සෞදි අරාබියේ පොදු සමා කාලය අවසන් කළ නොවැම්බර් මස 3 වැනි දිනෙන් පසු ආරක්ෂක බලධාරීන් විසින් කැරැණු පළමු මෙහෙයුමේදී (4 වැනි දින) නීති විරෝධී සංක‍්‍රමණිකයින් දහස් ගණනින් අත්අඩංගුවට ගත් බව සෞදි පුවත්පත් කියයි.
වාර්තා කරන අන්දමට සෞදි අරාබියේ ජෙඩා කලාපයේදී පමණක් ඊයේ (4 වැනි දින)අත්අඩංගුවට ගත් නීති විරෝධී සංක‍්‍රමණිකයින්ගේ ප‍්‍රමාණය 1889ක් බව පවසන අතර, සමිටා ප‍්‍රදේශයෙන් 2200ක් ද, ඇල් කොබාර් නැගෙනහිර කලාපයෙන් 379ක් ද, අල් බහා ඊයේ 208 දෙනෙක් ද, තබුත් ප‍්‍රදේශයෙන් 150 දෙනෙක් ද යන්බු ප‍්‍රදේශයෙන් 85 දෙනෙක් ද හපිරල් ප‍්‍රදේශයෙන් 80 දෙනෙක් ද වශයෙන් අත්අඩංගුවට ගත් බව පුවත්පත පවසයි.
ජෙඩා පොලිස් ප‍්‍රධානී මේජර් ජනරාල් අබ්දුල්ලා අල් කනාති මාධ්‍ය සමඟ පැවසුයේ පසුගිය 4 වැනි දින සිට විවිධ ප‍්‍රදේශවල සැඟවී සිටින නීති විරෝධී රැඳී සිටින්නන් අත්අඩංගුවට ගැනීම සඳහා විශාල මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.
මෙම මෙහෙයුම සඳහා සියලූම ආරක්ෂක අංශ සම්බන්ධීකරණය කරමින් විශාල බලකායක් විවිධ ගම් දනව්, නගර සහ අධිවේගී මාර්ග පරීක්ෂාවට යොදවා ඇති බව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මිනිස්සු වීසා කාලය පහුවෙලත් තමන්ගේ රටවල් වලට නොයන්නේ එහෙම ගිහින් කරන්න රස්සාවල් හොයාගන්න බැරි හින්දා වෙන්න ඇති.නැත්නම් ඉතින් කවුද අකමැති තමන්ගේ රටට වෙලා ගෙදර අය, නෑදෑයෝ , යාලුවෝ එක්ක ජීවත්වෙන්න? මේවට හේතුව ඉතින් තමන්ගේ රටවල් වල හරියට රස්සාවල් නැතිකම තමයි.ඒවා ඉතින් මේ වෙනකම් ඒ රටවල් පාලනය කළ/ කරන නායකයන්ගේ වැරදි තමයි.පාලකයෝ හින්දා තමයි රටවල් දියුණු වෙලා තියෙන්නේත් , විනාශ වෙලා තියෙන්නේත් (නි)
කුමාරසිරි වගේ අයට කිසිදෙයක් වැටෙහෙන්නේ නැහැ. කිසිම නීතියක් නැති නිසා නේද මෝඩයෝ ලංකාවේ හැම වංචාවක්ම දූෂණයක්ම කරලා ඇප ලබා ගන්නේ? හලාල් ගැන බෙරිහන් දෙන අයට ලංකාවේ වෙන කිසිම අපරාධයක් හෝ මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය ගෙවා ගන්නට තිබෙන ප්‍රශ්න පෙනෙන්නේ නැහැ. ෂරියා නීතිය ලංකාව වගේ හොරුන් හා තක්කඩියන් ඉන්න රටකට අනිවාර්යෙන්ම අවශ්‍යයි. සෞදි හා මැදපෙරදිග සල්ලි අාවේ නැත්නම් ඔක්කොටම එකතුවෙලා හිගාකන්න තමයි වෙන්නේ. (නි)
දැන් ඔය මිනිස්සු මේ රටවල් වලට එවපුවම බොරු ගිණුම් වාර්තා පෙන්නලා ගෙවන්න හැකියාවක් නැතුව බැංකු ණය අරන් මහා විනාශයක් වෙන්න පුළුවන් (නි)
මිනිස්සු තමන්ගේ රටවලට නොයන්නේ හොද ජිවන ක්‍රමයක් නැති නිසානේ. මොකද මේ පිටරටවල දුක්විදගෙන ඉන්නේ සැපවිදින්න නොවේ. ඒ බව මේ පිටරටවල ඉන්න හැමෝම දන්නා දෙයක්.රටකට නොගිය අයට ඒ හැගීම ගන්න බැහැ (නි)
ඉම්රාන් කියන කතාව ඇත්ත.මොන රටකහරි නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් නීතිගරුක පුරවැසියන් බියවිය යුතු නැහැ. (නි)
