IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


සෞදි වෙසක් සතියක් පුරා

මෙවර වෙසක් උත්සවය උත්කර්ශවත් ලෙස සැමරීමට සෞදි අරාබියේ රියාද් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයෝ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය හා එක් වූහ.  විදේශ ගතවුවන්ගේ සංගමය සහ බෞද්ධ එකමුතුවේ සංවිධානයෙන් වෙසක් පොහෝදින සිට සතියක් පුරා වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේය. බත් සහ සිසිල් පැන් දන්සැල්, ලේ දන්දීමේ වැඩසටහන්,  ධර්ම දේශනා, වෙසක් නාට්‍ය, වෙසක් තොරණ, වෙසක් කූඩු තරග ඇතුළු වැඩසටහන් ගණනාවක් මේ අතර විය. වෙසක් සිල් වැඩ සටහන අද (11) ඇරැඹීණි. දාහත් වැනි වතාවට පැවැත්වෙන මෙම වෙසක් පින්කම සාර්ථක කර ගැනීමට බෞද්ධ අබෞද්ධ විශාල පිරිසක් එකමුතුව සහයෝගය දුන් බව බෞද්ධ එකමුතුවේ සංජය ප්‍රසංග වික්‍රමආරච්චි මහතා කියයි.



අදහස් (0)

සෞදි වෙසක් සතියක් පුරා

ශාන් Friday, 11 May 2012 09:08 PM

සන්තෝෂ වෙන්න දෙයක් නෑ.ඔක්කොම එම්බසි එක ඇතුලේ විතරයි.එළියේ මුකුත් නෑ

:       0       0

නිරෝෂන් දිසානායක​ සෞදි අරාබියාවේ රියාද් නුවර සිට Friday, 11 May 2012 09:43 PM

උපුල් හා රසුල් ට වැරදිලා මෙහේ(සෞදි අරාබියේ) කොහෙද අන්‍යගාමික නිදහසක්. මේකත් මේ තානාධිපති කාර්‍යාලයේ තිබුන නිසා පිට නම් මෙහෙම තියන්න දෙයි. බණකට හමුදුරුවෝ නමක් වඩම්මන්න බැරි රටේ කොහෙද අන්‍යගාමික නිදහසක්. පුවත් පත් සගරා ඇතුළු අලෙවිය සදහා තබා ඇති මුද්‍රිත මධ්‍යයේ ඇති සියළුම දේව රූප සහා බුදුරාජාණන් වහන්සේගේ පින්තූර මාකර් පෙන් එකෙන් මකන රටේ කොහෙද අන්‍යගාමික නිදහසක්. අපේ රටේ අන්‍යගාමික නිදහස ඕනවටත් වැඩියි රසුල්

:       0       0

උපුල් Friday, 11 May 2012 11:55 AM

අහන්නත් සන්තෝෂයි, දැන් සවුදි වල අන්‍ය ආගමික නිදහස තියෙනවා කිව්වම

:       0       0

ඉන්දික Friday, 11 May 2012 12:15 PM

ඉතාම හොදයි.හැමෝටම ස්තූතියි

:       0       0

නිහාල් Friday, 11 May 2012 12:59 PM

වෙන අවුරුදු වලට වඩා මෙවර ලස්සනයි.පින් සැමටම!

:       0       0

සරත් Saturday, 12 May 2012 09:39 AM

ආගමික, නිදහසක් නම් මේ රටේ ඇත්තේම නැත. එය මේ රටේ ඉන්න හැමෝම දන්නවා.රජය අනුග්‍රහයෙන් මේ වෙසක් සතිය පැවැත්වීම ගැනත් එයට පූර්න සහයෝගය දුන් විදේශ ගතවූවන්ගේ සංගමයටත් බොහෝ පිං,,,,,,,,,,,

