වර්තමානයේ සෞදි අරාබියේ විවිධ ප්‍රදේශයන්හි ඇසතු නොහොත් බෝධී වෘක්ෂ රෝපණය කැරෙයි.
මාර්ග අලංකාර කිරීම අරමුණයි.
සෞදි අරාබියේ විවිධ මාර්ග හා අනිකුත් ස්ථාන අලංකාර කිරීමට බෝරුක නොහොත් ඇසල වෘක්ෂය යොදා ගැනීම කාගේත් සිත් නිවා ගැනීමට සිසිල ගෙන දෙනු ඇතැයි අප සිතන්නෙමු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හිටවන්නේ පදික වේදිකා වල තැනින් තැන.මුල් ගිහිල්ල එක පුපුරලා යද්දී බලමු වැඩේ. තාම සෞදියෝ මේක දන්නේ නැ. මෝඩ උපදේසක මහත්වරු නිර්දේශ කරලා පිටරට වලින් ගේනවා. ඒක බිස්නස් එකක්. අරලිය අතුත් ටොන් ගණන් තියෙන්නේ.(නදී)
මෝඩයෝ තමයි ගස් ගල් වලට වඳන්නේ. බුදුහාමුදුරුවෝ කවදාවත් කියලා නැහැ එතුමාට වඳින්න කියලා. මේ මෝඩ යක්කු එතුමාවත් කනවා. (ස)
සුමනා මොන උදාර චේතනාවක්ද ? බුදු හාමුදුරුවෝ කියපු විදියට කවුරුවත් ලංකාවේ ජීවත් වෙන්නේ නැහැ. නමුත් මේ මෝඩ වැඩ වලට නම් උදාර චේතනා කියන්න සුමනා වගේ අය නම් ඉන්නවා. (ස)
සමීර, බුදුදහම ප්‍රයෝගික නම් ඇයි මෙතරම් නරුම දේවල් ලංකාවේ වෙන්නේත චුට්ටක් කියන්න පුලුවන්ද? ඒ වගේම ඔය කියන අසිපත් කුරුස කතාව නම් බොරු හොඳේ. දෙවියන්ට හැරෙන්න අන් දේවල් වලට වන්දනාමාන කරන්න ඇයි මෙච්චර ආස? (ස)
ෆස්රුල්, ඔයාලගේ අය මත්පැන් කොච්චර බොනවද බලන්න සිකුරාදාට එන්න පෙන්නන්න. මමත් ඉන්නේ කටාර් වල.. (නදී)
අපේ ලංකාවේ අයට වඩා මෙහේ අය ගහ කොළට ගොඩක් ආදරෙයි. අති විශාල මුදලක් මේ රටේ අලංකරණ වැඩ සඳහා වැය කරනවා. ඔය බොරු විකාර දොඩවන අය දෙයක් දිහා සුභවාදීව බලන්නත් පුරුදු වෙන්න. ගහ කොළ කියන්නේ ආගමකට, ජාතියකට,සිමා වූ දෙයක් නෙමෙයි. (නි)
සමහරක් අය පළකරන දේවල් වලින් අපෙත් ලේ කුපිත වෙන එකයි වෙන්නේ. (නි)
මොහමඩ්, ඔයා තාම පොඩි ළමයෙක් මල්ලි, බුදු දහම අදහන අපි කාලගුණ, එක ගොඩක් අගේ කරනවා. බෝ රුක බුදුහාමුදුරුවන් බුදුවන්නට පෙරුම් පිරු කල සෙවන දුන් ගස. අපි එයට අපේ භක්තිය ගෞරවය දෙන්නේ ඒ නිසි. තේරුම් ගන්න අපේ ධර්මය ස්වභාව දහමටවත් හිරිහැරයක් කරන්නේ නෑ. අනුන්ගේ දෙයක් හරි හෝ වැරදී කියල හිතන්නට පෙර එය හරි හැටි අධ්‍යයනය කරන්න. ඒත් මට පොඩි දුකක් ඇත. ඔයාලට මුම් සිහිනයෙන් ගැලවෙන තුරු කිසි දෙයක් වැටහෙන්නේ නැහැ. මේ විශ්වයේ සියල්ල සිදුවන්නේ ගෝලකාරවය. මිනිහෙක් විදිහට හිතන්න මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න. හැකි නම් එක මසයක් නොකා නොබී දෙවියන්ට කන්නලව් කරන්න මේ ලෝකේ තියන ප්‍රශ්න විසඳා දෙන්න කියලා. නැහැ , ඔයා මැරිලා යනවා මල්ලි. ඔයාගේ පවුලේ අය හිතයි ඒක දෙවියන්ගේ කැමැත්ත කියලා. ඔබට තෙරුවන් සරණයි. (ස)
බුදු හාමුදුරුවෝ වදාලේ තමන් වහන්සේ උගන්නපු ධර්මයේ හැසිරෙන්න /පිළිපදින්න විතරයිනේ.ඒක ප්‍රචාරය කරන්න නෙමෙයි (නි)
අනේ මේක මෝඩ වැඩක් කියලා දැන ගත්තාම හෙට වෙනකොට බෝගස් වලට මොනවා වෙයිද දන්නැහැ (නදී)
අපේ ගෙදර පිටිපස්සෙ තාප්පෙ අයිනෙ ඉබේම බෝ පැලයක් පැළවුනා. කවදාහරි ඒකෙන් තාප්පයට හානියක් වෙන්න පුළුවන් වුනත් හෙවන දෙන නිසා වැඩෙන්න ඉඩ හැරියා. බුදු පිළිමයක් තියාගත්තා නම් කුස්සියෙ ඉඳගෙනම වඳින්න පුළුවන්. (නි)
සමහර රටවල්වල අය පූජනියව සැලකුවට අරාබිකරයේත් තවත් නොයෙක් රටවලත් මාර්ග අලංකරණය පිණිස බෝගස වවනවා. මේ ගස උද්භිත විද්‍යා නාමය "ෆ්ය්කස් රේලිජෝසා " කුලය " ෆ්ය්කස්" ප්‍රධාන රට " මැඩගස්කරය“ බුන්වහන්සේට අදාලව තමයි බෝ කියන නම භාවිත කරන්නේ. ලංකාවේ නම ඇසතු. (ස)
අනුර, ලාල් ගේ සංකල්පය නිවැරදි නිසා තමයි රාවණා රජුරුවෝ ලෝකයේ කොතැන හිටියත් එක සේ පෙනෙන සූර්යාට වඳින්න ලෝකයාට කියල දුන්නේ. ගස් හැදෙන්නේත් සූර්ය ශක්තියෙන් වගේම පොළොවේ පස්, ගල් හැදුනෙත් සුපර්නෝවාවක් ලෙස පිපිරී ගිය පළමු සූර්යාගෙන්. රාක්ෂ හෙළ සූර්ය වංශය හෙවත් 'රාවන්' නියෝජනය කරන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලය බිහිවීමට මුල්වූ පළමු සූර්යයාවයි. (ස)
බොහෝ අරාබි රටවල පොඩි පන්සල් හදාගෙන, ඒවායේ බෝගසුත් හදාගෙන ලංකාවේ අය වඳිනවා, ඒ උනාට කිසිම ආධ්‍යාත්මික ගුණවගාවක් නම් නෑ. එයාල හොඳට බොනවා, බොහෝ ස්ත්‍රීන් අනාචාරයේ හැසිරෙනවා. ඩුබායි බහරේන් කුවෙට්, ගන්නම දෙයක් නෑ. (නදී)
අනේ රිෂාර්ඩ්, එන්නකෝ සංවාදයට. අපි ප්‍රශ්නේ කටින් ඇහුවොත් අතින්නේ ඔයාලා උත්තරය දෙන්නේ. (නි)
