(මහින්ද නිශ්ශංක)
බොහෝ ප්‍රදේශවල සුදු සීනි හිගයක් පවතින බව පාරිභෝගිකයෝ පවසති.
සීනි සදහා පාලන මිලක් නියම කර තිබියදී ඇතැම් වෙළෙදුන් තවමත් සුදු සීනි වැඩි මිලට අලෙවි කරන බවද ඔවුහු මැසිවිලි නගති.
මේ වනවිට රටේ විශාල වශයෙන් සුදු සීනි හිගයක් තිබෙන බවත් සීනි හිගයට හේතුව වෙළෙදුන් සීනි සගවා ගෙන සිටීම බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.
සුදු සීනි සගවා ගෙන සිටින මෙම වෙළෙදුන් හොරෙන් වැඩි මිලට සීනි අලෙවි කරන බවත් පැවසූ ඔහු කිලෝවක් රුපියල් 310 - 315 ට අලෙවි කරන බවත් මේ නිසා බේකරි හිමියන් දැඩි අසීරුතාවයකට මුහුණ පා ඇති බවත් කීය.
සුදු සීනි හිගයක් මවා පාමින් සීනි සගවා ගෙන සිටින හා වැඩි මිලට අලෙවි කරන වෙළෙදුන් වහා අත්අඩංගුවට ගැනීමට වැටලීම් කරන ලෙස සංගමය පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටින බවද සභාපති ජයවර්ධන මහතා පැවසීය.
මේ අතර සීනි ආනයනයකරුවෝ හා තොග වෙළෙන්දෝ පවසන්නේ පිටකොටුව තොග වෙළෙද පොළේ සුදු සීනි හිගයක් නොමැති බවයි.
ආනයනයකරුවෝ ඇණවුම් කළ සුදු සීනි මෙට්‍රික් ටොන් 10000 ක් රුපියල් 50 ක වැඩි බද්ද යටතේ වරායෙන් නිදහස් කර ගත් බවත් ඇණවුම් කළ සුදු සීනි තොග දිනපතා කොළඹ වරායට පැමිණෙන බව ද ඔවුහු කියති
2025 දෙසැම්බර් මස 16
7
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සුදු සීනි හිඟයක් මවා පාලා