IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සෞදියෙන් දැන් ඊ-වීසා

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට සෞදි අරාබිය ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අලූතින් හඳුන්වාදී දෙන ලද විද්‍යූත් ඊ වීසා ක‍්‍රමය පිළිබඳව සියලූම විදේශිකයින් දැනුවත් වියයුතු බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සෞදි අරාබියා කළමනාකාර ශිරාන් ඒ. පෙරේරා මහතා ප‍්‍රකාශ කරයි.

මෙතෙක් කලක් සෞදි අරාබියේ සිට නිවාඩු ලබාගැනීම පිණිස මව් රටට යාමේදී සෞදි ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් වීසා පිටපත අත්හිටුවා ඒ වෙනුවට (ඉලෙක්ට්‍රොනික් වීසා) ක‍්‍රමයක් හඳුන්වා දී ඇති අතර ඒ පිළිබඳව කිසිදු සටහනක් තම ගමන් බලපත‍්‍රයේ සටහන් නොවන බැවින් ඊ වීසා පිටපතක් තම ආයතනයෙන් ලබාගෙන තමා සන්තකයේ තබාගත යුතු බවද අවධාරණය කරයි. ඊ වීසා ලබාගැනීම සඳහා https://www.esevve.com.sq/vvswes  සෞදි රජයේ වෙබ් අඩවියට පිවිසිය යුතුය.

විශේෂයෙන්ම සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාව හරහා දකුණු ඉන්දියාව තෙක් ශ්‍රී ලන්කන් ගුවන් යානා මගින් පියාසර කරන සියළුම මගින් ඊ වීසා  ක‍්‍රමය පිළිබඳව දැනුවත් කිරීම සඳහා රියාද්, දමාම් සහ ජෙඩා පිහිටි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් විශේෂ අවධානයක් යොමු කර ඇති අතර කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පර්යන්තයේ විශේෂ නිලධාරීන් පත්කර ඇති බවද ඒ මහතා පවසයි.

ඊ විසා  ක‍්‍රමය පිළිබඳව මගීන් දැනුවත් කිරීම පිනිස දැනටමත් සෞදි අරාබියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අනුබද්ධිත සියලූම නියෝජිත ආයතන වෙත ද උපදෙස් දී ඇති බවද පවසයි.

මෙම ඊ වීසා ඊ වීසා පිටපතක් තම සන්තකයේ තබා ගැනීමෙන් අනෙකුත් ගුවන් තොටුපළවල් හරහා මවුබිමට ගමන් කිරීම හෝ පැමිණීමේදී අදාල ගුවන්තොටුපලවල නිලධාරීන් අපහසුතාවයට පත් කිරීමද වැළැක්වීම මෙන්ම ගුවන් මගියාගේ පහසුවද මෙමගින් ඇති වන බවද කියවේ.

ඉහත සඳහන් කරුණු පිළිපදින ලෙස සියලූම ශ්‍රී ලාංකික ප‍්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සෞදි අරාබියානු කළමනාකාර ශිරාන් පෙරේරා මහතා පවසයි.



අදහස් (0)

සෞදියෙන් දැන් ඊ-වීසා

දිනේෂ් Tuesday, 29 October 2013 04:11 PM

බලමුකෝ ඒකත් කරලා. (ස)

:       1       1

ආරියසේන Tuesday, 29 October 2013 04:55 PM

ඊ විසා පටන්ගත්තේ නම් මීට වසර තුන හතරකට ප්‍රථම. ශ්‍රමිකයන්ට අලුතින් දන්වන්න දෙයක් නැත.(දිල්)

:       0       0

නිමල් Wednesday, 30 October 2013 11:52 AM

මමත් ලංකාවට ආවේ ඔය ක්‍රමයට. ඒත් යන්න ටිකට් එක හදාගන්න ගියාම මට කියපි සෞදි තානාපති කාර්යාලට ගිහින් විස කොපිය සහතික කරගෙන එන්න කියලයි. (ස)

:       0       0

මේනකා සෞදි අරාබිය Tuesday, 29 October 2013 03:29 PM

අනේ මන්දා, හැමදාමත් මොකක් හරි එකක්. (ස)

:       0       0

ආරියසේන Wednesday, 30 October 2013 09:24 AM

ඊ විසා පටන් අරගෙන නම් දැන් වසර හතරකටත්, පහකට වැඩියි. මිනිස්සු දැනුවත් වෙලා හුගක් කල්. ඕක ගුවන් සේවයට නම් අලුත් දෙයක් වෙන්න පුළුවන්.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site