අනුර, ලාල් ගේ සංකල්පය නිවැරදි නිසා තමයි රාවණා රජුරුවෝ ලෝකයේ කොතැන හිටියත් එකසේ පෙනෙන සූර්යාට වඳින්න ලෝකයාට කියලා දුන්නේ. ගස් හැදෙන්නේත් සූර්ය ශක්තියෙන් වගේම පොළොවේ පස්, ගල් හැදුනෙත් සුපර්නෝවාවක් ලෙස පිපිරීගිය පළමු සූර්යාගෙන්. රාක්ෂ හෙළ සූර්ය වංශය හෙවත් 'රාවන්' නියෝජනය කරන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලය බිහිවීමට මුල්වූ පළමු සූර්යයාවයි. (නි)
ඇසතු ගස බෝ ගසක් උනේ බුදුන් වහන්සේ බුදු බව ලබන්නට පිට දී වදාළ නිසා . තවත් බුදුවරු 28 දෙනෙක් නුග , උණ, පලොල් ආදී ගස් 28 ක් යට බුදු බව ලබා එම ගස් වලටත් බෝධි නාමය ලබා දුන්නා. බෞද්ධ භාවය තියෙන්නේ මනසේ හා බුද්ධියේ. බුදුදහමට සම්බන්ධ අනෙකුත් සලකුණු ඇඳුම් වලට යොදා අඳින බටහිර කාලකන්නි චින්තනයට වඩා සෞදියේ බෝ ගස සිටවීම ගැන සෞදියේ සිටින බෞද්ධයන් සතුටු වෙන්න. මෙම උතුම් ගස ඔබට සහනය දෙන මානසික සිසිලක් ගෙන දේවි. (ස)
සමහර අය හිතාගෙන ඉන්නේ බෝ ගස සිංහල ගසක් කියලා. ඒවගේම රට ඉඳි ගස මුස්ලිම් ගහක් කියලා. එදා සිද්දාර්ථ කුමාරයා අරාබියේ ඉපදුනානම් අද අපේ උන්දැලා වදින්නේ රට ඉඳි ගහට.(නදී)
නිසාර් , ගොඩක් දෙනෙක් ඔබට පිළිතුරු දී තිබෙනවා. බුදුරජාණන් වහන්සේට අව්වෙන්, වැස්සෙන් ආරක්‍ෂා වීමට බෝධිය උපකාර වුනා. උන්වහන්සේ දින හතක් අනිමිසලෝචන පුජාවක් කළා. කෘතගුණ සැළකීමක් හැටියට. අපට ඉගැන්නුවේ උදව්වක් කළොත් අමතක කර කටයුතු කිරීමට නොවෙයි. එනිසා බෝධියට ගෞරව කරනවා. (නි)
සෞදියේ බෞද්ධ ආගම පැතිරෙන්න ළග වගේ. (නි)
ගසක් හිටවනවට හිනහ වෙන්න එපා . මේ මිහිතලයේ කොතන ගසක් හිටෙව්වත් අපි ආඩම්බර වෙන්න ඕනා.(නදී)
සෞදියේදී බෝගසට වන්දනාමාන කරන්නට නම් යන්නට එපා. (නි)
නිසාර්, බෝධි සහ පිළිම වන්දනාව ගැන කතා කරන්න මෙහි ඉඩ හරසර හොඳටෝම මදි. ඒ නිසා අපි ඒ ගැන කතා නොකර ඉමු. ඒක කාටත් හොඳයි. (නි)
සෞදි අරාබියේ බෝ ගස් ,නා ගස් වවන්න විද්‍යාත්මක සාධක හැරෙන්න වෙන කිසිම හේතුවක් නැහැ. මේ ගැන තර්ක විතර්ක කිරීම නිෂ්පල ක්‍රියාවක්. නමුත් බෝ රුක්‍ෂය බුදු දහම හා සම්බන්ධ බව සාධක වශයෙන් දැන ගැනීමට ලැබුනහොත් අනිවාර්යයෙන්ම ඉවත් කිරීමක් සිදුවේවි. ඒ හැර කිසිදු අතුරු ප්‍රතිපලයක් නොමැති බව කිව යුතුමය සාදු.සාදු .සාදු කියමින් අපි නිහඩ වෙමු . (නි)
මෙයාලා දන්නේ නැතුව ඇති බෝ ගස් කියන්නේ බෞද්ධයින්ගේ පුජනීය ගහක් කියලා. දැනගත්තු දවසට එක ගහක්වත් ඉතිරි කරන එකක් නැහැ. ගොඩක් අරාබි රටවල බුදු පිළිමයක් ළඟ තබා ගැනීමත් වරදක්. (නි)
නිසර් ,කවුද එතකොට මේක බෞද්ධ ආගමට සම්බන්ධයක් තිබෙනවා කිව්වේ? බෞද්ධයෝ ගස් ගල් යදින්නේ නැහැ, දේව ආගම නෙමෙයි බුද්ධාගම. ඒකේ හරය නොදන්නා අය තමයි කියන්නේ වදින්න යන්න එපා කියලා,ඇයි කියලා හොයලා බලන්න කාගෙන් හරි දන්නා කෙනෙක්ගෙන් අහලා (නි)
නිරන්ජන්, ඔයා හරි. ලෝකයේ හැම රටකම අපරාධ සිදුවෙනවා. ලංකාවෙත් එහෙමයි. ලංකාවේ අපරාධ සිදුවෙනවා කියලා කවුරුත් තමන්ගේ ආගම හැර යන්න කැමතිද? එහෙම නැත්නම් ආගමට අනුන් අපහාස කරනවාට කැමතිද? නැහැ නේද? ඒ වගේ තමා මුස්ලිම් රටවල් වල ප්‍රශ්න තිබෙන්න පුළුවන්. එහෙම කියලා අනුන් අපේ ආගමට අපහාස කරනකොට අපිත් නිකන් ඉන්නේ නැහැ. (නි)
නිසාර්, ටිකක් මෝඩපහේ මිනිස්සුත් ඉන්නවා ලංකාවේ. (නි)
කෙනෙක් බුද්ධිමත්ව ආගමික ප්‍රශ්න දෙස බැලීම ඉස්ලාම් ආගමේ හැටියට තහනම් දෙයක් කියා ඉස්ලාම් උගන්වන ඉන්දියානු මුස්ලිම් ගුරුවරයෙක් මා සමඟ දවසක් ප්‍රකාශ කළා.එනිසා එහෙම අයත් සමඟ ආගම ගැන කතා බහ කරනවට වඩා හොඳයි කට ගලක ඇන ගැනීම. (නි)
රවී මහත්මය -මට කරුණාකරලා ඔබ තේරුම් කරලා දෙන්න බුදුන්වහන්සේට ඔබලා වන්දනාමාන නොකරනවානම්? කුමක්ද ඔබේ විශ්වාසය? බුදුන් වහන්සේ දෙවි කෙනෙක්ද නැත්ද? ඔබලා "බුදු සරණය් දෙවි පිහිටයි කියල කියන්නේ කුමන පදනම් මතද? ඒ සදහන් කරන දෙවියන් කවුද? ඔබලා බුදුන් වදින්නේ නැත්නම් අදහන ධර්මය කුමක්ද? මම පැහැදිලිව කියල තිබෙන්නේ මුහම්මත් නබි තුමන් අවසන් දේව දූතයන් කියල. එතකොට අල්-කුරානය මුලින්ම පාරායනය කලෙත් උතුම් නබි තුමන්. "ඉක්රඃ බිස්මි රබ්බිකල් හලක්" කියන සූරාව. නබිතුමන්ගේ කාලයීදී තම අල්-කුරානය පහල වෙන්නේ. ඊට පෙර හිටපු නබි වරුන්ට අල්-කුරාන පහල වුනේ නැහැ. ඔයාල කියන ආකාරයට බුදුන්වහන්සේගේ පාද සටහන් සෞදි අරාබියාවේ තිබෙනවානම්? ඉස්ලාම් ධර්මයටත් බුදුන්වහන්සේටත් යම් සම්බන්ධයක් තිබෙන්න පුළුවන් (මගේ මතය) ඉස්ලාම් ධර්මය ආරම්භය අරාබි දේශයේ සිදුවන්නේ ඒ නිසා තම අල්-කුරානය අරාබි අකුරින් ලියවුනේ. මේක ඉතාමත් කදිම ශාක්ෂියක්. පන්සිල් පද සියල්ල දන්නවා එහි තේරුමත් දන්නවා. ඔබ සදහන් කල ඝාථාව ලියල යවන්න තේරුම සොයා බල්ලනම්. ස්තුති...(නදී)...
