සෞදි අරාබියේ රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයත් කොළඹ ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශයත් කොතරම් ඉල්ලීම් කළද තව තවත් විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසක් අවතැන්ව සෞදි අරාබියේ රැදී සිටින බව තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
තවත් මසකින් නිමාවට පත් වන සෞදි අරාබියේ අනවසර සංක්‍රමික්‍රයින් හට ලබා දී ඇති පොදු සමා කාලයට සමගාමීව මේ වන විටත් දස ලක්ෂ සංඛ්‍යාතයක් තම මව් රටවල් වෙත ගොස් ඇති අතර අවම වශයෙන් අවතැන් වු ශ්‍රී ලාංකිකයින් දොළොස් දහසක් පමණ මව් බිමට පිටව ගොස් ඇතැයි රියාද් තානාපති කාර්යාලයයේ අමාත්‍ය උපදේශක අනුර මුතුමාල මහතා පවසයි.
කෙසේ වුවද තවමත් දිනපතා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත මව් බිමට යාමට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රමාණයෙහි අඩුවක් පෙන්නුම් කළද සැළැකිය යුතු ප්‍රමාණයක් මව් බිමට යාම සදහා තාවකාලික හැදුනුම්පත් අයදුම් කරන බවද පවසයි.
ඔක්තෝබර් 04 වැනිදා නැගෙනහිර පළාත තානාපති ජංගම සේවාව වෙතද හැත්තෑපස් දෙනකුට අධික ශ්‍රී ලාංකික කාන්තාවන් හා පුරුෂයින් තාවකාලික බලපත්‍ර ලබාගෙන මව් බිමට යාම සදහා පැමිණ සිටි අතර ස්ථාන මාරු කිරීමේ ඇතුළු අනෙකුත් කම්කරු ගැටලු විසදා ගැනීම සදහා 300 කට අධික පිරිසක් එම ස්ථානයට පැමිණ සිටීම විශේෂ කරුණක් විය.
මේ අතර රියාද් ශ්‍රී ලංකා තානිපති කාර්යාලයයේ බලධාරීන් පැවසුයේ ඇගිලි සලකුණක් හෝ මොනයම් සටහනක් සෞදි ආගමන හා විගමන කාර්යාලයයේ පර්යන්තයක දත්ත ගබඩාවේ සටහන් නොවීමේ හේතුවක් මත රියාද් කලාපයේ නවසීයකට අධීක පිරිසක්ද ජෙඩා කලාපයේ එක්දහස් තුන්සීයක් පමණ ශ්‍රී ලාංකිකයින් පිරිසක් පොදු සමා කාලය යටතේ ශ්‍රී ලංකාවට යාමට නොහැකිව සිටින බව වාර්තා වී ඇත.
ඒම පිරිස් පිළිබදව ශ්‍රී ලංකා තානාපති බලධාරීන් මේ වන විටත් අදාළ සෞදි බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින අතර ඉදිරි කාලය තුලදී මේ පිරිස ශ්‍රී ලංකාවට යැවීම පිළිබදව සෞදි රජයේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බවද පවසයි.
වැඩි දුරටත් තානාපති බලධාරීන් පසා සිටියේ නැවත දැනුම් දෙන තුරු සෞදි අරාබියට පැමිණෙන විට ගුවන්තොටුපොළේදී පමණක් නොව අනෙකුත් කිසිම ස්ථානයකදී අගිලි සලකුණු ලබා ද නොමැති අවතැන් වු කිසිවකුත් තානාපති කාර්යාලවෙත වාර්තා නොකරන ලෙසයි.
කෙසේ වුවද මෙවැනි ඇගිලි සලකුණු ලබා දී නොමැති කිසිවකුත් පොදු සමාකාලයට සමගාමීව මව් රටට යාමට නොහැකි වුවද සාමාන්‍ය නීතීය යටතේ පිටුවහල් කිරීමේ ක්‍රමවේදය අනුව අවස්ථාවක් ලබා දීමට තානාපති කාර්යාලයයේ උපරිම වශයෙන් උනන්දු වන බවද තානාපති කාර්යාලීය බලධාරීන් පවසයි.
මේ අතර සෞදි අරාබියේ සියළුම ශ්‍රී ලාංකික තිනාපති අංශ සහ කොළඹ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් අවධාරණය කරන්නේ ලබා දී ඇති පොදු සමා කාලය නොවැම්බර් මස හතර වැනි දිනට අවසන් කිරීමට නියමිතව ඇති බැවින් තව දුරටත් සෞදි අරාබියේ නීතී විරෝධීව රැදී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් ඇතිනම් අවම වශයෙන් එක්තෝබර් 15 වැනිදාට පෙර රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත වාර්තා කර මව්බිමට යාමට සුදුසුකම් පරික්ෂා කර හැකි ඉක්මනින් මෙරට්න් නික්ම යාන ලෙසයි.
