සෞදි අරාබියේ රැදී සිටින අනවසරික සංක්‍රමණිකයින් සදහා මාස දෙකකට නොවැඩි පොදු සමා කාලයක් ලබා දුන් බව රියාද් තානාපති කාර්යාලය කියයි.
ඊයේ (11) රාත්‍රි සෞදි අරාබි කම්කරු අමාත්‍යංශය විදේශිය නිලධාරීන් කැදවා පැවැත්වු සාකච්ඡාවකදී මෙය තීරණය කළ බව තානාපති කාර්යාලය කියයි.
මේ අනුව 2013 අප්‍රේල් 06 වැනි දිනට පෙර අවතැන් වු හෝ අනවසරයෙන් රැදී සිටින සියලු විදේශිකයින් හට 2013 ජුලි මස 06 වැනි දිනට පෙර මෙරටින් පිට වීම සදහා පොදු සමා කාලයක් ලබා දී ඇති අතර තම හාමු පුතාගේ මැදිහත්වීමෙන් තොරව සෞදි අරාබියෙන් පිටවීම සදහා අවස්ථාව ලබා දී ඇත. කෙසේ වුවද ගුවන් ටිකට් පත්‍රය තමන් විසින් ලබා ගතයුතු අතර ළඟම තිබෙන තානාපති කාර්යාලයෙන් හෝ කෙන්සියුලර් කාර්යාලය වෙත ගොස් තාවකාලික බලපත්‍රයක් ලබා ගැනීමෙන් අනතුරුව තම මව් රටට යාමට හැකි බවද තානාපති කාර්යාලය පවසයි.
තානාපති කාර්යාලීය නිලධාරීන් පවසනුයේ ඒ සදහා විශේෂ ජංගම සේවාවන් කිහිපයක්ද පැවැත්වීමට කටයුතු කරනා බවයි.
කෙසේ වුවද මෙම කාල සිමාව බලපත්‍රයේ ජුලි 03 වැනිදා දක්වා පමණක් වන අතර ඊට පෙර රටින් පිට විය යුතු බවද අවධාරණය කරන අතර ඉන් ඉදිරියටත් සෞදියේ අනවසරයෙන් රැදී සිටින සියළු විදේශිකයින්ට දඩුවම් දීමට සෞදි රජය විසින් තීරණය කර ඇති බවද තානාපති කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන් වහන්සේ ලංකාවට මෙතරම් ජලය දෙද්දී, ඒ දියෙන් වාහන දුවන්නත් හැකි වෙද්දී ඔටුවන්ට කඹුරන්න යන්නේ කරුමේ ගෙවන්නද?(නදී)
ඉෂාරි, රනිල් ගණන් ගන්න එපා. සේරම් වගේ කුහක අදහස් ඇති ය හැම රටකම ඉන්නවා. (නි)
හුසේන් වගේ මිනිස්සු ජාති ජාතිත් ලකවෙ නම් උපදින්න එපා.මහා කුහක අදහස් තියෙන මිනිහෙක් (නි)
මේ මාස දෙකේ සමා කාලයෙන් පස්සේ ෂරියා නිතිය දාල බෙල්ල කපියිද දන්නේ නැහැ. ඊට කලින් මේ කට්ටිය ගෙන්න ගන්න.(නදී)
ඉෂාර් වැනි මුස්ලිම් ජාතිකයින් මෙන්ම ජාතිවාදීව අදහස් ප්‍රකාශ කරන සියළුම ජාතීන්ද හෙලා දකින අතර, ඉෂාර් අයත් ජාතීන්ට අයත් අය කරන නොමනා ක්‍රියා අන්‍ය ජාතිකයින් ලිවීමට පටන් ගතහොත් දෙවි සරණවත් ඔවුනට නැතිවනු ඇත (නි)
ලංකාවෙන් වැඩට ගිය බාල වයස්කාර දැරිවියක් බෙල්ල කපල මෙරුවෙත් ඔය කියන රටේදීම නේද ? එයාලට ඉතින් සත්තු මනුසයෝ කියල වෙනසක් නැහැනේ. හැකි තරම් ඉක්මනට මිනිස්සු ටික ගෙන්නගමු.(නදී)
අනේ ඔය රටෙන් එන එකම හොදයි. පුදුම නීති ඒ රටේ තියෙන්නේ (නි)
