පෙබරවාරි හතර වැනි දිනට යෙදුණු ශ්‍රී ලංකාවේ හැට පස් වැනි නිදහස් සමරුව වෙනුවෙන් සෞදි අරාබියේ නැගෙනහිර ප්‍රාන්තයේ ද සමරු උළෙලක් පැවැත්විණි.
ලෝක ප්‍රකට ඇකෝර් හොටෙල් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සෞදි අරාබියේ අල් හොකයාර් ආයතනය යටතේ පවතින නොවෙටෙල් සුපිරි හෝටල් සංකීර්ණයේ දමාමි ශාඛ්‍යාවේ මේ උත්සවය පැවැත්විණි.
හෝටල් සංකීර්ණයේ ශ්‍රී ලාංකික විධායක කමිටු සාමාජිකයන්ගෙන් සැදුම්ලත් විදේශගත ලාංකික එකමුතුව මෙම උළෙල සංවිධානය කෙළේය.
නොවෝටෙල් හෝටලයේ සාමාන්‍යාධිකාරී මොරොක්කෝ ජාතික නජිබ් අල් රයිස් මහතා විශේෂ ආරාධිතයකු වූ අතර හෝටලයේ කළමණාකරිත්වයේ දෙස් විදෙස් විදෙස් විවිධ ජාතීන්ට අයත් විශාල පිරිසක් එක්ව සිටීම සුවිශේෂ කරුණක් විය.
පැමිණ සිටි අය සඳහා අවසානයේදී කුසපත් ඇදීමකින් ත්‍යාග පරිත්‍යාග කිරීමක් ද ලාංකික විධායක මණ්ඩලය විසින් සිදු කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත්, සෑම වසරකම නිදහස් උලෙල නැගෙනහිර කලාපයේ පවත්වපු එක පැවැත්වූවේ තානාපති තුමාගේ ප්‍රධානත්වයෙන්. මෙවර එසේ නොපැවත්වීමට හේතුව ගැන සදහන් කලා නම් තමයි හොද. අපේ කිසි කෙනෙක් ඒ අඩුව දැක්කේ නැහැ නේද?(නදී)
ලලිත් කොහොමත් අගේ ඉදන් කන කාල දාන කෙනෙක් . දැන් එයා ඒ පැත්තට හැරිලා. ඔය දාල තියෙන්නේ රියාද් එම්බසියේ ඒවා නේද. දැන් ඉතින් "එකමුතුවට හෝයියා.(නදී)
ලකුණු දා ගැනීමේ සුපිරි සැමරුමක්. රිසානා සැමරුවෙ නැතිද? .(ස)
බෙල්ල කපන්න නිදහස තියෙන රට .(ස)
රිසානා ළමයගේ හිස ගසා දාපු රටේ මොන නිදහසක්ද දරුවෝ .(ස)
නිකන් බොරුවට බයිලා ගහලා වැඩක් නැහැ. (නි)
රිසානාගේ මරණයට සම්පුර්ණ වගකීම බාරගත යුත්තේ කුඩාවියේදීම ඒ දැරියව ගෘහ සේවිකාවක් සදහා විදේශීය රටකට යැවීමට කටයුතු කළ ප්‍රධාන වගකිවයුත්තන්ය. එහෙත් ලාංකික වන අපට අද සිදුවන දේ හෙට අමතක වන පිරිසක් බැවින් මෙවැනි දේ ඉදිරි අනාගතයේද සිදුවුවහොත් එයද පුදුමයට කරුණක් නොවන්නේය. (නි)
ජය වේවා (දී)
සන්තෝසයි (දී)
නිදහස් දවසට රිසානාව නිදහස් කළා නම් ඒක තමයි නියම නිදහස් උළෙල. (නි)
ගැටළු ඇති බව සැබෑව. නමුත් අපි සැමරිය යුත්තේ ශ්‍රී ලාංකිකයන් ලෙස අප ලද නිදහසයි. එය ගැටුම් රහිතව සමරමු (ස)
රිසාන ගේ ලේ උඩින් හිනාවෙන හැටි බලන්නකො .. !! (ස)
හා....හා...බලාගෙන බෙල්ල කපයි. (ස)
හහ් හහ් හා... මේ රියාද් එම්බසිය නේද? (නි)
සෞදිය සමරන්නේ සබැ නිදහස නොවෙයි.(දී)
කෝ! මේ නිදහස් දිනය සැමරුවා කිව්වට ශ්‍රී ලංකා කියල කොහෙවත් ගහලා නැහැනේ. වෙන රටක නිදහස් දිනයක්ද සැමරුවේ.(නදී)