එසේ නොවුවහොත් නොවැම්බර් 4 වැනි දිනෙන් පසු සෞදි රජය විසින් ගනු ලබන ඕනෑම තීරණයකට හිස නැමිය යුතු බවද ප්‍රකාශ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත්කම නිසා සෞදියට රැකියාවට ගියා හරි හමන් රැකියාවක් නොමැති නිසා අවතැන් වුනා. දැන් සෞදි නීතියට හසු වුනොත් මොනවායින් මොනවා වෙයිද දන්නේ නැහැ. මේ අයගේ බෙල්ල යන්න කලින් විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ සහ රජයේ බලදාරීන්ගේ ඇස් ඇරේවා.(නදී)
සෞදි රජය දඬුවම් දෙන්න කලින් එක එක්කෙනා අරන් අහනවා ප්‍රශ්න දෙක තුනක්. ඒවාට හරි උත්තර දුන්නොත් මුකුත් නැහැ. නැතිනම් තද දඬුවම් . අහන්නේ කුරානයේ පළමු පදය මොකක්ද ? නබි මෝහමෙඩ් ගේ අම්මගේ නම මොකක්ද ? ඔබ මුස්ලිම්ද , ? මක්කම ගිහින් වන්දනා කරලා තියෙනවද කියලා . අහන අය සෑහිමකට පත් උනොත් අල්ලාහ් දෙයියන්ගේ පිහිටයි . නැත්නම් ඔබට එය කියා ගන්න වෙනවා .(නදී)
මේ සෞදි අරාබියට යන බොහෝ දෙනෙක් අවම අධ්‍යාපනයක් වත් ලබා නොමැති අය . සමහරවිට පුවත් පතක් කියවීමට නොදන්නවා විය හැක . මෙවැනි අයව මෙම රටවලට යැවිමත් අපටම කර ගන්නා අපහාසයකි .(නදී)
හිස නමාගෙන ඉමු අපි සෞදියට හැමදාම ලංකාවත් කවදාහරි අල්ලාහ් පිහිටෙන් සෞදියක්ම වේවා. .(නදී)
ජයලත් මහත්යෝ රට රැකියාවක ලියන්න කියන්න බැරි ශ්‍රමිකයන් යවන්නේ නැහැ. කුමක් හෝ රැකියාවකට යාමට යම්කිසි වෘත්තීය අධ්‍යාපනයක් තිබීම සුදුසු කමක් .ඒ රටවිරුවෝ ඒ අයට ගරහන්න එපා. රටට විදේශ විනිමය එවන්නේ ගැහැණුන්. ඔබට රට යන්න සුදුසු කමක් තිබේ දැයි එජෙන්සි එකකට ගිහින් බලන්න. .(නදී)
අෂ්රෆ්ට ප්‍රභාකරන් හීනෙන් පෙනිලද කොහේ..(නදී)
අස්රෆ් වලිගෙ කපාගෙන හිල් තොප්පිය දාන ඔහීල හිතන් ඉන්න දේවල් කරන්න වෙන්නේ නැහැ.(නදී)
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ(නදී)
අෂ්රෆ්, මොකද හිනයක් වත් දැක්කද...? දැන් ඔබලාගේ හැම දෙනෙක්ම හිතාගෙන ඇත්තේ ඒ විදියට වෙන්න ඇති. පොඩ්ඩක් බලන්න මොලේ උඩද ඉඳගෙන ඉන්නේ කියලා.....වැඩි කල් යන්න කලින් ඔබලාට මොනම රටක් වත් නැති වෙනවා කියලා හිතාගන්න..(නදී)
රියාද් කලාපයේ නවසීයකට අධීක පිරිසකගේ ද ජෙඩා කලාපයේ එක් දහස් තුන්සීයකගේ ද බෙල්ල කපා දාන්න සෞදි රජය තීරණය කොලොත් ඔවුන්ට අල්ලාහ්ගේම පිහිටයි!.(නදී)
මම සෞදි අරාබියේ සේවය කරපු කෙනෙක්. මම මීට මාස 5 කට පෙර ශ්‍රී ලංකා එම්බසියට යනවිට වඩා 2013.09.15 යනවිට ගොඩක් සෙනග අඩුයි. එහෙම බලනකොට නම් ශ්‍රී ලංකා එම්බසිය ගැන සතුටුයි . (නි)
ඔය අෂ්රෆ් කියන මුස්ලිම් නමෙන් , සිංහල ජාතිවාදී , ආගම්වාදී , ඊර්ෂ්‍යාකාර මනුස්සයෙක් තමා ඔය අදහස පල කර ඇත්තේ . මේකයි ලංකාවට ගහපු එකම හෙනය ..(නදී)
අපේ අඩුපාඩු තියාගෙන අරාබි කාරයන්ට බැනල වැඩක් නැ. අපේ රජය මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕන. .(නදී)
අස්රෆ්, ඔයා ඇත්තටම අස්රෆ් ද ? නැත්නම් කුලියට කහිනවා ද ? වැඩ කරන්නේ එන්.ජී.ඕ එකක ද ? .(නදී)
අස්රෆ් මල්ලිගේ කතාවෙත් ඇත්තක් තියෙනවා කියලා මට පේනවා.(නදී)
සියලුම සේවකයින් සෞදියෙන් ආපසු ගෙන්විය යුතු බවයි මගේ අදහස. කොහොමත් කාන්තාවන් සෞදියට ඇරීම තහනම් කරන්ඩ..(නදී)