සෞදි කම්කරු අමාත්‍ය ආදල් ෆකිය සමග තානාපතිවරු පැවති සාකච්චාවේදී ගත් තීරණය ගැන ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපි සෞදි රජයට ස්තුතිවන්ත වෙමු. ඉන්දීය,පිලිපීන,බංගලිදේශ,විදේශ අමාත්‍ය වරු සහ කම්කරු අමාත්‍ය වරු සෞදි රජයට මේ පිලිබදව මේ වන විටත් ස්තුතිය පළකර අවසන්. නමුත් ශ්‍රී ලංකා රජය හෝ අමාත්‍යවරයා මේ පිලිබදව මේ වන තෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැත. නමුත් ප්‍රමාද වී හෝ බලධාරියෙක් යම් ප්‍රකාශයක් කරාවී යන්න අපේ විස්වාසයි. කෙසේ හෝ ජුලි 03 වනදාට ප්‍රථම තම රැකියාව පිලිබදව තීන්දුවක් නොගන්න අනවසරික ශ්‍රමිකයන් හට දැඩි ක්‍රියාමාර්ග ගන්න බව සෞදි පුවත් අනාවරණය කරයි.(නදී)
සේරම් අන්න ලංකාවේ හතරවෙනි පන්තියේ ළමයි 14 දෙනෙක්ව ගුරුවරයෙක් දුෂනය කරලා. ගිහින් ඔහුව ඔයාලගේ නීතියෙන් හුරතල් කරන්ඩ.(නදී)
මොනවා උනත් මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. ටිකට් එකක් ගන්න බැරුව ඉන්න අයට ජාතිය ආගම ගැන හිතන් නැතුව සෞදියේ ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන් උදව් කරන්න මේ හැමෝම ආපේ රටට දහදිය කදුළු පරිත්‍යාග කල අය.(නදී)
හේරත්, ඔය කියන බාලවයස්කාර දැරිවිය හේතුවක් නැතුව මැරුවේ නැහැ. ඒ දැරිවිය වැඩිමහල් කරලා රට යැව්වෙත් අපේම උදවිය.එහෙමනම් ඉතින් ලංකාවේ කොයි තරම් බාල අපරාධ සිද්ධ වෙනවද ? අනුන්ට ඇඟිල්ල දික්කරන්න කලින් අපි අපේ සමාජය, රට හදාගනිමු. එතකොටයි, අනාගතෙදිවත් දරුවන්ට වගේම කාන්තාවන්ටත් නිදහසේ ජීවත්විය හැකි සමාජයක් ඇතිවෙන්නේ. (නි)
සේරම්, පැරිසියේ වගේ බෙදුම්වාදී බෙලි කපන අය සෞදියේ නැති බව තේරුම් ගන්න. දුකේදී පිහිටවන සැපේදී සතුටුවන සමානාත්මතාවය අගයන උදවිය සෞදියේ ඉතා බහුලයි.(නදී)
සෞදිය දෙමසක සමා කාලයක් දෙන්නේ මෙන්න මේ වගේ අයට. සෞදියට පැමිණෙන ලාංකික තරුණයන්ට ගෙවන පඩිය මදි කියලා එතනින් පැනයාම, අනිත් කාරණය ඔවුනට මත් වතුර නොමැතිව ජීවත්වීමට නොහැකි වීම. හොඳ අදායම් මාර්ගය කසිප්පු පෙරීම, කෙසේ හෝ ගෘහ සේවිකාවක්ව නිවසකින් පන්නාගැනීම අවසානෙදි ඇයද ගණිකාවක්වී අසරණ වීම. මෝඩ බහුතර හෙළයා කවදා හරි මග යාවිද මන්දා!!! (නි)
නිමල් මහත්තයා, ඔබතුමත් ඉක්මනට ලංකාවට ගියා නම් නරකද, නපුරාගෙන් ගැලවිලා? මොන ස්තූතිද තවත්.ඉන්න සේරම ලංකාවට ගියොත් තමා හොද. (නි)