IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සද්දෙ දාපු රියැදුරන්ට පොලිසියෙන් සද්දයක්

ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ හබරාදුව කොග්ගල දී සිදු කළ පරික්ෂාවක දී අධික ශබ්දය සහිත නගා හඬවමින් ධාවනය කළ රියදුරන් 51 දෙනකු සම්බන්ධයෙන් නඩු පැවැරීමට හා තවත් පිරිසකට, තරයේ උපදෙස්  ලබාදුන් බව හබරාදුව පොලිසිය පවසයි.

මධ්‍යම පරිසර අධිකාරිය,දකුණු පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුව, හබරාදුව පොලීසිය එක්ව සිදු කළ හදිසි මෙහෙයුමක දී මොවුන් හඳුනාගෙන ඇත.



අදහස් (0)

සද්දෙ දාපු රියැදුරන්ට පොලිසියෙන් සද්දයක්

කේසී Tuesday, 19 January 2016 12:22 PM

ලංකාවේ මිනිසුන්ට දැන් වෙලා තියෙන්නේ අර මිස්ට බීන් වාගේ කන්දෙකේ චුවින්ගම් අලවාගෙන යන්නයි. (ර)

:       0       0

බෙන්තර මහේෂ් Tuesday, 19 January 2016 07:32 AM

කවදාද එතකොට අර කඩන්න පුළුවන් හැම නීතියක්ම කඩන මැති ඇමති උතුමන්ලාට ඔය දැඩි අවවාද දෙන්නේ? (නි)

:       0       0

රණසිංහ Tuesday, 19 January 2016 07:33 AM

හොඳ වැඩක් (නි)

:       0       0

විජේ Tuesday, 19 January 2016 08:34 AM

නලාවට අමතරව ශබ්දයය අඩු කිරීමට තිබෙන සයිලන්සර් වෙනස් කර ශබ්දය වැඩි කරනවා . සමහර බස් ගමන් කරන ලී මෝල් වගේ. (ර)

:       0       0

පුබුදු ප්‍රසන්න Tuesday, 19 January 2016 05:47 AM

ලංකාවේ ගොඩක් අය වාහන පදවන්නේ නළාවෙන් තමයි. ඒක ඒ අයගේ නොහික්මීම කියලයි මට කියන්න තියෙන්නේ. (නි)

:       0       0

කිත්සිරි Tuesday, 19 January 2016 05:56 AM

බොහොම හොඳයි (නි)

:       0       0

නිමලරත්න Tuesday, 19 January 2016 05:59 AM

ඉතාමත් අනගි ක්‍රියාවක්.මේ රටේ රියදුරන් වැඩි පිරිසක් සිතාගෙන ඉන්නේ අධික ශබ්දයෙන් නලාව නාද කර වෙරිවූ සතුන් මෙන් රථ පැදවීමට, මෙම අධික ශබ්දයන් ඇති වාහන නලා මෙරට ගෙන්වීම තහනම් කළාම ප්‍රශ්නය ඉවරනේ. (ම)

:       0       0

ඉන්ද්‍රජිත් කුවේට් Tuesday, 19 January 2016 11:07 AM

මෙය හොද ක්‍රියාවක්. අපි ඉන්නේ කුවෛට් වල මෙහෙ එතරම් හොර්න් පාවිච්චි කරන්නේ නැහැ. ලංකාවේ ගොඩක් හික්මීමක් නැති රියදුරන් ඉන්නේ. (ර)

:       0       0

කිත්සිරි Tuesday, 19 January 2016 06:44 AM

සමහර බස්වල නලා හඬ දරාගන්න හරිම අමාරුයි.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site