සමාව දීලත් යන්නේ නැත්නම් දෙවියන්ගේ පිහිට තමයි වෙන මොනවා කියන්නද? (නදී)
අැත්ත නේනනම් සුමනා නගෝ,කල්පනා කරලා බලන්න ඉම්රාන් අයියා කියනවා වගේ හරි නීතියක් ලංකාවේ තිබුණා නම් අර නම්බුකාරලා කියාගන්නාවු තිරිසනුන් අතින් පවුල් පිටින් කපාකොටා මරා දමන්නේ නැහැනේ. (නි)
අනේ ඇයි මෙයාලට මොලේ දුන්නේ නැත්තේ.(නදී)
ඉම්රාන් හොද සිහියෙන්ද ඉන්නේ? (නි)
මම ඉන්නේ සෞදි වල අවශ්‍ය නම් අහුවෙලා ඉන්න රටවල් ජාතිය ඔක්කොම දෙන්නම්.මේ අයගෙන් සියයට අනු අටක් මුසල්මානුවන්.හජ්ජි ,උම්රා කියල ඇවිල්ල හැංගිලා ඉන්නවා.මුස්ලිම් නොවෙන අයට සෞදියට එන්න රැකියා විසා අවශ්‍යයි.නැතිනම් ෆැමිලි විසා අවශ්‍යයි.ෆැමිලි විසා එන මුසල්මාන් නොවෙන අයට හැංගිලා ඉන්න ඕනේ නැහැ මොකද හොඳ රැකියා කරන අය.මේ හොරට ඉන්න අය 98% ඔක්කොම මුසල්මනුවෝ.හජ්ජි විසා උම්ර විසා ෆ්‍රී විසා කියල එන අය. (ස)
ලෙස්ලි,ඇයි ලංකාවේ කන්න නැද්ද?එහෙනම් එන්න සෞදියට,මම දෙන්නම් කන්න. (නි)
කන්න පින... කාලා පුරුද්ද... දාලා යයිද සෞදි රට... (නි)
දැන් අපේ රටත් දියුණු රටක්ද? මම මේ නොදන්නා නිසයි ඇහුවේ.දැන් වයසටත් ගියා. හැමදාම මෙහෙ ඉන්නටත් බැහැ. අපේ රට දියුණු නම් යන්නවත් කියලා හිතාගෙන. (නි)
ඒක රටේ නීතිය. අපි ඒකට අපි හිස නැමිය යුතුයි (නි)
අනේ ඉම්රාන් සෞදියේ හොරු නැද්ද එතකොට (නදී)..
සෞදි වල වෙන අපරාද ලෝකේ කොහෙවත් වෙන්නේ නැහැ (නදී)
මොහු හොරා වුණත්, ගත්තේ අපේ අයගේ ඒවා වුණත්, ඔහු ලංකාවේ කෙනෙක්. ෂරියා නීතිය හොඳ වුණාට අපේ එකාව බේරාගන්න ඕනෑ නැද්ද? හොරුන්ට ආරක්ෂාව දෙන උදව් කරන ඒ වෙනුවෙන් පෙනී සිටින දේශප්‍රේමීයෝ අපි.... (නි)
මේ අය ලංකාවට නොයන්න ඇති හේතුව මේකයි.සෞදියට ඇවිත් බොහොම දෙනෙක් ලංකාව අමතක කරලා ඉන්නවා.ලංකාවට ගියත් ගෙවල් දොරවල් වලට වද්ද ගන්නෙ නැතිව ඇති.බංගලාදේශයේ, පාකිස්ථානුවන් සමඟ අනවසර විදියට පවුල් කන අයත් ඉන්නවා.එයාලට ආයෙ යන්න බැ පවුල් කැඩෙන නිසා.ඒ නිසා ඕන දෙයක් උණාවේ කියලා ඉන්නව ඇති.එහේ අතගාන සල්ලි මෙහෙ හොයන්නත් අමාරුයිනෙ.ආර්ථික හේතු මත ගිහිල්ලා ඉන්න කොටසුත් මෙහි ඉන්නවා වෙන්න පුළුවන්. (ස)
අවුරුදු හැට පැනපු අයට වීසා නැවත අලුත් කිරීම නවතා ඇත. හුගාක් දෙනෙකුට ආර්ථික ප්‍රස්න ඇති නිසා ලංකා වට එන්න වැඩි කැමැත්තක් නොමැත. ඒ වගේම ලංකාවේ පොලිසියට අවශ්‍ය කරන පිරිසත් ඔය අතර සිටිය හැක. (නදී)
ගොඩක් අය කියන්නේ තේරුමක් නැති කතාවල්. සමහර අයට ලංකාවට යන්න බැරි වුනේ නීතමය ගැටළු තියෙන නිසා. සමහර අයගේ ස්වමියන් ඔවුන් ගැන දැනුම් දීලා නැහැ. අපි හැමෝම මැද පෙරදිග එන්නේ මුදල් හොයන්න. කව්ද අකමැති ආපසු තමන්ගේ රටට එන්න.(නදී)
බෙල්ල කපයිද දන්නේ නැහැ.(නදී)
දොන්සේතන්, හරියට හරි ඔයාගේ කතාව. (නි)
ෂරියා නීතිය දමයිද? (නි)
සමා කාලය දීලත් නොගියේ තණ්හාව නිසා නොවේද? දැන් ඉතින් දෙන දඬුවම විඳගන්න (නි)