IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සුද්දගෙ කාලේ ගෙන ගිය කෞතුක බඩු නැවත ගේන්න ගිවිසුම් දෙකක්

(අංජුල මහික වීරරත්න සහ ළහිරු හර්ෂණ)

වර්ෂ 1765 දී ලන්දේසීන්  මහනුවර රජමාලිගාව වටලන ලද අවස්ථාවේ පෙරදිග ඉන්දීය වෙළෙඳ  සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ හයක් නැවත ගෙන  ඒම සම්බන්ධව ගිවිසුම් දෙකක්   බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු  අමාත්‍යාංශයේදී අත්සන් කෙරිණි.

මෙම ගිවිසුම් අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු  අමාත්‍ය විදුර වික්‍රමනායක ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි  නෙදර්ලන්ත රජය වෙනුවෙන් එරට සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් Gunay Uslu මහත්ම මහත්මීහූ එක්වුහ.

මේ වනවිට නෙදර්ලන්තයේ Rijks කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර තිබෙන රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිමකරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබුණා යැයි සැලකෙන කාලතුවක්කුවක් යන කෞතුක භාණ්ඩ හයක් මෙම ගිවිසුම මඟින් නැවත මෙරටට බාරදීමට නියමිතය.

මෙම කෞතුක භාණ්ඩ නැවත ශ්‍රී ලංකාවට බාරදෙන ලෙස රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ඉල්ලීමක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා නෙදර්ලන්තයේ අධ්‍යාපන, සංස්කෘතික සහ විද්‍යා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය වෙත යොමුකළ අතර එම ඉල්ලීම සලකා බැලු නෙදර්ලන්ත රජය මේ සඳහා ස්වාධීන උපදේශක කමිටුවක් පත්කොට,කමිටුවේ නිර්දේශයන්ට අනුව කෞතුක භාණ්ඩ ආපසු ලබාදීමට තීරණය කර තිබේ.

 



අදහස් (6)

සුද්දගෙ කාලේ ගෙන ගිය කෞතුක බඩු නැවත ගේන්න ගිවිසුම් දෙකක්

බද්රානි Tuesday, 29 August 2023 02:55 PM

සුද්දෝ මෙතෙක් කල් ආරක්ෂා කරගෙන හිටපු ඒ කෞතුක වස්තු වලට අබ සරණයි!!! අපේ රටේ ඉන්නේ ජානගත කම්බා හොරු බව මේ සුද්දෝ තවම දන්නේ නැද්ද...? මතකනේ, සුද්දොත් රැගෙන නොගිය රාජසිංහ රජතුමාගේ රත්තරන් කඩුවට සිදු උන දේ...? එදා සුද්දන්ව එලොව ගත්තු ශාපය තමයි අපි මේ විඳවන්නේ...

:       4       15

Rohan SilvWednesday, 30 August 2023 07:03 AM

මමත් හිතුවේ ඒකමයි, ඒකේ ආරක්ෂාවට එතන ඉන්න එක හොඳයි.

:       0       1

ගමේ එකාලා Tuesday, 29 August 2023 03:37 PM

ගෙන්න ගන්න එකනම් හොන්දා. කටුගෙයි තියෙන එකනම් අවදානම් ..පහුගිය කාලේ කටුගෙයි තිබුනු වටිනා පුරවස්තු පවා එවකට හිටපු බහිරවයෙක් ගිල්ලයි කියන්නේ?

:       1       12

prasanna Tuesday, 29 August 2023 04:36 PM

ඒවායේ අවසානය තමයි

:       0       1

G. K. Ekanayake Tuesday, 29 August 2023 10:31 PM

පුස්කොල පොත් ටික ගෙන්නගත්තා නම් මීට වඩා හොඳ නැද්ද>

:       0       1

Chathuri Wednesday, 30 August 2023 05:40 AM

රිම මූසල. නායකයින් කියන මේ ගොබ්බ රැල. නමට ලංකාව කියලා තියෙනවා. කිසිම ලස්සනක් නැහැ හැමදේම එකයි. මුලු රටේම සම්පත් හොරා කෑවා. ගහ කොල පවා. මිනිසුන්ගෙ මුහුනුවල ලේකදුලක් නැහැ මලානික වෙලා ඒ මිනිසුන්ගෙ අර්තසාදකයත් හොරෙන් කෑවා. මේ ගොබ්බ රෑල. දෑන් රටේ තියෙන වටිනා සම්පත්. සුද්දා හොරෙන් අරන් ගියත් ඒවා අරාක්ශා සහිතව තියෙනවා. ඉතුරු ඒවාට පර සින්හලයින් මොකද කෙරුවේ. කොහෙද තියෙන්නෙ කොහොමද නැති වුනේ කියලා හොයලා බැලුවද. නාකී මයිනා. මයිනගේ බෙබි ලා. හොරකම් කරපුවා. ඒවා. උන්ගෙන් අර ගත්තාද. ඔය සේරටම වැඩිය වටිනවා මයිනා ගෙ පව්ලේ උනුයි ගොබ්බරැලටයි. පුලුන් ඔබලා කටු ගේ තිබ්බානම්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site