IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සෞදි වැසියාට රියාල් 5300 : පිටරැටියාට 2500

සෞදි අරාබියේ පෞද්ගලික අංශයේ සේවය කරන සෞදි ජාතිකයනට සෞදි රියාල් 5300 (රුපියල් 87255.15)  ක් හා විදේශිකයනට සෞදි රියාල් 2500 (රුපියල් 41158) ක අවම වැටුපක් නියම කිරීමට නියමිතය.

වැටුප් ආරක්ෂණ වැඩපිළිවෙලේ තෙවැනි හා අවසන් අදියරේදී 2015 දී මේ තීරණය ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍යංශය කියතියි අල් ජසීරා අරාබි පුවත්පත කියයි. මෙම වැඩපිළිවෙලේ දෙවැනි අදියර මාර්තුවේදී ඇරඹිණි.

සේවකයන් දහසකට වඩා සිටින සමාගම් සිය සෞදි හා සෞදි නොවන සේවකයන්ගේ වැටුප් කෙළින්ම බැංකු ගිණුමට බැර කළ යුතුයැයි නියම කර තිබේ.

අවම වැටුප් නියම කළේ එරට පෞද්ගලික අංශයට වැඩිපුර සෞදි සේවකයන් ආකර්ශනය කරගැනීමටත් සෞදි රැකියා ජනසතු කිරීම දිරි ගැන්වීමට බවත් එම පුවත්පත කියයි. පෞද්ගලික සමාගම් අවම වැටුප් ගෙවන ආකාරය එරට කම්කරු අමාත්‍යංශය පරිගණක තොරතුරුවලින් නිරන්තරයෙන් සොයා බලන බවද එහි දැක්වේ. සෞදි කම්කරු වාණිජ කමිටු සභාපති මන්සූත් අල් ක්ෂෙත්‍රි පැවසූයේ සෞදි අරාබියේ පෞද්ගලික අංශයේ 1600070 සෞදි ජාතිකයන් සේවය කරන බවයි. එය එරට රජයේ සේවය කරන ප්‍රමාණය ලක්ෂ 5 කින් ඉක්මවා යාමකි.

අල් ක්ෂෙත්‍රි පැවසූයේ සෞදි අරාබියේ පෞද්ගලික අංශයේ සේවය කරන සෞදි ජාතිකයන් විදේශිකයනට වඩා අඩුවෙන් වැටුප් ලබන බවයි. ලෝක බැංකුව හා සෞදි ජාතික ආර්ථික හා සැලසුම් අමාත්‍යංශ අධ්‍යයනයකින් සොයා ගැනුණේ ගල්ෆ් සහයෝගීතා මණ්ඩලයට අයත් රටවල වැටුප් හා සසඳනවිට සෞදි අරාබියේ පෞද්ගලික අංශය සෞදි ජාතිකයනට ගෙවන වැටුප් අඩු බවයි.

එකම රැකියාව කරන සෞදි පිරිමින් සෞදි කතුනට වඩා සියයට 20 කින් වැටුප් ලබන බවද එම අධ්‍යයනයේදී සොයා ගැනිණි. වැටුප් ප්‍රමාදයකින් තෙිාරව සේවාදායකයාට ලැබෙන්නේද යන්න විද්‍යුත් පසුවිපරම් ක්‍රමයකින් නිරීක්ෂණය කිරීමටද සැලසුම් කර ඇත.

ලලිත් ප්‍රේමලාල්

 



අදහස් (0)

සෞදි වැසියාට රියාල් 5300 : පිටරැටියාට 2500

පතිරණ Monday, 17 November 2014 01:18 PM

මේවා අපේ රටෙන් යන ගෘහ සේවිකාවන්ට බලපාන්නේ නැහැ. (හේ)

:       0       0

අකලංක Tuesday, 18 November 2014 01:14 AM

ඒ වුණාට මෙහෙම ගණන් දෙකක් දෙන එක හොඳ නැහැ (නි)

:       0       0

යසිරු Tuesday, 18 November 2014 01:32 AM

සෞදි යන්නේ මොකටද? අපේ රටේ පුලුවන් රස්සාවක් කරගෙන ඉන්න එක හොඳයිනේ (නි)

:       0       0

රවී Monday, 17 November 2014 02:23 PM

මේ දාලා තියෙන ගණන රුපියල් වලින් හරි කියලා හිතෙනවද මේක බලන කට්ටියට.(හේ)

:       0       0

සෙනරත් Tuesday, 18 November 2014 03:32 AM

රුපියල් 41,158 ක් ගන්න සෞදි යන්නේ මොකටද ? ලංකාවේ කුලී වැඩ කලත්, උදේට දවාලට කාල රුපියල් 30,000 ක් ගන්න පුළුවන්. සෞදි වල ඉදල නිවාඩු එනකොට තෑගී බෝග වලට කීයක් යනවද ? ගෙදරට ටෙලිෆෝන් කරන්න කියක් යනවද ? (නදී)

:       0       0

මනෝජ් Monday, 17 November 2014 05:35 PM

මමත් සෞදි වල තමයි ඉන්නේ (නි)

:       0       0

යහම්පත් Monday, 17 November 2014 05:45 PM

තමන්ගේ රටේ අයට කොහොමත් සළකනවා වැඩියිනේ (නි)

:       0       0

අංජලී Monday, 17 November 2014 06:40 PM

අපේ අයට කොහොමද දන්නෙ නැහැ ගෙවන්නේ? (නි)

:       0       0

කල්ප Tuesday, 18 November 2014 08:53 AM

ඔන්න සෞදි පඩි වැඩි කළා.ජයවේවා.(හේ)

:       0       0

ලියනගේ Monday, 17 November 2014 06:54 PM

මේ ගණන් හරිම අසාධාරණයි නේද? (නි)

:       0       0

ටානියා Monday, 17 November 2014 07:35 PM

අපේ ගෘහ සේවිකාවන්ට මේවා අදාළ නැද්ද? (නි)

:       0       0

චමින්ද Monday, 17 November 2014 08:02 PM

මම දිනපතා අල් ජසිරා වගේම සෞදි ගැසට් යන පුවත්පත් දෙකම ගන්න කෙනෙක්. (නි)

:       0       0

කැළුම් Tuesday, 18 November 2014 06:26 AM

ඒකත් නරකම නැහැ (නි)

:       0       0

රිසාන් Monday, 17 November 2014 11:41 PM

සෞදි වැසියන්ට මම දන්න විදියට වැටුප ආයතනයෙන් ගෙවන්නේ භාගයයි. ඉතුරු ගණන දෙන්නේ රජයෙන් (නි)

:       0       0

අසංග Monday, 17 November 2014 01:12 PM

මේ කියන දේවල් හරි හැටි වෙනවා නම් මොකද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 74 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 875 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site