IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සිද්ධික් යළි රිමාන්ඩ්

පකිස්තානයේ සිට මහා පරිමාන මත්කුඩු ජාවාරම් ජාලයක් මෙහෙයවා තිබෙන මොහොමඩ් සිද්ධික් ශ්‍රීලංකාවේ මත්කුඩු බෙදාහැරීමේ කටයුතු ගම්පොළ විදානේලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදා හා සහයෝගයෙන් සිදුකර ඇතැයි පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ අද පැවසීය.

වෙලේ සුදාගෙන්ම ලැබුණු ඔත්තුවක් මත මොහොමඩ් සිද්ධික් පකිස්තානයේදී අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ කොට්ඨාශයේ නිලධාරීහු සමත්වූහ.සිද්ධික් එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ යෙදී සිට ඇතැයිද,එල්.ටී.ටී.ඊ ය හා අවි ගනුදෙනු වල යෙදුණු බවට සාක්කි ඇති කිඹුලා ඇල ගුණා සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයිද සඳහන් වේ.

මත්කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල් නීත්‍යානුකූල මුදල් බව හුවාදැක්වීමේ අරමුණින් උන්ඩියල් ක්‍රමයෙන් එම මුදල් ඩුබායි වෙත රැගෙන යාම පැවරී තිබූ අබූබුක්කර් සාජහාන් නම් දෙවැනි සැකකරුවෙක්ද රහස් පොලිසිය අත්අඩංගුවට ගැනීමට සමත්වූ අතර ඔහු මේ වන සිට සිටිනුයේ ඇප මත නිදහස් කර හැරය.

මොහොමඩ් සිද්ධික් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනුයේ ත්‍රස්ත මර්දන පණත,අන්තරායදායක ඖෂධ පණත හා අනීත්‍යානුකූලව උපයාගත් මුදල් යොදාගෙන ගනුදෙනු කිරීම් වැළැක්වීමේ පණත යන පණත් ප්‍රකාරවය.

සිද්ධික්ට අනීත්‍යානුකූලව උපයාගත් මුදල් වලින් ගනුදෙනු කිරීමක් සිදුකර ඇතැයි චෝදනාවක් නොමැති හෙයින් ඇපමත නිදහස් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියද එයට විරෝධය පළකල අපරාධ පරීක්ෂණ කොට්ඨාශය සැකකරුව රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය ඇති බවත් ඔහුට ඇප ලබාදීම සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ නීතිපතිවරයා බවත් පෙන්වා දුන්නේය.

මොහාමඩ් සිද්ධික් හා වෙලේ සුදා එකතුව අන්තර්ජාතික මට්ටමින් මත්ද්‍රව්‍ය ජවාරම් කටයුතු මෙහෙයවා ඇති බවද පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාශය කියයි.

මොහොමඩ් සිද්ධික් ලබන 14 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

 

 

 



අදහස් (0)

සිද්ධික් යළි රිමාන්ඩ්

නුවන් Friday, 02 October 2015 10:03 AM

මත්කුඩු නිසා ජිවිත කියියක්නම් විනාස වෙනවද. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site