේ රටේ තරුණ පරපුරට දීපු තෑගි මේ රටේ මහජන දේපල වලට දක්වපු ආදරය වගේම ඒකෙ හිටපු ජිවතුන් අතර ඉන්න සියලු නායකයින් අද ඉන්න තැන් ගැනත් අහල දැනගන්න.මේ අද ජේ වී පි එකේ ඉන්න යු අන් පි එකත් එක්ක ඩිල් දාන නායකයින්ගේ හෙට දවස ගැන කවර කතාද ඉතින්. (ස)
ලසිත Sunday, 12 July 2015 06:41 PM
පහුගිය කාලයේ මිනිස්සු එක්ක ඉඳලා ඔවුන් වෙනුවෙන් වැඩකර තිබුනා නම් ආසනෙන් දෙන්නෙක් නෙමෙයි දහයක් දැම්මත් බය වෙන්න ඕනෑ නැහැනෙ. ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත්තාට අනෙක් මිනිස්සු පළී නැහැ (නි)
සුදත් රෝහණ Monday, 13 July 2015 07:39 AM
විමල් ,නන්දන ,හිටියෙත් ජනතා විමුක්ති පෙරමුණේ .නමුත් අද කොහෙද ඉන්නෙ ? (බ)
ධම්මිකා ක්‍රිෂාන්ති Sunday, 12 July 2015 07:42 PM
ඔයාගත්ත තීරණය ගොඩක් හොඳයි මැඩම්. කටානේ අපි ඔයත් එක්ක (නදී)
විජයබාහු Monday, 13 July 2015 08:09 AM
ඔබ ගියා කියා ජනතාවට පාඩුවක් නොවනු ඇත. (ර)
අරුණ ශාන්ත නෝනිස් Monday, 13 July 2015 12:58 AM
පැහැදිලි ලෙසම මමද ඔබට කියමි. මේ රටේ ජනතාවට අනාගතයේ යහපතක් වෙනවා දැකීමට ඔබ කැමති නම් , ජනතා විමුක්ති පෙරමුණට බලපෑමක් කළහැකි තරමේ බලයක් පාර්ලිමේන්තුව තුළ ලබාදිය යුතුමය. ඒ සඳහා මම ඔවුන්ට මගේ ඡන්දය දෙමි. ඔබද එසේ කරන්න. අපිට අද ඇති එකම විකල්පය එයයි. (නි)
අවන්ත Monday, 13 July 2015 02:12 AM
මම නම් කියන්නේ අභියෝගය බාරගන්න කියලා (නි)
අජිත් Monday, 13 July 2015 05:15 AM
සියල්ලෝම ජනතා විමුක්ක්ති පෙරමුණට ජන්දය දෙත්වා! (ම)
වසීම් Monday, 13 July 2015 05:48 AM
මමත් මේ ගමන දෙන්නේ ජේවීපී එකට (නි)