‘‘මම ඉගෙනගත්තේ බම්බලපිටිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ. පාසල් යන කාලයේදී සංගීතය තමයි හැදෑරුවේ. ඒ වුණත් මගේ හිතේ ලොකු ආසාවක් තිබුණා නිළියක් වන්න. නමුත් ඒකට අවස්ථාවක් ලැබුණේ නෑ. ඔය අතරේ තමයි 2011 වසරේ මම එංගලන්තයට ගියේ වැඩිදුර අධ්‍යාපන කටයුතුවලට. එහේ ලන්ඩන්වල සිටිද්දී ප‍්‍රවීණ චිත‍්‍රපට නිෂ්පාදන සුනිල් ටී. ප‍්‍රනාන්දු මහත්මයා මට හමුවුණා. ඔහු රඟපාන්න කැමතිද කියා මගෙන් ඇහුවා. ඇත්තටම මම ලොකු
ආශාවකින් හිටියේ රඟපාන්න. ඒ හින්දා ඒ ආරාධනය පිළිගත්තා.
ඒ ආරාධනයෙන් ඔහු නෂ්පාදනය කළ, වී. සිවදාසන් අධ්‍යක්‍ෂණය කළ ‘‘දෝනි’’ චිත‍්‍රපටයේ රඟපෑවා. එය තමයි මා රංගනයට එක්වූ මුල්ම චිත‍්‍රපටය. ඊට පස්සේ ‘‘රන්ජා”, ”ජීවිතේ ලස්සනයි’’ වැනි චිත‍්‍රපටවල රඟපෑවා. චිත‍්‍රපටවලින් පස්සෙ පුංචි තිරයට එක්වන්න අවස්ථාව ලැබීමත් සතුටට කරුණක් වුණා. ඒ අනුව සිරස නාලිකාවේ විකාශය වන ‘‘සිදංගනාවෝ’’ ටෙලිනාට්‍යයේ උදාරි ලෙස රඟපාන්නේ ආයෝමි ශානිකා. මම ඇයගේ අක්කා ඉෂානි ලෙස රැුඟපානවා. එයට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා.
මේවන විට ටෙලිනාට්‍ය කීපයක රඟපාන්න අවස්ථාව උදාවුණා. ඒවා ළඟදීම විකාශය වේවි. තව රඟපාන්න ටෙලිනාට්‍ය කීපයකට කතාකරලත් තිබෙනවා. අද වන විට මට තිබෙන්නේ ලොකු සතුටක්. මොකද කාලයක ඉඳන් මගේ සිතේ තිබුණු හීනයක් සැබෑ කරගන්න පුළුවන් වූ හින්දා. දැන් ඉතිං දිගටම රංගනයේ යෙදෙන්න තමයි මා බලාපොරොත්තු වෙන්නේ. මගේ මේ ගමන්මඟට උදව් උපකාර කළ ජෝර්ජ් සේනානායක, උදේනි අල්විස්, හර්ෂ වික‍්‍රමසිංහ, චන්න පෙරේරා, සුනිල් ටී. ප‍්‍රනාන්දු යන මහත්වරුන් මා ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. ඔවුන් නිසයි මගේ සිහිනය සැබෑ කරගත හැකිවූයේ.’’
දේශිකා ගැන අදට වඩා හෙට දිනයේ බොහෝ දෙනා කතාකරනු නිසැකය. මන්ද ඇය විවිධ දක්‍ෂතාවලින් පිරිපුන් තරුණ රංගන ශිල්පිනියක් වීමය. ඇයගේ ගමන්මඟට අපි සුබ පතන්නෙමු.
සමන්ත යහම්පත්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද මේ වෙන්නේ? (නි)
මේ නිලියක්ද ... මට දුකේ බෑ. (ස)
නිලියක් වෙන්න ලස්සන ඕනේමද,හොදට පුහුණුවෙලා දක්ෂ නිලියක් වෙන්න,පය බිම තියන් හෙමින් ගමනක් යන්න....ඔබට දුර ගමනක් යා හැකි වේවි..ඔබට හිමි ලස්සනක් ඔබ ලග තියෙනවා.(නදී)
මෙයා කවුද අනේ කවුරු හරි කියන්න මට. (දී)
අපේ රටේ ටෙලි නාට්‍ය නම් හරිම බොළඳයි.කව්රු හරි මැදිහත් වෙලා ඉහළ නංවන්න බලන්න ඕනෑ.ඔයාට සුබ පැතුම් දුවේ! (නි)
මෙය මොන සිදන්ගනවියක්ද, අන්න මංජුලා කුමාරි නියම සිදන්ග්ගනවී (දී)
යකින්නියකගේ චරිතයකට නම් හොඳයි (අ)
මෙයා නිළියක්ද ? අපේ සිනමාවට පිස්සු (දී)
අර මහේල කියනවා වගේ කළා නම් මොකද? (නි)
මම සුබපතනවා ඔබට. නංගි (දී)
සිදන්ගනාවක් විදියට නම් නැහැ පෙනුමක්.(නදී)
මම සාමාන්‍යයෙන් ටෙලිනාට්‍ය බලන්නේ නැහැ. අහම්බයකින් හරි බලන්න සිද්ධ වුනහම හරියට දුක හිතෙනවා අපේ නවක නිලියන් ගැන. මේ රඟපානවද නැත්නම් පෙනී හිටිනවද කියලා. අර මොනවහරි හදලා ප්‍රේක්ෂකයන්ට දෙනවා කියන තැන තමයි හුඟක් නාට්‍ය තියෙන්නේ. (නි)
ඔයා නියමයි යකින්නියකගේ චර්තයකට.(නදී)