පේනවා නේද අන්තිමට සෞදියට සෙවණ දෙන්න බෝගස පැමිණි හැටි? (නි)
ලෝකෙම බිස්නස් කියලා හිතන අය කොහොමද චේතනාව ගැන දන්නේ? නිසාර්, ඔබට ඇති දැනුම ඉතා පොඩි ළමයෙක්ටත් වඩා අඩුය. (නි)
නිසාර්, අපිට ඒ දෙකම ගස්. බෝ ගස විශේෂ බුදුවෙන්න උදවු වුණ නිසා. ඒකට වැදුම් පිදුම් කරන්නේ බුදු හාමුදුරුවන්ට කරනවා කියලා හිතාගෙන මිසක් නිකන් ගහකට කියලා හිතාගෙන නෙමෙයි. සිද්ධාර්ථ කුමාරයා අරාබියේ ඉපදුණා කියලා රට ඉඳි ගස් වලට වදින්නේ මොකටද? එහෙනම් ඉන්දියාවේ තියෙන ගස් ඔක්කොටම සිංහල මිනිස්සු වදින්න එපැයි. අරාබියේ ඉපදිලා බෝ ගහ යට බුදුවුනා නම් අපි බෝ ගහට වදිනවා. (නි)
සෞදි වල විතරක් නෙමෙයි, එමිරේට්ස් රාජ්‍යයේත් හොදට වැවිලා තියෙනවා. (නි)
මොනවා වුණත් ඉස්ලාම් ආගම තමා සත්‍ය. මොකද මෙතන දෙවියන් නැහැ කියන උදවිය හුඟාක් පැටලුමක ඉන්න බවයි පෙනෙන්නේ.අනික බුදුහාමුදුරුවෝ කිව්වද ගස් ගල්වලට වඳින්න කියලා (නි)
නිසාර් , අද තමයි මම ඇසුවේ සිංහල ගස් මුස්ලිම් ගස් තිබෙනවා කියලා. ගොඩක් දෙනෙක් ඔබට පිළිතුරු දී තිබෙනවා. (නි)!
අයියෝ! වෙන දෙයක් නැද්ද කතා කරන්න ? (නි)
ශ්‍රීමහා බෝධියෙ අංකුරයකින් හෝ ශ්‍රී මහා බෝධියේ අංකුරයන් නැවත නැවත රෝපණය කිරීමෙන් පැවතෙන ගසක් නම් විතරයි ඒ ගහ බෝ ගහක් වෙන්නෙ නැත්තම් ඒක බෝ ගහක් වෙන්නේ නෑ. ඒක සාමාන්‍ය ඇසතු ගහක් විතරයි. අපේ ගෙවල් උඩ කොන්ක්‍රීට් වලටත් පැල වෙනවා. කාක්කො ගෙනත් දාන ඇට වලින් පැලවෙන ඇසතු ගස්. ඒවා බෝ ගහසක් ලෙස සලකන්නෙ නෑ. (ස)
සෞදියේ පාලකයෝ සමහරවිට දන්නේ නැතුව ඇති බෝගස බුදුදහමත් සමග සම්බන්ධයක් තියෙන ගහක් කියලා. දැනගත්ත දාට කුමකින් කුමක් වේද? (නි)
සොයන්නාට සම්බ වේ වගේම තට්ටු කරන්නාට දොර ඇරෙයි (නි)
බෝ ගස් ඔය හැම අරාබි රටකම තියෙනවා. හැබැයි සෞදියේ තියෙන බෝගස් වලට වදින්න, පිළිම තියන්න යන්න ගියොත් නම් ප්‍රවේශම් වෙන්න වෙයි. සිංහල මිනිස්සු නම් ගස් වලට ජාතියක් ගාවා ගත්තබවක් මම අහලා නැහැ.නිසාර්ලා රට ඉඳි මුස්ලිම් ගස් නෙමෙයි කිව්වට කාත්තන්කුඩි නගරයේ රට ඉඳි ගස් පාර මැද්දේ හිටෙව්වේ කව්ද දන්නවද? (නි)
බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත්වීමට සෙවන දුන්න බෝධියට කෘතගුණ සැළකීමක් විදියටයි එයට වැඳුම් පිඳුම් කරන්නේ. එයත් වෘක්ෂයක්. (නි)
අදහස් ලියන සිංහල හෝ මුස්ලිම් කවුරුත් ජාතින් අතර ප්‍රශ්න වෙන විදියට අදහස් ලියන්න එපා.අපි සියලු දෙනා සාමයෙන් ජිවත් වෙමු. (නි)
අනාධිමත් කාලයක සිටම ලෝකයේ විවිධ රටවලට සංක්‍රමණය වී ආගමත්, ශිෂ්ඨාචාරයත්, සංස්කෘතියත් ලොව පුරා පැතිරුවේ ලාංකිකයින්. එසේ මව්බිම හැරදා ලෝකයේ අනෙක් පස පිහිටි මායා ශිෂ්ඨාචාරය දක්වා විහිදුණු ලක් සංස්කෘතිය එකට බැඳුණේ එකම සූර්ය වන්දනාවෙන්. ඔබ අදත් ලෝකයේ කොතැනක හෝ තනිවී සිටිනවා නම් රාවණා සිහිකර හිරු නමදින්න. ඇසට පෙනෙන යමක් වැඳීම ප්‍රතික්ෂේප කරන්නේ නම් එවැනි අය හිරුට පිටු නොපා ඔබ අදහන සර්වබලධාරී දෙවියන් නමදින්න. මේ ක්‍රම දෙකෙන්ම ඔබට සෙතක්, ශාන්තියක්, නිවීමක් හා සැනසීමක් ලැබේවි. (ස)
සුමනා මහත්මිය,අපගේ විචාර බුද්ධිය අපට කියනු ඇත්තේ කුමක්ද?දෙවන ප්‍රශ්ණය හේතුඵල වාදයයි.මෙම විශ්වයේ දකින සියුම් ක්‍රියාකාරීත්වය අප පුදුමයට පත්කරවන සුලුය.තෝරාබේරා රාජකාරි සදහා පත්කරනු ලබන පුද්ගලයින් අතින්ද වැරදි සිදුවී යාන වාහන අනතුරු ලොව දිනපතාම සෑම තත්පරයකටම සිදුවෙමින් පවතී.සුමනා සහෝදරිය, මේ විශ්වය ගත්කල මෙම පෘථිවිය මහමෙර හා සසදනු ලැබු දුවිලි කැටයකටවත් සමාන නොවේ. නමුත් විශ්වයේ පවතින ක්‍රියාකාරකම් කිසිදු ඝටිටනයකින් තොරව වසර බිලියන ගණනාවක් කෙරෙමින් තිබේ. තවදුරටත් එය එසේම පවතින බවට පසුගිය වාර්ථා අපට සහතිකයක් මෙනි. එසේනම් සුමනා,මෙය කෘතහස්තව පාලනය කරන්නට අසීමිත බලයක් අවශ්‍ය නැත්තේද? (නි)
අල්ලාහ් ගේ ශක්තීන් ගැන තර්ක කිරීමට ප්‍රථම ඔහුගේ සෑම මැවීමකම ශක්තීන් ගැන පුළුල් ලෙස හැදෑරිය යුතුය. ඔහු මේ විශ්වය පමණක් නොව ස්වර්ගයන්ද නිරයද මවා මනා ලෙස පරිපාලනය කරන්නා ඔහුය. ඔහුගේ මැවීම් පසුපස ගොස් උදව්, උපකාර, විමුක්තිය සොයා යන ඔහුගේ ශ්‍රේෂ්ටතම මැවීම වන මිනිසා අද වැරදි මග ගමන් කරමින් සිටි... (ස)
මේ බෝ ගස වල කොළ ලොකුයි. වැඩිය උස යන්නෙ නැහැ. හැබැයි ඉතින් හැමදාම 'බෝ මුල් බෝ අතු මට පෑගෙනවා' තමයි (නි)
පිටිගල මිලානෝ, අරාබියේ ඉන්නේ මිලේච්ඡ මිනිස්සු නම් ඉතාලියේ ඉන්නේ තෙලිජ්ජ මිනිස්සුද??? (නි)
මුස්ලිම් ගොඩක් අය බුදු දහම දන්නේ නේ...එයලා දන්නා ටික වුනත් වැරදී විදියට තමා අර්ථය තේරුම් ගන්නේ.සමහරවිට බුදුදහම ගැන අහන්නේ ධර්මය දන්නේ කෙනෙක්ගෙන්.බුදුදහම ඉගෙන ගත්තා නම් ඔයාලට තේරෙයි ඔයාලට වැරදුනේ කොතනද කියලා..... (ස)
