ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (12) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා අත්සන් නොකර ආපසු හැරී ආවාය.
විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයකු සහ තිස්ස විතාරණ මහතාගේ පක්ෂයේ අපේක්ෂකයකු ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ආසනයෙන් දැමීමට ගත් තීරණයට විරෝධය පා ඇය ආපසු හැරී ආ බව දේශපාලන ආරංචි කියයි.
ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමයේ අපේක්ෂකයකුට ද ඇගේ ආසනයෙන් සන්ධාන අපේක්ෂක ලැයිස්තුවට ඇතුළු කිරීමට සූදානම් වුවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ විරෝධය හමුවේ එම නම ඉවත් කර ගත්තේය.
මේ ගැන කළ විමසීමක දී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ ආසනයේ ගැටළුවක් ඇති බැවින් තමන් තවම නාමයෝජනා අත්සන් නොකළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජිත හපුඅාරච්චිගේ නම කැපෙන්න හේතුවත් ඔය ප්‍රශ්නයම තමා (බ)
ඉතින් කවුරු දැම්මහම මොකෝ? මිනිසුන්ට සමීප නම් මනාප ලැබෙයිනේ (නි)
අරුණ මහත්තය මම හිතන්නේ මේ 2009 න් පස්සේ ඉපදිච්ච තාම අර කටේ කිරි සුවද නොගිය මොන්ටිසෝරි යන පොඩි බබෙක් වගේ..ඔයා කියන හින්ද අපි දුවල දුවල ගිහින් කතිරේ ගහන්නම්කො...ජේ වී පි එක ගැන සහතික දෙන්න කලින් වැඩිහිටියෙක්ගෙන් ඔය පක්ෂේ ඉතිහාසය එයාල මේ රටේ තරුණ පරපුරට දීපු තෑගි මේ රටේ මහජන දේපල වලට දක්වපු ආදරය වගේම ඒකෙ හිටපු ජිවතුන් අතර ඉන්න සියලු නායකයින් අද ඉන්න තැන් ගැනත් අහල දැනගන්න.මේ අද ජේ වී පි එකේ ඉන්න යු අන් පි එකත් එක්ක ඩිල් දාන නායකයින්ගේ හෙට දවස ගැන කවර කතාද ඉතින්. (ස)
පහුගිය කාලයේ මිනිස්සු එක්ක ඉඳලා ඔවුන් වෙනුවෙන් වැඩකර තිබුනා නම් ආසනෙන් දෙන්නෙක් නෙමෙයි දහයක් දැම්මත් බය වෙන්න ඕනෑ නැහැනෙ. ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත්තාට අනෙක් මිනිස්සු පළී නැහැ (නි)
විමල් ,නන්දන ,හිටියෙත් ජනතා විමුක්ති පෙරමුණේ .නමුත් අද කොහෙද ඉන්නෙ ? (බ)
ඔයාගත්ත තීරණය ගොඩක් හොඳයි මැඩම්. කටානේ අපි ඔයත් එක්ක (නදී)
ඔබ ගියා කියා ජනතාවට පාඩුවක් නොවනු ඇත. (ර)
පැහැදිලි ලෙසම මමද ඔබට කියමි. මේ රටේ ජනතාවට අනාගතයේ යහපතක් වෙනවා දැකීමට ඔබ කැමති නම් , ජනතා විමුක්ති පෙරමුණට බලපෑමක් කළහැකි තරමේ බලයක් පාර්ලිමේන්තුව තුළ ලබාදිය යුතුමය. ඒ සඳහා මම ඔවුන්ට මගේ ඡන්දය දෙමි. ඔබද එසේ කරන්න. අපිට අද ඇති එකම විකල්පය එයයි. (නි)
මම නම් කියන්නේ අභියෝගය බාරගන්න කියලා (නි)
සියල්ලෝම ජනතා විමුක්ක්ති පෙරමුණට ජන්දය දෙත්වා! (ම)
මමත් මේ ගමන දෙන්නේ ජේවීපී එකට (නි)