ලන්ඩන් නුවර ශ්‍රී සද්ධා තිස්ස ජාත්‍යන්තර මධ්‍යස්ථානාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්ගේ ආරාධනයෙන් මෙම සතිඅන්තයේ සද්ධාතිස්ස විහාරස්ථානයේදී පැවැත්වෙන වාර්ෂික කඨින පිංකම සඳහා සහභාගිවීමට කිරුලපන සිරි ඇලන් මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන් සමඟ ගාල්ල කජ්ජුවත්ත පුරාණ විහාරාධිපති උලුවිටකේ බෝධිසීහ හිමි සහ දේවාලපුර වෙලුවනාරාමාධිපති මාතලේ විජේවංශ හිමි ලන්ඩන් නුවරට වැඩමකර සිටිති.
රන්ජිත් කරුණාරත්න, පුජිත ද සිල්වා, විමල් විමලදාස සහ කොල්වින් ලියන්වල ඇතුළු එම පවුල්වල සාමාජික සාමාජිකාවෝ කඨින පිංකමේ දායකත්වය දරති.
දින දෙකක් පුරා පැවැත්වෙන පිංකමෙහි විවිධාකාර වැඩ කටයුතු සපුරා ගැනීම උදෙසා විහාරස්ථානයේ දායක දායිකාවන් සැමගේ නොමසුරු සහයද ලැබෙන බව පියදස්සි හිමියෝ පවසති.
පිංකම ආරම්භ කෙරෙන්නේ සෙනසුරාදා සවස විහාරස්ථානයේදී උඩුවේ ධම්මාලෝක හිමියන් මෙහෙයවන අටවිසි බුද්ධපුජාමය වැඩසටහනකිනි.
ඉරිදා උදැසන 6.30 ට කඨින පිංකමේ ප්‍රධාන දායකත්වය දරන සැමගේ නිවෙස්වල සිට පෙරහැරකින් කඨින වස්ත්‍රය සද්ධාතිස්ස විහාරස්ථානයට වැඩමකරවීමට කටයුතු යොදා ඇත.
ඉන්පසු විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි හිමියන්ගේ මෙහෙයවීමෙන් පන්සිල්, බුද්ධ පුජා සහ වන්දනා වැඩසටහන පැවැත්වෙන අතර සවස තුන දක්වා භාවනා, ධර්ම දේශනා, බුද්ධ පුජා,දාන සහ ධර්ම සාකච්චා වැඩසටහන් පැවැත්වෙයි.
සද්ධාතිස්ස විහාරවාසී ආචාර්ය හාඳුපැල්පොල මහින්ද නාහිමියන්, උළුවිටිකේ බෝධිසීහ හිමි, මාතලේ විජයවංශ හිමි, ආචාර්ය දීගල්ලේ මහින්ද හිමි සහ උඩුවේ ධම්මාලෝක හිමි ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා සඳහා සහභාගිවීමට නියමිතය.
භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ආචාර්ය සෙනවි අතුරුපාන විසිනි.
සවස තුනට කටින පුජා පිංකම ආරම්භවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපයේ පන්සල් වල පූජා, උත්සව, සැණකෙළි වැනි දේවල් පන්සල් වල ඉහලින්ම සිදුවන බව ලංකාදීප පාටකයෙක් හැටියට මම නිතර දකිනවා නමුත් සීල ව්‍යාපාර, ධර්ම සාකච්චා, ධර්ම අධ්‍යන කටයුතු ගැන නම් මෙහි පලවනවා දැක නැත. අපේ හෙට දින කෙසේ විසදෙනු ඇත්ද?.(නදී)
සාදු,සාදු,සාදු. අට මහා පින්කම් අතර පළමු තැන ගන්න පිංකම.මේවා දැක හෝ සහබාගි වී පින් සිදු කරගන්න.මෙය වසරකට වරක් පමණක් කරගත හැකි පින්කමකි.අහස උසට කරන පිරිකර පූජාවකට වඩා එක කටින පින්කමක් වටිනවා.මෙම පිංකම සසර කවදාවත් හොලවන්න බැරි පින්කමකි.නිවන් දකින ජාති තුරු පින් ලැබෙනවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිවන් දකිත්වා.යම් දහම් කරුණක් දන ගන්න ඕනේ නම් පමණක් කතා කරන්න, 00393341227517 (ස)
ලාල්,ඔබ කොතරම් දැන උගත් බුදු දහම දන්නා කෙනෙක් වුණාට , සම්මා වාචා ගැන නම් දන්නේ නැතුව ඇති. (නි)
අහෝ පුක්කුස! සීල ව්‍යාපාර ලන්ඩනයේ හැම පන්සලකම පොහොය දින වලට පැවැත්වෙනවා. ඔයා දානේ කන්න පන්සල් වලට ගියත් සිල් ගන්න යන්නේ නැති එකට මොනා කරන්නද. තමාගේ කරුම තමාම එපයි කර ගහගෙන යන්න..(නදී)
ඔය පුක්කුස කියල ලියන කෙනා බොරුනමක් පාවිච්චිකරන බව දැන් හොඳින් පෙනෙනවා. නියම පුක්කුස වීරසිංහ මේවගේ ලියන කෙනෙක් නෙමේ. (දිල්)
මම ගලයායේ පියදස්සි හිමිගේ ගමේ.අපිට අාසාවකටවත් ලන්ඩන් කඨිනෙකට යන්න ඇත්නම් ...? (නි)