මේ ම්ලේච්ඡ රටේ ම්ලේච්ඡ මිනිස්සු කරන පව් වහගන්න බෝ ගස් හිටවනවා ඇති. (නි)
අර්ෂා - අල්ලාහ් ගේ ශ්‍රේෂ්ටතම මැවීම වන මිනිසා අද වැරදි මඟ ගමන් කරමින් සිටි නම්, ඔහුට ඇයි මිනිසාව හරි මඟට ගන්න බැරි .... (ස)
මට පෙනෙන්නේ සුමනට මොනවාහරි පෑගිලා වාගෙයි. (නි)
තුෂාන්ත, බුදු හාමුදුරුවෝ වදාල ධර්මය හසුකර ගන්නේ ප්‍රඥා වන්තයා පමණි. ධර්මය ඉගෙන ගෙන ධර්මයේ හැසිරෙනවා වගේම ධර්මය ප්‍රචාරය කල යුතුය. මොකද සම් බුදුරජාණන් වහන්සේ අපමණ සසර වීර්ය කර අවබෝධ කරගත් සත්‍ය සියලු සතුන්ගේ හිත සුව පිණිස ප්‍රචාරය කල යුතුය. “ඒහි පස්සික ගුණය“ ඇත විමසා බලා ඔවුන් අවබෝධ කර ගැනීමට. සංඝ රත්නයට වඳින සුපටිපන්න ගාථාවේ සමිච්චිපටිපන්න ගුණය මෙයයි. (ස)
සෞදියේ හිටවන බෝ ගස් වලට මොන නමකින්ද හදුන්වන්නේ? (නි)
සමහර අයගේ සරදම් අදහස් ගැන කණගාටුයි.බැරි වෙලාවත් යමෙක් මෙහි සඳහන් කළොත් අපි වඳින්නේ කාපට් එකකට කියලා මොකද කරන්නේ.අපිත් දකින දකින කාපට් එකට වඳින්නේ නැහැනේ. අපි නමදින්නේ දෙවියන්ට පමණයි නේ. (නි)
හලාල් බෝගසක්.ලොල් (ස)
තව වැඩක් ඒ ගමන... (නි)
තව අවුරුදු පනහක පමණ කාලයක් යනවිට බෝ ගස, බුදු ගුණ තාත්වික විදිහට ලොව පුරා පැතිරී දේව ආගම ටිකක් යටට යනවා. නැතිවෙන්නෙම නැහැ. තව අවුරුද විස්සක් විතර යද්දී අරාබියේ උපදින දරුවෝ මේවා ගැන මෙයට වැඩිය උන්නදු වෙනවා. ඒ කාලේ එයාල විශ්වාස කළ ආගම් වල තිබුන දඩුවම් පලිගැනීම වලට වඩා වෙනස් දෙයකට ඒ ගොල්ලෝ යොමු වෙනවා (නි)
හි අර්ෂා, අල්ලා සියල්ල නිවැරදිව මැව්වා නම් ඇයි මේ දුෂ්ට මනුස්සයන් මැව්වේ. තත්වෙන් බාල..... (ස)
සෞදි අරාබියාවේ බෝ ගස් හිටෙව්වා කියලා ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා.ඒ මිනිස්සු ඒකෙන් අදහස් කරලා තියෙන්නේ හෙවන ලබා ගැනීම, ලස්සන හා කොළපාටින් පිරුන පරිසරයක් ලබා ගැනීම වගේ හරිම සරල දේවල් ටිකක්. (නි)
රවී - ඔබට වැරදි අවබෝධයක් ඇතිවෙලා තිබෙන්නේ. කාබා එක කියන්නේ අපි වැඳුම් පිදුම් කරන ස්ථානයක් නොවේ. ලෝකේ ඉනා මුස්ලිම් ජනතාව අල්ලාහ් දෙවියන්ට වඳින අවස්ථාවන්හි එකම දිශාවක හැරී නමදුම් කලයුතු නිසා ඒ සඳහා (නබි ඉබ්‍රාහිම් අ. ව) කාලේ ඉදිකරපු පූජනීය ස්ථානයක්. (ඉතා කෙටියෙන් විස්තර කරමි) ඒ නිසා තමා අද ලෝකේ සෑම රටකම ජීවත් වන මුස්ලිම් මිනිසුන් කආබා දිශාවට හැරී නමදුම් කරන්නේ. ලංකාවේ තිබෙන පල්ලි වල ඉදිරිපස මක්කමේ පිහිටි කආබා දෙසට තමා ස්ථාන ගත කර තිබෙන්නේ. බුදු දහම ගැන කතා කලොත් අපේ විශ්වාස අනුව දෙවියන් වහන්සේ විසින් මිනිසා යහ මග යැවීම සඳහා දේව දූතයන් විටින් විට පහල කළා ඔවුන් ජනතාව යහමග ගැනීම සඳහා දේශනා කටයුතුවල නිරත වුනා. ඉස්ලාම් ධර්මයේ සඳහන් පරිදි 125,000 දේව දූතයන් එක එක කාල සීමාවන් තුල මෙසේ පහල වුනා. අවසන් දූතයන් වශයෙන් මුහම්මද් නබි තුමාණන් පහල වුනේ. (ඊසා නබි තුමන්) ජේසුස් වහන්සේ ද ඇතුළුව. ඒ දේව දූතයන් අතරේ කකුසද, කෝනාගම, කාශ්‍යප හා ගෞතම බුදුන් වහසේලත් සිටිය හැකිය කියලා අපි විශ්වාස කරනවා. මොකද බුදුන් වහන්සේ කොතනකවත් කියලා නැහැ උන්වහන්සේට වන්දනා මාන කරන්න කියලා. (ස)
ඔබතුමන්ලා කවදාහරි හිතුවද මේ ගස්, මේ ලෝකේ, මිනිස්සු, හා අනිකුත් දේවල් මැව්වේ කව්ද කියලා?? ඇයි මේවා මවපු එක්කෙනාව වදින්නේ නැතුව, මිනිස්සුන්ව වදින්නේ? (නි)
වැඩේ හරිම භයංකාරයි. අපි ගරු කරන පුජනිය බෝ රුක අරාබියේ රෝපණය කිරීමෙන් එම රුක්‍ෂයට අගෞරවයක් වීම අනිවාර්යෙන්ම විය හැකියි. මේ පිළිබඳව මීට වඩා විමසිලිමත් විය යුතුය (නි)
ඇෆ්ඝනිස්තාන් රටේ බුදු පිළිම වලට වෙච්ච දේ මතකද? (නි)
විරාජ් කාලිංග, ඔයාට මුල ඉඳලම බුද්ධාගම ඉගෙන ගන්න වෙනවා, ඔයාලගේ බුදුහාමුදුරුවෝ තමයි මුලින්ම බෝගහට ගෞරව කරලා අන් අයට ආදර්ශය දුන්නේ. බුද්ධාගමේ තමයි ගස් ගල් පිළිම කඳු ඔක්කොම නමස්කාර කරන්නේ. ඔයාලා දන්නා දේව ආගම් වල 33 කෝටියක් දෙවිවරු ඉන්නවනේ, නමුත් සර්වබලධාරී දෙවියන් ඉන්නේ එක්කෙනයි. අපිට තියෙන්නේ ඔහු සමග පුද්ගලික සම්ම්බන්ධතාවයක් පමණයි. ඒකයි ජේසු තුමා අප තුල ජීවමානව ඔහුගේ ඇත්මයෙන් වැඩසිටිනවා කියන්නේ. (නි)
බෝගස යට මොනවා කරන්න වගේද සුදානම? (නි)
මේ විශ්වයේ හැමදේම නිසි ලෙස ස්ථාපිත කර තිබෙනවා වගේම ජීවය ඇතුලත්ව ඒ හැමදේමත් හැමවිටම හරි මගට ගන්නවා. ඒ නිසයි 'ප්‍රඥා ප්‍රතිෂ්ටිතම් ප්‍රඥා නේත්‍රම්' ලෙස සඳහන් වෙන්නේ. විද්‍යාත්මකව පරිණාමය යනු එයයි. නමුත් ව්යවහාරික ඇසට පෙනෙන විශ්වය, ත්‍රිමාණ සැකිල්ලක බැඳුණු කාලය, විඥානය හා විශ්වීය භෞතික නියම සහ ධර්මතා නැමති ත්‍රිකෝණීය ආනත තලයක, භෞතික වශයෙන් බැඳී පවතින බැවින් මිත්‍යා දෘෂ්ඨිකයන්ට එය එසේ සිදුවන බව එකවර වැටහෙන්නේ නැහැ. (ස)
