සෞදි අරාබියේ කම්කරු අමාත්‍යාංශය අනවසර විදේශිකයින් සඳහා වූ සමා කාලයට අදාළ තාවකාලික ගමන් බලපත‍්‍ර නිකුත් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇතැයි රියාද් තානාපති කාර්යාලය අමාත්‍ය උපදේශක අනුර මුතුමාල මහතා පවසයි.
රියාද් තානාපති කාර්යලයයේ දැනට ලියාපදිංචි වී ඇති කාන්තා හා පිරිමි ශ‍්‍රමිකයින් 300 කට පමණ තාවකාලික ගමන් බලපත‍්‍ර නිකුත් කර ඇත. ඉන් බොහෝ දෙනෙකුට ආගමන විගමන (ජවාසාන්) කාර්යාලය මගින් ලබා දෙන පිටවීමේ වීසා ද දී ඇත.
රියාද් කලාපයේ දැනටමත් ලියාපදිංචි වී ඇති හෝ නැති සියලූ දෙනාම තානාපති කාර්යාලයයේ රියාද් කාර්සාල පරිශ‍්‍රයට පැමිණ ගමන් බලපත‍්‍ර ලබා ගෙන මව් රටට යෑමට සූදානම් වෙන ලෙස ඔහු අවධාරණය කරයි.
ඒ අතර සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ දැනටමත් ලියාපදිංචි වී ඇති සියලූම ශ්‍රී ලාංකිකයින් මැයි මස 17 වැනිදින උදෑසන 8.00 සිට පස්වරු 5 දක්වා දම්මා තොබාර් අධිවේගී මාර්ගයේ පිහිටි ඇස්ටූන් රෝහලට යාබදව මීටර් 10 ක් ඉදිරිපිටින් පිහිටි යෝජිත ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් පරිශ‍්‍රයේ පැවැත්වෙන තානාපති විශේෂ ජංගම සේවාව වෙත පැමිණ නිලධාරින් ලබා දී ඇති රිසිට්පත ඉදිරිපත් කර තම ගමන් ලියැවිල්ල ලබා ගෙන දමාමි නයින්ට් වන් (91) පිහිටි ආගමන විගමන කාර්යාලය වෙත ගොස් සෞදි අරාබියෙන් පිටවීමට වීසා පත ලබා ගන්නා මෙන් දන්වා සිටී. එදින සිදුවනුයේ ලියාපදිංචිය පමණී කිසිවකුත් ශ්‍රී ලංකාවට එවීම සඳහා තානාපති කාර්යාලයට බාර නොගැනේ.
ජූලි මස 03 වැනි දිනට පෙර සෞදි අරාබියෙන් පිටව යා යුතු බැවින් ගුවන් ටිකට් පත ඉක්මනින් ලබා ගත යුතු බවද මුතුමාල මහතා අවධාරණය කරයි.
මෙම සමා කාලය මගින් මවු රටට පිටව යන සියලු දෙනා සඳහාම පැවැති නිත්‍යනුකූලව සෞදි අරාබියට පැමිණීමට කිසිදු බාධාවක් නැති බවද මුතුමාල මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞදියෙන් යවන පියවර අරඹයි
වරුණ Wednesday, 15 May 2013 12:21 PM
පිට ගිහිල්ල හම්බ කරපු වැඩි පඩි වලින් ලංකාවෙන් හරි ටිකට් එකක් ගෙන්නාගෙන ලංකාවට මාරු උනානම් ඇගට ගුණයි.(නදී)
ඉම්තියාස් Wednesday, 15 May 2013 12:54 PM
කරන්නේ වැරදි වැඩ. දැන් යන එකයි ඇත්තේ. (ස)
හරීන් Wednesday, 15 May 2013 01:26 PM
යන්නම හොඳ රටවල් (නි)
සදරුවන් Thursday, 16 May 2013 01:28 AM
නියම තීරණයක් අරගෙන තියෙන්නේ. අපේ උණුසුම් සුබ පැතුම්! (නි)
නිරාන් Wednesday, 15 May 2013 05:57 PM
අපිත් කාලා බීලා ඉන්න මේ රට නිකන් ගරහන්න එපා මේ විදිහට (නි)