සංචාරක විසා මගින් සෞදි අරාබියට පැමිණෙන විදේශිකයින්ගේ විසා කාලය ජුලි 1 දායින් පසු තවදුරටත් දීර්ඝ නොකරන බව සෞදි ආගමන විගමන අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය පවසයි.
කෙසේ වුවද යුද වාතාවරණයක් පවතින සිරියා ජාතීන්ට මෙම නීතිය බලනොපාන බවද පවසයි මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කර්නල් අල්ලිහාය්දන් පුවත් පත් සමඟ පැවසුවේ නව තීරණය මගින් සෞදි අරාබියේ සංචාරය කිරීමට නියමිත උම්රා බැතිමතුන්ට මෙන්ම අනිකුත් විදේශිකයින්ට අවස්ථාව ලබාදීම මෙහි අරමුණ බවයි,මේ අනුව ජුලි 1 වැනිදායින් පසුව තම විසා කාලය ඉක්මවූ සියලුම සංචාරක විසා හිමියන් රටෙන් පිටවිය යුතු බවයි.එසේ නොමැතිනම් දඩුවම් ලබාදෙන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුසේන්, ඔබ තරහ ගන්න එපා. රවී පිටස්තර ලෝකය ගැන දන්නේ නැති නිසා තමයි රටවල් දියුණු කරන්න අමාරු. මේවා නැතිවී ජාතික සහජීවනය අපි පතමු. (අ)
අරාබියේ සුර සැප විඳිනවා (අ)
හුසේන් ඔයාගේ කතාව ඇත්ත . (අ)
අපි මොනවද කරන්නේ ජාතියක් විදියට ලුතිනන් කර්නල් ලා අපිට නැද්ද ? (ස)
රවී අනිත් රටවල් පහත් කරන්න නෙවෙයි අපේ රටේ උසස් බව නැතිවන ප්‍රකාශ වලින් වලකින්න. සෑම රටකම මොකක් හරි වැදගත් කමක් තියනවා. (අ)
අපේ රටේ ඉන්දිඅයන් කාරයෝ , පකිස්තාන් කාරයෝ හොරෙන් හැංගිලා ඉන්නවා කල්ප කාලාන්තරයක්. රෙදි බිස්නස්, කුඩු බිස්නස්, රත්තරන් බිස්නස් එයාලා කරනවා. (ස)
කවුද එහේ යන්නේ ජරාම රටක් (ස)
අපේ රටේ නීතිය කොහොම වෙතත් ආශීර්වාද ලත් සමහරුන්ට ඕනෑම දෙයක් කිරීමටත් ඔනාමකාලයක් සිටීමටත් ඉඩ තිබේ. අවශ්‍ය ආශීර්වාදය පමණි. (අ)
තමුන්ගේ ජාතිය,ආගම රැකගන්න මේ මිනිස්සු නීතියට වැඩ.ඒකට අපේ දේශපාලඥයෝ? (නි)
සමහර දේවල් දැක්කම අපේ නීතිය කෝ කියලා හිතෙනවා. (ස)
හුසේන් සවුදියෙන් මේ විදේශ විනිමය නොමිලයේ නොලැබේ අපේ මිනිස්සු දහදුක් විදිමින් තමයි මේ විදේශ විනිමය ලංකාවට ලබාදෙන්නේ , සවුදිය කියන්නේ විදේශික ශ්‍රමිකයන්ට (තුන්වන ලෝකයේ රටවලින් පැමිණෙන ) වහලුන්ට වගේ සලකන , වර්ගවාදය ඉහලින් රජයන මෙලේච්ඡ නීතියක් ඇති රටක් බවට ලෝකයේ බුද්ධිමත් බහුතරයකගේ අදහස බව පැහැදිලියි.(නදී)
රවී, ඔබ කියන ඔය ජරා යැයි කියන රටේ ලක්ෂ පහකට ආසන්න ලාංකිකයන් රස්සා කිරීමෙන් ලංකාවට එන විදේශ විනිමය කීයද කියල දන්නවද ? එය ලංකා ආර්ථිකයට කොයි තරම් රුකුලක් දෙනවද කියල ඔයා දන්නවද ? අපේ සිංහල පවුල් කීදාහක් සෞදිවල යාන වාහන තියාගෙන සුර සැප විඳිනවද කියල ඔයා දන්නවද ? ඔය ජාතිවාදී කන්නාඩිය දාගෙන, ඔය කියන රටවල්වලින් ලැබුණු ආධාරවලින් හදපු පාරවල්වල යන්නෙපා. අපි තාම වනචාරී යුගයකටද යන්නේ ජාතිවාදය ඇදගෙන ? මනුෂත්වයේ නාමයෙන් මනුස්සයෙක් වගේ කරුණාකරලා හිතලා උපන් රට දියුණු කරන්න උත්සාහ කරමු.(නදී)
රවිටයි මේ කියන්නේ. රවිල කීදෙනෙක් සෞදියේ ඉන්නවද? ලක්ෂ 5 කට වැඩි පිරිසකගේ පවුල් දශ ලක්ෂ ගානක් සෞදි සල්ලි වලින් ජීවත් වෙන බව ඔබ දන්නවද? සමහර අය ඒ රටටල් වලට බනිනවා එ්ත් දන්නවද අපේ රටට මේ රටවලින් වසරකට කොයි තරම් මුදලක් ආදාර කරනවද කියල පාලම් බෝක්කු මහා මාර්ග වලට රුපියල් කෝටි ගණන් දෙනව කියල දන්නවද ?අපේ රට වගේ නෙවේ මේ රටවල් නීතිය නීතියමයි. ගසාකෑම හොරකම වංචාව,දුෂණය නැතිනිසා දිනෙන් දින දියුණුවට පත්වෙනවා. ජාතිවාදය ඔලුවේ තියාගන්නවා නම් මේ රටවල්වල මුස්ලිම් නොවන එක මිනිහෙක් වැඩට ගන්නේ නැහැ. එහෙම නැති නිසා තමයි මේ රටවල ලෝකේ ඕනෑම කෙනෙකුට ඇවිත් කීයක් හරි හොයා ගන්න ඉඩ දීල තියෙන්නේ.(නදී)