බුදු හාමුදුරුවෝ ගස්, ගල්, පිළිම වලට වදින්න කියලා නැහැ . ජේසු තුමා. ඔහුගේ පිළිම වලට වදින කියලා නැහැ . අල්ලාහ් . සෞදියේ තියෙන -කළු පෙට්ටියට වදින්න කියලත් නැහැ. මුස්ලිම් ගොඩක් අය බුදු දහම දන්නේ නැහැ . ඒක ඇත්ත. ඔවුන්ට වෙන ආගමක් ඇදෙහීම හෝ ඉගෙන ගැනීම බර පතල සමාව නොදෙන වරදකි. (ස)
නොපෙනෙන දෙවියන්ට වදිනවට වැඩිය පෙනෙන ගහකට ගලකට වදින එක හොදයි මට නම් (නි)
මොහමඩ් ,මේ ගස් මේ ලෝකයේ කව්රුවත් මැව්වේ කියල අපි පිළිගන්නේ නැහැ.අපි බුදුරජාණන් වහන්සේට වදින්නේ විශේෂ ගුණයෙන් පිරුණු නිසා..ඒ තමයි උන්වහන්සේ තුල ලෝභ ද්වේශ මෝහ සහමුලින් නැතිකර දමපු ගුණය. මිනිසෙක් පිරිසුදු වෙන්නේ ඒ කිලිටි නැතිකළාට පස්සේ විතරයි. (නි)
ගස කියන්නේ මිනිසාගේ වටිනාම සම්පතක්. නියත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ බෝ ගස යට (භාවනා) කටයුතුවල නිරත වන අවස්ථාවන්හි මෙම වෘක්ෂය සෙවන දුන් බව අපි සියලු දෙනාම දනිමු. දැන් මැදපෙරදිග ශීත සෘතුව ආරම්භ වන්නේ. ඉතින් බොහෝ මල් පැලෑටි සහ ගස් වර්ග වලින් පරිසරය සුන්දරව තබා ගන්න මේ අය උත්සාහ ගන්නවා. මේක කිසිම අයුරින් කාටත් බලපාන්නේ නැහැ. බොහෝවිට මේ අය බෝ ගස බුද්ධ ධර්මය හා තිබෙන සම්බන්ධය නොදන්නවා විය හැක. එසේ දැනගත්තත් මේ බෝ ගස් කපා ඉවත් කරන්නේද නැත. මොකද ගස් වවන්න සහ ඒවා නඩත්තු කරන්න මේ අය බොහෝ මුදල් වියදම් කරනවා. නඩත්තු කටයුතු වලට වෙනම කම්කරුවන් ඉන්නවා. (නි)
මේ තොප්පිය හරි අය දාගන්න හොදේ. මම බෞද්ධයෙක්.ඒත් ඉස්ලාම් කතෝලික බුද්ධාගම බොහොම හොදට පල්ලි වල ඉදගෙන , පන්සල් වල ඉදගෙන ඉගෙනගෙන තියෙනවා. දැන් හින්දු දහම ගොඩක් ඉගෙන ගන්නවා. කතෝලික හා ඉස්ලාම් කියන්නේ බොහොම ළගින් යන ආගම් දෙකක්.මේ ආගම් දෙකම හුදු විශ්වාසය මත පදනම්ව ගොඩනැගුන ආගම්. අපි මේ ආගම් වලට අධ්‍යාත්මිකව බැදුනොත් ප්‍රායෝගිකත්වයට මෙහා අන්ධ ලෝකයක අපි හිර වෙනවා.බුදු දහම වඩාත් ප්‍රායෝගික මෙන්ම සරල දිවිපැවැත්මකට අත්වැලක්. මේ හැම ආගමකම නායකයින්ට තමන් යා යුතු මග ගමන් කිරීමට නොයෙක් දේවල් පිහිට වුණා.බුදුරජානන් හට නිකන් බෝ ගස නොව ඇසතු මහා බෝගසත් , ජේසු තමන්හට තම සිරුර දරාසිටීමට ශ්‍රී කුරුසයත්, නබිතුමන් හට සිය සතුරන්ගෙන් පලා යාමට ශුද්ධ වූ අසිපතත් ඉවහල් වුනා.අපි හැමෝම මේ හැමදේටම වන්දනාමාන කරනවා. (නි)
දුෂ්ට මිනිසුන් අල්ලාහ් මවලා නැහැ. අල්ලාහ් මවපු මිනිසා දුෂ්ඨය වෙලා මිසක්. ඉපෙදන හැම දරුවෙක්ම හැදී වැදී එනකොට යමක් තේරෙන වයසේදී යහපත හා අයහපත තෝරා ගැනීම ඔහුගේ වගකීම. දැනුවත් කිරීම යහමග ගැනීම දෙමාපියන් ගුරුවරුන් හා ආගමික නායකයන්ගේ වගකීම. ඒකට තමා කියන්නේ "ධර්මයේ හැසිරෙන්න, ධර්මය විසින් රැකේ " (ස)
සිද්ධාර්ථ කුමාරයට අනිත් මිනිස්සුන්ගේ ඇහැට පෙනුන ජීවිත කතාවක් තිබූනා.ඒ උතුමන් ජීවත් උන කාලයේ වැඩ සිටි ස්ථාන ගරු කල දේවල් වලට බෞද්ධයෝ ගරු කරනවා. දුප්පත් අසරණ වුන මිනිසුන් දෙවියන්ටත් වෛර කරාවි මෙහෙම එයාලව මැව්වා කියලා. ඕනෑම දෙයක් පටවි, ආපෝ, තේජෝ, වායෝ යන සතරින් හැදිලා තියෙන්නේ. ඒ දේවල් විනාශ වෙන කොට යලිත් මුලික තත්වයට පත්වෙනවා. (ස)
ආතර් සි ක්ලාර්ක් මැතිතුමා කිවු දේ කවදා හරි සත්‍යයක් වෙනවාමයි.එය අල්ලාහ්ටවත් නැවැත්විය නොහැක. (නි)
මම වැඩ කරන හොටෙල් ළග ගස් 5 විතර තිබෙනවා (නි)
කුමාර්, බුදුදහමේ කොහෙද කදු නමස්කාර ගැන තියෙන්නේ? කොහොමද කියන්නේ සර්වබලධාරී දෙවියෙක් ඉන්නවයි කියලා? 33 කෝටියක් දෙවියන්ට වදින එක හොදයි සර්ව බලධාරී දෙවියෙක් කියලා කෙනෙකුට වදින එකට වඩා. හේතුව 33 කෝටියක් දෙවියන්ට වැදීම තුලින් මිනිසුන් ස්වභාව ධර්මයට, සත්ත්ව ඝාතනයට බය වුනා. හේතුව හැම එකටම දේවත්වයෙන් සළකපු නිසා. නමුත් ඒක දේවවාදය නිසා මේ මවලා තියෙන්නේ මිනිසුන් නිසා තමයි මිනිස්සු ස්වභාව ධර්මයට අමානුෂික වුනේ. සත්ව ඝාතනයට බයක් නොදැක්වුවේ. (නි)
බලාගෙනයි බෝධියටත් හලාල් සහතිකයක් ඉල්ලයි. (නි)
පක්ෂව හා විපක්ෂව අදහස් දැමූ සියලු දෙනාටම බොහොම ස්තුතියි. අපි අපේ සංවාදය මෙතනින් නවත්වා ගමු. නැවතත් මෙවැනි සංවාදයක් තුලින් ඔබේ නිවහනේ හෝ කාර්යාලයේදී ලංකාදීප එසැන පුවත් තුලින් ඔබ හමුවනතුරු ඔබෙන් සමුගන්න මම ෆස්රුල් ගෆූර් කටාර් රාජ්‍යයේ අල්-වක්‍රා නුවර සිට. (නි)
ඔයාල රියාද් ගුවන් තොටුපළ පැත්තේ ආවොත් සෞදි කේටරින් එකට එන පාරේ බෝ ගස් දිගටම දකින්න පුළුවන්. ඇත්තටම හිතට සතුටුයි දකිනකොට (නි)
ගංවතුර,නායයෑම්,ගිනිකදු,සුනාමි වැනි මහා ව්‍යසන භයානක දේවල් සහිතව,මිනිසුන්ව දුකින් දුකට පත්කරවන භයානක ලෙඩ රෝග සහිතව,තව නොයෙකුත් දුක් කරදර සහිතව, මේ ලෝකයත්,මිනිසුන්වත් මවපු කෙනා නම් පුදුම කෙනෙක්. (නි)
බෝ ගසෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද ? (නි)
සෞදි වල බෝ ගස් හිටෙව්වේ අද ඊයේ නෙමෙයි, දැනට අවුරුදු 30 කටත් කලින්. (නි)
