ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ හබරාදුව කොග්ගල දී සිදු කළ පරික්ෂාවක දී අධික ශබ්දය සහිත නගා හඬවමින් ධාවනය කළ රියදුරන් 51 දෙනකු සම්බන්ධයෙන් නඩු පැවැරීමට හා තවත් පිරිසකට, තරයේ උපදෙස් ලබාදුන් බව හබරාදුව පොලිසිය පවසයි.
මධ්‍යම පරිසර අධිකාරිය,දකුණු පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුව, හබරාදුව පොලීසිය එක්ව සිදු කළ හදිසි මෙහෙයුමක දී මොවුන් හඳුනාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිසුන්ට දැන් වෙලා තියෙන්නේ අර මිස්ට බීන් වාගේ කන්දෙකේ චුවින්ගම් අලවාගෙන යන්නයි. (ර)
කවදාද එතකොට අර කඩන්න පුළුවන් හැම නීතියක්ම කඩන මැති ඇමති උතුමන්ලාට ඔය දැඩි අවවාද දෙන්නේ? (නි)
හොඳ වැඩක් (නි)
නලාවට අමතරව ශබ්දයය අඩු කිරීමට තිබෙන සයිලන්සර් වෙනස් කර ශබ්දය වැඩි කරනවා . සමහර බස් ගමන් කරන ලී මෝල් වගේ. (ර)
ලංකාවේ ගොඩක් අය වාහන පදවන්නේ නළාවෙන් තමයි. ඒක ඒ අයගේ නොහික්මීම කියලයි මට කියන්න තියෙන්නේ. (නි)
බොහොම හොඳයි (නි)
ඉතාමත් අනගි ක්‍රියාවක්.මේ රටේ රියදුරන් වැඩි පිරිසක් සිතාගෙන ඉන්නේ අධික ශබ්දයෙන් නලාව නාද කර වෙරිවූ සතුන් මෙන් රථ පැදවීමට, මෙම අධික ශබ්දයන් ඇති වාහන නලා මෙරට ගෙන්වීම තහනම් කළාම ප්‍රශ්නය ඉවරනේ. (ම)
මෙය හොද ක්‍රියාවක්. අපි ඉන්නේ කුවෛට් වල මෙහෙ එතරම් හොර්න් පාවිච්චි කරන්නේ නැහැ. ලංකාවේ ගොඩක් හික්මීමක් නැති රියදුරන් ඉන්නේ. (ර)
සමහර බස්වල නලා හඬ දරාගන්න හරිම අමාරුයි.(ම)