සෞදි අරාබි රජය විසින් අනවසරික විදේශිකයින් සදහා ලබා දී ඇති පොදු සමා කාලයට සමගාමිව පිටවීමේ විසා ලබා ගැනීම සදහා විවිධ ප්‍රදේශ වලින් දමාම් නයින්ටි වන් ආගමන විගමන කාර්යාලයයට පැමිණ විවිධ දුෂ්කරතා මාධ්‍යයයේ රැදී සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත ආහාර පාන ලබා දීමට නැගෙනහිර කලාප ශ්‍රී ලංකා විදේශගත වුවන්ගේ සංගමය කටයුතු කළේය.මේ සමා කාළය ජුලී 03 වැනිදා අවසන් වේ.
සෞදි අරාබියේ ජෙඩා කලාපයේ සිට දමාම් ආගමන විගමන කාර්යාලයය වෙත බලධාරින් විසින් එවන ලද ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 508 ක් බවට තානාපති ආරංචි මාර්ග සදහන් කරන අතර මෙම පිරිස ශ්‍රී ලංකාවේ සිට පැමිණ ඇත්තේ දමාම් ප්‍රදේශවල ආයතන වීම හේතුවෙන් පිටවීමේ වීසා පත් ජෙඩා කලාපයෙන් ලබා නොදෙන බව මෙහි පැමිණි පිරිස සදහන් කරයි.
කෙසේ වුවද දැනට දින දහයකට අධික කාලයක් අධි දුෂ්කරතා මධ්‍යයයේ අවට ප්‍රදේශ වල හිස් භූමියක රැදි සිටින මෙම පිරිස ආහාර පාන හා අනිකුත් අවශ්‍යතා හිඟයකට මුහුණ පා සිටිති.දැනට දින කිහිපයකට සිට සහෝදර ශ්‍රී ලාංකික දුත පිරිස විසින් මෙම පිරිසට ආහාර පාන ලබාදිම සතුටට කරුණකි.
නැගෙනහිර කලාපයේ ශ්‍රී ලංකා විදේශගතවුවන්ගේ සංගමයේ ඒකාබද්ධ අරමුදලෙන් රාත්‍රී ආහාර හා පානිය ජලය ශ්‍රී ලාංකිකයින් 350 දෙනකුට පමණ පරිත්‍යාග කළ අතර දමාම් හා අවට ප්‍රදේශයන්හි ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් විදේශ ගතවුවන්ගේ සංගමයට සහය ලබා දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහමඩ්, ඔයා නියමෙට මහසෙන්ට උත්තර දීලා තියනවා.... (දී)
සමා කාලයේදී ආවේ නැත්නම් සෞදි රජයටත් ලංකාවේ රජයටත් දොස් කීමෙන් වලකින්න (දී)
මහසෝනා නිකම් බය වෙලානේ. සීනි ටිකක් කටේ දාන්න.(නදී)
සමා කාලය ඉවරයි. දැන් ඉතින් ශාරියා. අනේ අසරන ශ්‍රී ලාංකිකයෝ අපේ.... හිස ගසා දාන්න එපා.ඇන්ග උඩින් වාහන යවන්න එපා.අත් පා ඇගිලි දිව කපන්න එපා.උතුරන තෙල් කටාරම් වල බස්සන්න එපා.මූන පොඩි වෙනකම් ගල් ගහල මරන්න එපා. අනේ බුදු හාමුදුරුවනේ මේ අයව බේර ගන්න.(අ)
මහසෙන්, හිසගසා දාන්න මීනි මරා නැත. ඇග උඩින් වාහන යවන්න මොවුන් අධිවේග මාර්ගය මැදින් ඇවිදින්නේ නැත.අත් කපන්න සොරකමේ යෙදුනේ නැත. දැන් උතුරන තෙල් කටාරම් වල බස්සන්නට සෞදියේ දෙතිස් වද නැත.මුහුණ පොඩි වෙනකම් ගල් ගසන්න මොවුන් අයුතු ලිංගික අපචාර කලේ නැත. ඒ නිසා බයවෙන්න එපා. (නි)