ෆස්රුල්- ඔබට බුදුදහම ගැන අඩු අවබෝධයක් ඇති බව පෙනෙනවා. බුදුදහමේ දේව සංකල්පය වෙනස්. අපිටත් දෙවියන් වෙලා දිව්‍යලෝකේ ඉපදින්න පුළුවන් පින් කලොත්. වැඩක් නැහැ. ඒ පින් ඉවර උනාම ආයිත් මනුෂ්‍ය හරි, වෙනත් සතෙක් වෙලා හරි ඉපදිනවා. එක තමයි චක්‍රය එක නිවන් දකින කන් . අපි දෙන පින් අරගෙන තමයි දෙවියොත් ඉන්නේ. බුදු සරණයි දෙවි පිහිටි කියන්නේ බුදු දහම් මග සරණ වී අපෙන් පින් අරගෙන සතුටු වූ දෙවියන්ගේ ආශිර්වාදය ලබන්න කියල. නැතුව අල්ලා දෙවියන් ගෙන නෙමෙයි කියන්නේ. දේව වාදීන් බුදුන් වහන්සේගේ කාලයේත් හිටියා, ඒ හැම මගකම ගිහින් (අවරුදු 6ක ) සත්‍ය අවබෝධ කරගන්න බැරි වූ නිසා තමයි තනිවම ලෝක සත්‍ය අවබෝධ කර ගත්තේ. බුද්ධ කියන්නේ ඒකයි . බුදුන් වහන්සේ කියල තියෙන්නේ උන්වහන්සේගෙන් පස්සේ මිනිසාට මග උන් වහන්සේ දෙසු ධර්මය කියල. එක අපි බෝට්ටුවකින් ගඟකින් එතෙර වෙලා බෝට්ටුව අතහරිනවා වගේ වැඩක්. එක තමයි උන් වහන්සේ කියල තියෙනේ ඒ ධර්මය මොලේ ඇති අයට කියල තේරුම් ගන්න. කුරානය අරාබි වලින් ලියුන වගේ තමයි ත්‍රිපිටකය පාලි වලින් ලිය උනේ.පන්සිල් තියෙන්නේ මිනිසා අපගාමි වීම වේලක් විමටයි. (දී)
නිරන්ජන්, අල්ලාහ් මෙලොව මවා මිනිසා මෙහි එවා ඇත්තේ ඔහුව පරික්ෂා කිරීම සදහාය, ඒ පමණක් නොව මිනිසාට යහ මග පෙන්වීම පිණිස නබිවරු 125000 පමණ ලෝකයේ සෑම රටකට පාහේ විටින් විට එවීය, ඔවුන්ගේ අවසාන නබි, මුහම්මද් (සල්) තුමාය, ඔබ ඇසුවා "ඇයි මිනිසාව හරි මඟට ගන්න බැරි" කියා අල්ලාහ් කුරානයේ පැහැදිලිව කියා ඇත "ඔහු සිතුවොත් මුළු ලෝකය ම තමාගේ යටතට ක්ෂණයකින් ගත හැක - එහෙම උනොත් ඉතාම ලෙහෙසියෙන් එම ප්‍රජාව ස්වර්ගයට පිවිසෙනු ඇත , නමත් අල්ලාහ් පවසනවා මිනිසාගෙන් "ඔබ සිතනවද එතරම් ලේසියෙන් ඒ ස්වර්ගයට ඇතුළු වන්න " ඒ සඳහා මේ ලෝකේ අපට ලැබිච්ච මේ සුළු ජීවිත කාලය තුල කුරානය හා හදීසයට අනුකුලව ජීවත් විය යුතුමය. (ස)
බෞද්ධයින් හැම ඇසතු ගසකටම බෝගස කියා වඳින්නේ නැත.පන්සල් වල තිබෙන හැම බෝධි වෘක්‍ෂයක්ම එක්කෝ ජයසිරිමහ බෝධියේ අංකුරයකින්, එසේ නැතිනම් ඵළයකින් හටගත් දෙයකි.එය එකල ජීවමාන බුදුන්ගේ ගෞරවයට ලක්වු දෙවිවරුන් ගේ පුදසත්කාර අදත් ලබන මහා අනුභාව සහිතවූවකි.ඔබේ ආගම කුමක් වුවත් බෝගසක් යට හිඳ මෙත් වැඩීමෙන් සැනසීම ලබාගත හැක.එබැවින් අරාබිය මොනවා කළත් නොසැලී සිටින්න.ලංකාවේ බෝගස් රැකගන්න. (නි)
මෝඩ පහේ තර්ක කරන උදවිය මොනවා හරි වූ වෙලාවක අනේ දෙවියනේ කියලා කෑගහනවා. ඇහුවොත් දෙවියෝ නැහැ කියනවා.ආතර් සි ක්ලාර්ක් මැතිතුමා කිවු දේ මොකෝ අරයට බැරි වුණේ? එයා ඉන්නවා කිව්වෙත් නැහැ .නැහැ කියා කිවුවෙත් නැහැ. ඒකට හේතුවක් තිබුණා. අපි ඒක දන්නවා (නි)
සුමනා, පෝයකටවත් පන්සල් නොයන ඔයාලා කොහෙද 33 කෝටියක් දෙවියන්ට වඳින්න යන්නේ? සත්ව ඝාතන ගැන කතාකරවට වඩා අපේ රටේ සිදුවෙන අපරාධ ගැන කතා කරන්න, නිකන් සුද්දවන්තයින් වෙන්නේ නැතුව. අවුරුදු 85 මහලු කාන්තාවන් දූෂණය කරන සහ පියා විසින් දුව දූෂණය වන රටක අපි ඉන්නේ. මහපොලව උහුලන්නේ නැති අපරාධ ඕවා. මොනවාහරි එකක් වුණහම ගව ඝාතන ..ගව ඝාතන... ඔයාල කන්නේ බතුයි එළවලුයි විතරද? නිකන් අපිව අන්දන්න එන්න එපා. අපිට වඩා හරක් මස් කන්නේ ඔයාලා. හැම අපරාධයකටම මුල මත්පැන්. පුළුවන් නම් ඕනෑම ජගතෙකුට කියන්න බලන්න ලංකාවේ මත්පැන් නතර කරන්න කියලා. (නි)
සුමනා ,මෙතන ආගම් බේද ඇති කරන්න එපා. එපා. එපා. මොකද ඔය ගස් වවන්නේ ලංකාවේ නෙමෙයි, සෞදියේ (නි)
බෝ ගසයි, පාත්‍රයයි, උරය වසා අඳින චීවරයයි යන සියල්ල අරාබියේ සම්ප්‍රදාය බව නොදන්නා බොහෝ දෙනෙක් විසි එක්වන සියවසේත් ජීවත්වීම පුදුමයට කරුණක්. (නි)
බුදුන්ගේ පරිනිර්වාණය තුන් ආකාරයකට සිදුවේ.ඉන් ධාතු පරිනිර්වාණය තවමත් සිදුවී නොමැත.එබැවින් බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් කළ පිලිම සහ දගැබ් නමස්කාරකර බුදුන් කෙරෙහි ශ‍්‍රද්ධාව ඇතිකර ගන්නා අයට අදත් සැබවින්ම බුදුසරණ යාහැක.එබැවින් දෙවියන් ජීවත්වන නිසා සමහර අයතුල දෙවියන් සිටින බවත් බෞද්ධයෝ ගස් හා පිලිම වදිතියි කීම අපි උපේක්ශාවෙන් බැහැර කරමු.බෝගසකට වැඳීමෙන් සිතෙහි කුසල් අරමුනු ඇති කළ හැකි රූප ඇතිවේ.එම රූප සහ සැබෑ බුදුන් පිටදුන් බෝධිය දැකීමෙන් හටගන්නා ශ‍්‍රද්ධාවද එකම අනුහස් ලබාදිය නොදෙතැයි සිතීම පදනම් විරහිතය. (නි)
ගංගානි - දුප්පත් වී ඉපදීම මිනිසාගේ වරදක් හෝ පාපයක් නොවේ. දුප්පත් කමින්ම මිය යාම මිනිසාගේ වරදකි. ලෝකේ ඉන්න ධනවත්ම දහදෙනා දුප්පත් වෙලා ඉපදිලා තමන්ගේම උත්සාහයෙන් හා ආත්ම විශ්වාසයෙන් පොහොසත් වුන අය. දෙවියන්ට වෛර කරන්නේ තමාගේ කම්මැලිකම හා නොහැකියාව වසංකරන්නන්. (ස)
