2016-11-11-ent-70

 

ධර්මප‍්‍රිය ඩයස් විසින් අධ්‍යක්ෂණය කරන ලද සාදය මාරයි සල්ලි හමාරයි වේදිකා නාට්‍ය නොවැම්බර් මස 13 දින ගම්පහ බණ්ඩාරනායක විදුහල් රංග ශාලාවේදී සවස 3.30ට සහ 6.30ට හිදී වේදිකා ගත වේ.

පසුගිය වසර දෙකක කාල සීමාව තුළ රට පුරා අතිශයින් ජනප‍්‍රිය ලෙස දර්ශන වාර 150ද ඉක්ම වූ ”සාදය මාරයි සල්ලි හමාරයි” වේදිකා නාට්‍යයේ, විරාමයට පෙර අවසන් දර්ශනය නොවැම්බර් 20 දින කොළඹ ලයනල් වෙන්ඞ්ට් ශාලාවේදී සවස 7.00ට වේදිකා ගත වේ.

මෙහි ගිහාන් ප‍්‍රනාන්දු, ජයනි සේනානායක, ධර්මප‍්‍රිය ඩයස්, දයාදේව එදිරිසිංහ, අනුරාධා පෙරේරා, ආලෝක සම්පත්, අනුරාධ මල්ලවාරච්චි, පේ‍්‍රම ජයන්ත කපුගේ රංගනයෙන් දායක වේ.

සංගීතය රුවන් වල්පොල, අංග රචනය පේ‍්‍රම ජයන්ත කපුගේ, වේදිකා පරිපාලනය අරුණ ජයසේන, අනුවර්තනය සමන් පුෂ්ප ලියනගේ, වේදිකා පසුතල නිර්මාණය වසන්ත රත්නායක, රංග වස්ත‍්‍ර නිර්මාණය ගිහාන් ප‍්‍රනාන්දු, රංගාලෝක නිර්මාණය සහ රේඛිය නිෂ්පාදනය රංග සමරකෝන් විසිනි. සාදය මාරයි සල්ලි හමාරයි ප‍්‍රියංකර ද සිල්වා විසින් නිෂ්පාදනය කරන ලදී.