සෞදි අරාබියේ පෞද්ගලික අංශයේ සේවය කරන සෞදි ජාතිකයනට සෞදි රියාල් 5300 (රුපියල් 87255.15) ක් හා විදේශිකයනට සෞදි රියාල් 2500 (රුපියල් 41158) ක අවම වැටුපක් නියම කිරීමට නියමිතය.
වැටුප් ආරක්ෂණ වැඩපිළිවෙලේ තෙවැනි හා අවසන් අදියරේදී 2015 දී මේ තීරණය ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍යංශය කියතියි අල් ජසීරා අරාබි පුවත්පත කියයි. මෙම වැඩපිළිවෙලේ දෙවැනි අදියර මාර්තුවේදී ඇරඹිණි.
සේවකයන් දහසකට වඩා සිටින සමාගම් සිය සෞදි හා සෞදි නොවන සේවකයන්ගේ වැටුප් කෙළින්ම බැංකු ගිණුමට බැර කළ යුතුයැයි නියම කර තිබේ.
අවම වැටුප් නියම කළේ එරට පෞද්ගලික අංශයට වැඩිපුර සෞදි සේවකයන් ආකර්ශනය කරගැනීමටත් සෞදි රැකියා ජනසතු කිරීම දිරි ගැන්වීමට බවත් එම පුවත්පත කියයි. පෞද්ගලික සමාගම් අවම වැටුප් ගෙවන ආකාරය එරට කම්කරු අමාත්‍යංශය පරිගණක තොරතුරුවලින් නිරන්තරයෙන් සොයා බලන බවද එහි දැක්වේ. සෞදි කම්කරු වාණිජ කමිටු සභාපති මන්සූත් අල් ක්ෂෙත්‍රි පැවසූයේ සෞදි අරාබියේ පෞද්ගලික අංශයේ 1600070 සෞදි ජාතිකයන් සේවය කරන බවයි. එය එරට රජයේ සේවය කරන ප්‍රමාණය ලක්ෂ 5 කින් ඉක්මවා යාමකි.
අල් ක්ෂෙත්‍රි පැවසූයේ සෞදි අරාබියේ පෞද්ගලික අංශයේ සේවය කරන සෞදි ජාතිකයන් විදේශිකයනට වඩා අඩුවෙන් වැටුප් ලබන බවයි. ලෝක බැංකුව හා සෞදි ජාතික ආර්ථික හා සැලසුම් අමාත්‍යංශ අධ්‍යයනයකින් සොයා ගැනුණේ ගල්ෆ් සහයෝගීතා මණ්ඩලයට අයත් රටවල වැටුප් හා සසඳනවිට සෞදි අරාබියේ පෞද්ගලික අංශය සෞදි ජාතිකයනට ගෙවන වැටුප් අඩු බවයි.
එකම රැකියාව කරන සෞදි පිරිමින් සෞදි කතුනට වඩා සියයට 20 කින් වැටුප් ලබන බවද එම අධ්‍යයනයේදී සොයා ගැනිණි. වැටුප් ප්‍රමාදයකින් තෙිාරව සේවාදායකයාට ලැබෙන්නේද යන්න විද්‍යුත් පසුවිපරම් ක්‍රමයකින් නිරීක්ෂණය කිරීමටද සැලසුම් කර ඇත.
ලලිත් ප්‍රේමලාල්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අපේ රටෙන් යන ගෘහ සේවිකාවන්ට බලපාන්නේ නැහැ. (හේ)
ඒ වුණාට මෙහෙම ගණන් දෙකක් දෙන එක හොඳ නැහැ (නි)
සෞදි යන්නේ මොකටද? අපේ රටේ පුලුවන් රස්සාවක් කරගෙන ඉන්න එක හොඳයිනේ (නි)
මේ දාලා තියෙන ගණන රුපියල් වලින් හරි කියලා හිතෙනවද මේක බලන කට්ටියට.(හේ)
රුපියල් 41,158 ක් ගන්න සෞදි යන්නේ මොකටද ? ලංකාවේ කුලී වැඩ කලත්, උදේට දවාලට කාල රුපියල් 30,000 ක් ගන්න පුළුවන්. සෞදි වල ඉදල නිවාඩු එනකොට තෑගී බෝග වලට කීයක් යනවද ? ගෙදරට ටෙලිෆෝන් කරන්න කියක් යනවද ? (නදී)
මමත් සෞදි වල තමයි ඉන්නේ (නි)
තමන්ගේ රටේ අයට කොහොමත් සළකනවා වැඩියිනේ (නි)
අපේ අයට කොහොමද දන්නෙ නැහැ ගෙවන්නේ? (නි)
ඔන්න සෞදි පඩි වැඩි කළා.ජයවේවා.(හේ)
මේ ගණන් හරිම අසාධාරණයි නේද? (නි)
අපේ ගෘහ සේවිකාවන්ට මේවා අදාළ නැද්ද? (නි)
මම දිනපතා අල් ජසිරා වගේම සෞදි ගැසට් යන පුවත්පත් දෙකම ගන්න කෙනෙක්. (නි)
ඒකත් නරකම නැහැ (නි)
සෞදි වැසියන්ට මම දන්න විදියට වැටුප ආයතනයෙන් ගෙවන්නේ භාගයයි. ඉතුරු ගණන දෙන්නේ රජයෙන් (නි)
මේ කියන දේවල් හරි හැටි වෙනවා නම් මොකද?(හේ)