පරිසර විද්‍යඥයන් දන්නවා ඇසතු කුලයේ බෝගස් සහ නුග ගස් වලින් අධික ඔක්සිජන් ප්‍රමාණයක් පරිසරයට මුදාහරින බව සහ එවැනි විශාල ගසකින් වසරකට ඔක්සිජන් වාතය ටොන් 200 ක් පමණ මුදාහරින බව. එම ගස් වල වටිනාකම නොදන්නා අය තමයි ඔය වර්ගයේ ගස් කපන්න කියලා මොරදෙන්නේ. වටිනාකමක් දන්නා අය තමයි ඕවා වවන්නේ.සෞදියටත් සත්‍ය වැටහීම ගැන සතුටු වෙන්න. කටාර් වලත් ඕනෑ තරම් බෝ ගස් තියෙනවා. (නි)
බෝගස් යට තියෙන සිසිලසට විද්‍යාත්මක හේතුව බෝ කොළයේ කෙළවර උල් හැඩයයි. මේ නිසා අසල ඍන අයන සාන්ද්‍රණය වැඩි වෙනවා. එතන ඉන්න අයගේ මොලය ධන යන සාන්ද්‍රණය සමග අර ඍන යන සාන්ද්‍රණය ගැලපිලා සිසිලක් දැනෙනවා. මේක විද්‍යාත්මකව දන්නා අරාබි ජාතිකයෝ වාහනවල ඍන අයන සාන්ද්‍රණය වැඩි කරන උපකරණ පවා සවි කරනවා. සිදුහත් තවුසා වසර 2500 කට පෙර භාවනා කරන්න බෝ ගස තෝරාගත්තේ මේ නිසයි. වෙන ගස් යට මේ සිසිලස නැහැ. උල් කොළ තියෙන නාගස් වල තියෙනවා (නි)
මොහමඩ්, ලෝකය මවලා කියල විශ්වාස කරන්නේ එය හැදුනේ කොහොමද කියල තාර්කිකව හිතන්න බැරි මිනිස්සු හිටපු රටවල් වල.ඒ තත්වය ධර්මයට ආදේශ කරගත්තා මැවුම්කරුවෙක් ලෙසට. අභිධර්මය ඉගෙනීමෙන් එයට පිළිතුරු ලැබෙයි.(නි)
පස්රුල්, පන්සල් යන නොයන එක ගැන මම දන්නවා.අපරාධ දූෂණ කොයි රටෙත් වෙනවා.වෙන්නෙ නැති රටක් නැහැ.ඒ ඒ කෙනාගේ පහත් මානසිකත්වය නිසා ඒ ඒ අපරාධ කරනවා. ඒකට අපිට කරන්න දෙයක් නැහැ.මම උත්තරයක් සැපයුවා මිසක් භේදයක් ඇති කළා නෙමෙයි(නි)
ගසක් පැල කරන එක හොද දෙයක්. ඒකට ආගම පටලවාගන්න එපා. අරාබිය බෝ ගස් වවන්නේ සෙවක සදහා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වුනේ බෝ ගසකට පිටදීලා. උන්වහන්සේට බුද්දත්වයට එන්න සෙවන දුන්නේ බෝ ගසක් නිසා තමයි අපි වන්දනාමාන කරන්නේ. ඒක අපේ කල ගුන සැලකීඹ.(නදී)
කවුරු මොනවා කිවුවත් මට නම් හරි සතුටුයි. (නි)
නාලක, වල්පල් කියවනවා. එහෙනම් කොහොමද අඹ, කොට්ටම්බා, ජෑම්, නුග, කෙසෙල්, පලු, වීර වැනි විවිධාකාරයේ පත්‍ර තිබෙන ගස් යටදීත් එකලෙස සිසිලස දැනෙන්නේ. ඕවා මිත්‍යාදෘෂ්ඨිය තහවුරු කරන්න ගොඩනගන මානසික හිතළු විතරයි. (නි)
රිෂාර්ඩ්,සමහර මිනිස්සු මොනවා හරි වුණහම "හුටා" කියලත් කියනවා.අහලා තියෙනවද??එහෙම කෙනෙක් /දෙයක් තියෙනවද? ඉන්නවා කියලා පිළිගන්නවද?(නි)
එතකොට ඇස් අන්ධ, බිහිරි, අංගවිකලත්ව්‍ය ඉපදෙන අය ගැන දෙවියෝ මොකද කියන්නේ. ඔය ගැන වාද කරලා වැඩක් නෑ. අපිට අපේ බුදුදහම මග වටිනාම වස්තුව වේ. (නදී)
දැන් ඉතින් රටේ ගෙම්බෝ පනින කාලේ. මහලොකු සහෝදරකම ලෝකෙට පෙන්නුවාට මොකද කුහක කම හංගන් ඉන්නේ. කිසිම දියුණුවක් නම් බලාපොරොත්තු වෙනවා බොරු.(නදී)
මානගේ -තාර්කිකව ඔප්පුවෙලා දැන් හුඟාක් කල් කොමෙන්ට් විතරක් දාගෙන හිටියට මදි ප්‍රසිද්ද සන්වාදවල් සංවිදාන කරන්න ඇත්ත හෙළි වෙයි. (නදී)
ඊශ්‍රායෙල් වල කිබූත් කියලා අපේ නිවාස සංකීර්ණ වගේ තියෙනවා. ඒවාවල හරියට ලොකු බෝ ගස් තියෙනවා. පාර දෙපැත්තේම. රස්නේ කාලෙට පුදුම සිසිලසක් දැනෙන්නේ ඒ පාරකින් යනකොට. පෙබරවාරි වෙනකොට අපිට ඇති තරම් බෝ පත් පෑගෙනවා. මෙහෙ බෝ ගස් වවන්නේ අධික රස්නයෙන් මිදෙන්න. (නදී)
කොහොමත් මෙහෙ වැඩි දවසක් යන්න පෙර රටේ හැම තැනම රට ඉදි ගස් හිටවෙයි.. (නි)
මානගේ වැඩක් නෑ ඇනේ. මෙයාලට විචාර බුද්ධිය කියන්නේ හරාම්. (නදී)
ලෝකයටම එකම ආගමක් එකම භාශාවක් තිබුනානම් කොච්චර හොදද? බුදුදහම තමා ලෝකයේ තියෙන එකම සත්‍ය ආගම.(නදී)
රිෂාර්ඩ් ..ඔයාගේ දැනුමේ තරමෙට සත්‍යය එච්චරයි. ඕනෑම කෙනෙක් තමන්ගේ ආගමේ තියෙන දේ තමයි පරම සත්‍යය කියල කියන්නේ. ඒ නිසා ඔයත් කිවා.ඒක මහා සුළු දෙයක්.නමුත් මම කියන්නෑ ඔයාට සත්‍ය මේකමයි කියලා.ඔයාට ඕනෑම මේක සත්‍ය ද බොරුද කියල හොයන්න.එන්න ඇවිත් හොයන්න.මේක බොරුයි කියල හිතෙනවා නම් යන්න.කවඑුරුවත් මොනවත් කරන්නේ වත් කියන්නේ වත් නෑ.නමුත් අගය කරාවි. බුදුහාමුදුරුවෝ කියල නෑ ගස් ගල් වදින්න කියලා.බුදු දහමේත් ගස් ගල් වඳින එක මිත්‍යාවක් කියලා කියනවා තමා. හැබැයි තමන්ගේ චේතනාව අනුව.ඔයාලගේ දෘෂ්ටි කෝණයට අනුව වදිනවා කියන එක තමන් තමන්ව පහත් කොට සලකන එකනේ. එකයි ඔබලා ඔච්චර කාට හෝ වඳිනවට තරහ. අපේ දෘෂ්ටි කෝණයට අනුව වදින කියන එක ගෞරවයක් මිස තමන් තමන්ව පහත් කොට සලකන එක නෙමෙයි. බෝ ගහකට මුලින් ගෞරවය දැක්වුවේ බුදුහාමුරුවෝ. තමන්ට බුදුවෙන්න උපකාර කල එකම වස්තුව. උන්වහන්සේ ගෞරව දැක්වුවේ මිනිසුන්ට කාලගුණ සලකන එක ගැන කියා දෙන්න. මිනිස්සු දැන් බෝ ගහකට වදින එක නිකන් ගස් වදින නෙමෙයි. ඒ වගේ උදාර චේතනාව ඇතිකර ගෙනයි.හැම එකේම වැරැද්ද හොයන අය ඉතින් කළුවරේ තම ඉන්න වෙන්නේ. (ස)
