සෞදි අරාබි රජය විසින් අනවසරික විදේශිකයින් සදහා ලබා දී ඇති පොදු සමා කාලයට සමගාමිව පිටවීමේ විසා ලබා ගැනීම සදහා විවිධ ප්‍රදේශ වලින් දමාම් නයින්ටි වන් ආගමන විගමන කාර්යාලයයට පැමිණ විවිධ දුෂ්කරතා මාධ්‍යයයේ රැදී සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත ආහාර පාන ලබා දීමට නැගෙනහිර කලාප ශ්‍රී ලංකා විදේශගත වුවන්ගේ සංගමය කටයුතු කළේය.මේ සමා කාළය ජුලී 03 වැනිදා අවසන් වේ.
සෞදි අරාබියේ ජෙඩා කලාපයේ සිට දමාම් ආගමන විගමන කාර්යාලයය වෙත බලධාරින් විසින් එවන ලද ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 508 ක් බවට තානාපති ආරංචි මාර්ග සදහන් කරන අතර මෙම පිරිස ශ්‍රී ලංකාවේ සිට පැමිණ ඇත්තේ දමාම් ප්‍රදේශවල ආයතන වීම හේතුවෙන් පිටවීමේ වීසා පත් ජෙඩා කලාපයෙන් ලබා නොදෙන බව මෙහි පැමිණි පිරිස සදහන් කරයි.
කෙසේ වුවද දැනට දින දහයකට අධික කාලයක් අධි දුෂ්කරතා මධ්‍යයයේ අවට ප්‍රදේශ වල හිස් භූමියක රැදි සිටින මෙම පිරිස ආහාර පාන හා අනිකුත් අවශ්‍යතා හිඟයකට මුහුණ පා සිටිති.දැනට දින කිහිපයකට සිට සහෝදර ශ්‍රී ලාංකික දුත පිරිස විසින් මෙම පිරිසට ආහාර පාන ලබාදිම සතුටට කරුණකි.
නැගෙනහිර කලාපයේ ශ්‍රී ලංකා විදේශගතවුවන්ගේ සංගමයේ ඒකාබද්ධ අරමුදලෙන් රාත්‍රී ආහාර හා පානිය ජලය ශ්‍රී ලාංකිකයින් 350 දෙනකුට පමණ පරිත්‍යාග කළ අතර දමාම් හා අවට ප්‍රදේශයන්හි ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් විදේශ ගතවුවන්ගේ සංගමයට සහය ලබා දුන්හ.
2025 දෙසැම්බර් මස 18
291
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞදි සමාව ඉවරයි
මංජුල රියාද් Tuesday, 02 July 2013 01:34 PM
අහමඩ්, ඔයා නියමෙට මහසෙන්ට උත්තර දීලා තියනවා.... (දී)
අමාලි සිල්වා Tuesday, 02 July 2013 01:58 PM
සමා කාලයේදී ආවේ නැත්නම් සෞදි රජයටත් ලංකාවේ රජයටත් දොස් කීමෙන් වලකින්න (දී)
ඉෂ්හාක් අහමඩ් Tuesday, 02 July 2013 02:03 PM
මහසෝනා නිකම් බය වෙලානේ. සීනි ටිකක් කටේ දාන්න.(නදී)
මහසෙන් සෞදි Tuesday, 02 July 2013 12:17 PM
සමා කාලය ඉවරයි. දැන් ඉතින් ශාරියා. අනේ අසරන ශ්‍රී ලාංකිකයෝ අපේ.... හිස ගසා දාන්න එපා.ඇන්ග උඩින් වාහන යවන්න එපා.අත් පා ඇගිලි දිව කපන්න එපා.උතුරන තෙල් කටාරම් වල බස්සන්න එපා.මූන පොඩි වෙනකම් ගල් ගහල මරන්න එපා. අනේ බුදු හාමුදුරුවනේ මේ අයව බේර ගන්න.(අ)
අහමඩ් Tuesday, 02 July 2013 12:56 PM
මහසෙන්, හිසගසා දාන්න මීනි මරා නැත. ඇග උඩින් වාහන යවන්න මොවුන් අධිවේග මාර්ගය මැදින් ඇවිදින්නේ නැත.අත් කපන්න සොරකමේ යෙදුනේ නැත. දැන් උතුරන තෙල් කටාරම් වල බස්සන්නට සෞදියේ දෙතිස් වද නැත.මුහුණ පොඩි වෙනකම් ගල් ගසන්න මොවුන් අයුතු ලිංගික අපචාර කලේ නැත. ඒ නිසා බයවෙන්න එපා. (නි)