IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සද්ධාතිස්ස කඨින පින්කමට මහ සෙනග

ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දෙදින වාර්ෂික කඨින පිංකමට  දහසකට වැඩි  පිරිසක් සහභාගී වුහ.

සිංහල ශබ්ද කෝෂයේ හිටපු ප්‍රධාන කර්තෘ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක අකුරටියේ නන්ද නාහිමි, කොළඹ ඇලන්මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක, ගාල්ල කච්චුවත්තේ පුරාණ විහාරාධිපති  උළුවිටිකේ බෝධිසීහ, නෙපාලේ තිස්ස, ගලයායේ ධම්මදස්සී සහ ප්‍රංශ බෞද්ධ විහාරවාසී  නාගල උපනන්ද යන හිමිවරු වැඩම කළහ.

සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත  ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පවත්වන ලද පිංකමට කබලෑවේ සිරි සුමන, ආචාර්ය හාඳුප්පල්පොල මහින්ද, බොහින්ගමුවේ රතනජෝති, මාතලේ විජේවන්ත, විල්බාගෙදර ඥානිස්සර, වස්කඩුවේ සුබෝධි, කැටියපේ අමිතසාර, ගලිගමුවේ ඥානසාර සහ නෙපාලේ සුමන යන ස්වාමීන් වහන්සේලාද සහභාගිවුහ.

වෛද්‍ය ගයත්‍රී ඉලංගකෝන්, සංඛ ඉලංගකෝන් සහ ඔවුනගේ දෙමාපියන් වන කාලිංග ඉලංගකෝන් සහ මංගලිකා ඉලංගකෝන් පිංකමේ දායකයෝ වූහ.

කින්ස්බරි සද්ධාතිස්ස විහාරයේ දායක කාරකාදීන් සැමදෙනාම විවිධ අයුරින් පිකමේ වැඩකටයුතු සඳහා පුර්ණ සහභාගීත්වය, දායකත්වය සහ උදව් උපකාර කළහ.

උඩුවේ ධම්මාලෝක හිමියන් මෙහෙයවූ අටවිසි බුද්ධ පුජා පින්කම සඳහා අලංකාර මණ්ඩපයක් සකස්කර තිබුණු අතර විහාරස්ථානයද අලංකාර අන්දමින් සරසා තිබුණි.

පසුගිය ජුලි 12 වනදින පැවැත්වූ වස් ආරාධනා පින්කමෙන් අනතුරුව පියදස්සි නාහිමියන්ගේ උපදේශකත්වයෙන් වස්සාන තෙමස ඇතුළත සති අන්තයේදී මහා සතිපට්ඨාන සුත්‍ර දෙශනාව මාතෘකා කොටගත් ධර්මදේශනා සහ ධර්ම සාකච්ඡා පැවැත්විණි.

වස්සාන කාලසීමාවේ පැවැත්වුණ නව අරහාදී පුජාවන්හිදී  සතිපට්ඨාන සුත්‍ර දේශනාව පිළිබඳ හැඳින්වීමක් සහ එම සුත්‍ර දේශනාවෙහි  වැදගත්කමත් අදාළතාවයත් පිළිබඳව සාකච්ඡා විය.

ආනාපාන සතිය, ඉරියපත, සම්පාධ්‍යානය, පිළිකුල් භාවනාව, ධාතු මහශිකරය, වෙදානනුස්සරණ, චිත්තානුපස්සනා, පංචස්ඛන්ධ, සප්ත බොජ්ජංග,චතුරාර්ය සත්‍යය සහ සමත දේශනාව ආදිය පිළිබඳව විස්තර කළ ධර්ම දේශනා පැවැත්විණි.

මෙම ධර්ම දේශනා පවත්වන ලද්දේ හාඳුප්පල්පොළ මහින්ද නාහිමියන්ගේ මුලිකත්වයෙනි.

කඨින පින්කම ආරම්භ කෙරුනේ සෙනසුරාදා සවස පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් මෙහෙයවූ අටවිසි බෝධි පුජා පින්කමකිනි. ඒ සඳහා විහාරස්ථානයේ ඉඩකඩ මදිවන තරමට විශාල සැදැහැවතුන් සංඛ්‍යාවක් පැමිණ සිටියහ.

පසුදින අලුයම පින්කමේ දායකත්වය භාරගත් ඉලංගකෝන් පවුලේ සාමාජිකයින් සමඟ විහාරස්ථානයේ දායක කාරකාදීන් සහභාගිවූ අලංකාර පෙරහරකින්  කඨින වස්ත්‍රය විහාරස්ථානය වෙත වැඩම කරවනු ලැබිය.

විශාල දායක පිරිසක් එදින අටසිල් සමාදන්වුහ. දවස පුරාවටම දාන සීල භාවනා වැඩසටහන් පැවැත්වුන අතර  කඨින චීවර පුජෝත්සවය පැවැත්වුනේ සවස 3.30 ටය. 

නාගොඩ උපනන්ද සහ උළුවිටිකේ බෝධිසීහ හිමියන් විසින් විනය කර්මය සිදුකල අතර වැඩමකර සිටි මහා සංඝරත්නයේ එකඟතාවය අනුව කඨින චීවරය කැටියපේ අමිතසාර හිමියන්ට පුජාකෙරුණි.

පිංකම සඳහා ලන්ඩනයේ වැඩ බලන ශ්‍රී ලංකා මහකොමසාරිස් ශාමලී රොඩ්රිගෝ, ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ වෛද්‍ය කෝකිලා වෛද්‍යරත්න,බී.එන්. පතිරත්න, ජේ.එම්.ජී. ජයසුන්දර, ලන්ඩනයේ ලංකා බැංකු කළමනාකාර නිමල් ප්‍රනාන්දු, එම්.පී. රුවන් කුමාර යන මහත්ම මහත්මීන්ද සහභාගීවුහ.

දෙදිනක් පුරා අතිවිශාල සැදැහැවතුන් සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පවත්වන ලද පින්කමේ වැඩකටයුතු සාර්ථකව ඉටුකර ගැනීම උදෙසා නන් අයුරින් උදව් උපකාරකළ සහභාගීවූ සහ දායකත්වය දැක්වූ සියලුම දෙනාට පියදස්සී නාහිමියෝ පුන්‍යානුමෝදනා කළහ. 

3 21 31 53



අදහස් (0)

සද්ධාතිස්ස කඨින පින්කමට මහ සෙනග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site