ෆස්රුල්- ඒක ඔබලාගේ විශ්වාසය උනාට ඒ කිසිම බුදු වරයෙක් ඒක සර්වාබලදාරි දෙවියෙක් ගෙන කියල නැහැ. ප්‍රේ කරන්න කියලත් නැහැ. බුදු දහමේ දේව විශ්වාසය සම්පුර්ණයෙන්ම වෙනස් ඉස්ලාම් වලට වඩා. එහෙම බැලුවොත් සායි බබාත්, අසහාරා, අලි ඛමෙනි වගේ අයත් දේව දුතයන් වෙනවා. එනිසා ඔබලාටත් ඇත්තේ විශ්වාසයක් පමණි බෞද්ධයන්ගේත් විශ්වාසයක් තියෙනවා මක්කම බුදුන් වහන්සේගේ පාද සටහන පිහිටවූ ස්ථානයක් කියල. අනික ඔබ කියන ඔය දේව දුතයන් කිසිම කෙනෙක්ගේ නමක් බුදුන් වහන්සේ දක්වල නැහැ. තව ඉදිරියට එන බුදුන් වහන්සේලා ගැන හරියටම කියල තියෙනවා නම් වශයෙන්. ජේසුස් වහන්සේ පහල උනේ බුදුන් වහන්සේට වඩා අවුරුදු 543 කට පස්සේ, නබි තුමා පහල උනේ වහන්සේගේ ඊට වඩා අවුරුදු 1000 කට විතර පස්සේ. අනික සියලු බුදුවරුන්ගේ ධර්මය එක සමානයි (සබ්බ පාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝ දපනං, එතම් බුද්ධානු සාසනං). අනික කිසිම බුදුවරයෙක් කුරානය, බිබලය වගේ පොතක් දුන්නෙත් නැහැ. බුදුවරයින් කියන්නේ ඉක්මනින් නිවන් අවබෝධ කරගන්න කියල. ඒ නිසා අපේ විශ්වාසය කිසිම බුදුවරයෙක් ඔබලාගේ දේව දුතයෙක් නොවේ කියල. ඔබ කියන්න බලන්න බෞධයන් බුදුන් වහන්සේට ප්‍රේ කරලා වන්දනා මාන කරන තැනක්. කිසිම බෞද්ධයෙක් එහෙම කරන්නේ නැහැ. ඒ ඔබලාට පෙනෙන හැටි. ඔබ බෞද්ධයින් පන්සල් ගිහින් කියන ගතආ වල තේරුම දන්නවනම් ඔහොම කියන්නේ නැහැ. ඒ සියලු දේ තියෙන්නේ සිත දමනය කර ගන්න. සිරිත්. ඔබලාගේ ලොකුම පව නිසා ඔබලාට වෙන ආගමක් ගැන හිතන්නවත් බයයි. සෞදි අරාබිය 100% මුස්ලිම් රටක්. කෝ කිසිම සමගියක් තියෙනවද? පෙර කල බෞද්ධ රටවල් වූ පකිස්ටන්, ඇෆ්ගනිස්ටන් වල අද තත්වය බලන්න. ඔබ සුද්දන් ඒමට පෙර ලංකාව ගෙන බලන්න. අරාබියේ තෙල් ඉවර උනාම ඔබලාව තියා ගනීද කියල බලන්න. ඇයි ඔබල ඉස්ලාම් වෙලත් පුරවැසිභාවය අරාබ්යේ දෙන නැත්තෙ. මේ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ස්තුතියි.(නදී)
ඔව් මම දෙකක මේ බෝ ගස් තියෙනවා යන්බු වෙරල උද්‍යානයේ හරිම ලස්සනයි. පසු කලෙක වෙහෙරකුත් හදා ගත්තා නම් හොදයි.(නදී)
කුමාර්, ඔබ හරි. නමුත් අනාචාරයේ හැසිරෙන්න ආගම් බේදයක් නැහැ.සියලුම ශ්‍රී ලාංකිකයන්ට එය පොදුයි. මත්පැන්, පරුෂ වචන, අනාචාරය නුගත්කම සහ සමාජ පසුබෑම මෙයට හේතුවී ඇත (නි)
උම්මාද චිත්‍රා මේවට අදහස් වමාරන්න එපෝ.(නදී)
එකම අදහසක් වත් වැදගත් නැහැ .ජාති වාදේ විතරයි (නදී)
ලංකාවේ වගේ හැම එකකම දේවාලයක් හැදුවොත්, අර කෝටි 33න්දෙනාට මරේ මරු. (නදී)
සුමනේ සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්නේ.(නදී)
නීල් රණා, එතකොට විදේශික ආක්‍රමනිකයන් කියාදුන්නේ වල්පල් නොවේද? (නි)
සියලු දේ සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තටය. ඉපදීම මරණය මරාදැමීම උදාහරණ වේ. මිථ්‍යාදෘෂ්ටිය අප ළඟ නැත (නි)
ෆස්රුල් ඔයාලගේ දෙවියෝ කියනවනේ ඔක්කොම මැව්වේ. ඉතින් ඔයා ඔය කියපු වංචා දුෂණ කරපු අය මැව්වෙත් එයා කියල කිව්වොත්? අනික ඇයි දන්නේ නැ නේද ඔක්කොම ඔයාලගේ විදියට මවාගන්න බැරි උනේ. මොකක් හරි අවුලක් ඇති එයාගේ. (නදී)
ඕමානය, අරාබි එමීරය වගේ රටවල් වල බෝගසත්, කොහොඹ ගසුත් වසර 15 කට පෙර සිට හැම තැනම වවලා තියනවා. (නදී)
ලංකාවේ බෝගස් කපනවා...අරාබියේ බෝගස් වවනවා!!හෙට අනිද්දා ශේප් එකේ පන්සලුත් පාර අයිනේ හදාගත්තනම් පට්ට.එතකොට කියතැකි ලංකාවේ පන්සල් කඩනවා අරාබියේ පන්සල් හදනවා(නදී)
ලාල්, හාහ් හා නුඹ තමා මේ ඔක්කොටම හොඳ උත්තරය දුන්නේ සහෝදරයා...... (ස)
ඔව් මේ බෝ ගස් තියෙනවා යන්බු වෙරල උද්‍යානයේ හරිම ලස්සනයි.(නදී)
නිසාර්...සිද්ධාර්ථ කුමාරයා රට ඉඳි ගහක් යට බුදු වුනා නම් රට ඉඳ ගහට වදිනවා තමයි..ඉතින් මොකක්ද ප්‍රශ්නෙ? කුමර්..මචන්, ඔයා කොහොමද කියන්නේ, බුදු හාමුදුරුවෝ බෝ ගහට වැන්දේ බෝ ගහෙන් පිහිටක් බලාපොරොත්තුවෙන් නෙමෙයි..ඒකට කෘතගුණ දක්වන්න.. මොහොමඩ් - ඔයා දන්නවද විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙනවා පරමාණුවක් අලුතෙන් නිෂ්පාදනය කරන්න බෑ කියලා.එතකොට දෙවියො කොහොමද ගස් ගල් මවන්නේ? රිශාර්ඩ් - අපි කියන්නේ නෑ දෙවියො නෑ කියො ...තවද ඔයාගේ සංවාදයට මම සුදානම්.... ගෆුර් - ඇයි වෙන රටවල් වල ඔය වගේ අපරාද වෙන්නේ නැද්ද? පන්සල් ගියත් නැතත් අපේ මිනිස්සු සාමකාමී ජාතියක් කවදාවත් වෙන රටවල් වලට ගිහින් එව්ව අල්ලන්න දැඟලුවෙ නැ.මුලින්ම ඔයාලගේ ත්‍රස්තවාදය නැති කරලා ඉන්න.ඔයාලගෙ කට්ටිය ඉන්නෙ කොතනද එතන වලියක්.. (ස)
ගස් පැල කලාට කමක් නැ ඒවාට වදින්න නම් යන්න එපා පුතෝ.........(නදී)
1. එහෙනම් මුස්ලිම් අය ඉන්න රටවල් මුස්ලිම් රටවල් කියන්නේ? 2. එහෙනම් මුස්ලිම් අය කාබ එකට වඳින්නේ ඇයි? 3. එහෙනම් ඇයි දෙවියෝ බුදුදහම මැව්වේ? අපි වඳින්නේ දෙවියෝ මවපු ආගමක් ඔබලාගේ විශ්වාසෙ හැටියට. වරදක් නෑනෙ . (ස)