:       0       0

එස්.එල්. Friday, 11 May 2012 01:10 PM

අපිත් ගියා එහේ වෙසක් බලන්න.දැනුනේ හරියට ලංකාවේ වගේමයි

:       0       0

රසූල් Friday, 11 May 2012 01:15 PM

ඔවු සවුදි වල තියෙනවා අන්‍ය ආගමික නිදහස.ඒ උණාට දඹුල්ල? අනේ මන්දා මේවා

:       0       0

කසා Monday, 14 May 2012 10:46 PM

එල....එල

:       0       0

සිසිර Friday, 11 May 2012 01:21 PM

සන්තෝෂයි.ඉස්සර ඕවා තිබ්බේ නෑ

:       0       0

අනුර- Iraq Friday, 11 May 2012 01:37 PM

අපිත ආසයි මෙහෙත් කරන්න.ඒත් අපිට එහෙම කරන්න බෑනේ

:       0       0

අලිබබා Friday, 11 May 2012 01:41 PM

දැන් ඔය කොයි රටෙත් සමානත්මතාව නමැති ප්‍රතිපදාව පවතිනව ළයිනේ. සමහරක් අයගේ හිත්වල තමයි ඒක නැත්තේ. (සන්තෘෂ්ටි පරමං ධනං)වටිනාම ධනය සතුටයි

:       0       0

ජනක, සෞදි අරාබියාවේ ජුබෙල් නගරයෙ සිට Saturday, 12 May 2012 11:11 AM

ඇත්ත නිරෝෂන්, මමත් එකගයි ඔබත් එක්ක. උපුල් හා රසුල් ට වැරදිලා. රසුල් මෙහේ (සෞදි අරාබියේ) අන්‍යගාමික නිදහසක් ගැන කියලා නිකන් අනිත් අයව අන්දන්න හදන්න එපා. මේක තානාධිපති කාර්‍යාලයේ ඇතුලෙ නොතිබුනා නම් බලන්න තිබුනා තොරණ් කෙසේ වෙතත් වෙසක් කූඩුවක් හරි එල්ලන විදිය.... කොටින්ම කීවොත්, බණකට හමුදුරුවෝ නමක් වඩම්මන්න තියා අන්තර්ජාලයෙන් හරි බුද්ධ ප්‍රතිමාවක් භාගත කරගෙන තමන්ගෙ පරිගණකයෙ තබගෙන තිබිල අහුවුනත් රටින් පිටුවහල් කරන්න තරම් දරුණු අන්‍යගාම් විරෝදී නීති තියෙන රටක ඔබ කථා කරන ආගාමික නිදහස විහිළුවක්. ඕවා නොදන්න අයට කියලා නිකන් බෞද්ධ මිනිස්සු මුලාවෙ දමන්න එපා.... පුවත් පත්, සගරා ඇතුළු අලෙවිය සදහා තබා ඇති මුද්‍රිත මධ්‍යයේ ඇති සියළුම දේ මෙන්ම, තැපැල් මගින් ලැබෙන වෙසක් සුභපැතුම් වල ඇති බුදුරාජාණන් වහන්සේගේ පින්තූර හැම දේම කළු මාකර් උලල විනශ කරලා දාන රටේ කොහෙද අන්‍යගාමික නිදහසක්. අපේ රටේ අන්‍යගාමික නිදහස ඕනවටත් වැඩියි. ඒකනෙ මේ රසුල්ල දඹුල්ලෙ කථාව ඇදගෙන උඩුබුරන්නෙ.... හැබැයි හිතන්න එපා සිංහල බෞද්ධයා නිවටයි කියලා...

:       0       0

Sirimal Dunuwila Friday, 11 May 2012 02:18 PM

තානාපති කර්යලබිමේ ඕනදෙයක් කරන්න ඉඩතියෙනවා. බොහො අරාබිරටවල ලංකාවේ වගේ පන්සල්හාදන්න තිය බුදුපිලමයක්වත් ගෙනියන්න ඉඩ ලැබෙන්නේ නැහැ.

:       0       0

සමන් Saturday, 12 May 2012 11:40 AM

රසූල්ලට ඕනවට වඩා නිදහසක් මෙහේ තියෙනවා

:       0       0

අසන්ක Saturday, 12 May 2012 11:52 AM

දන්නේ නැතුව ප්‍රතිචාර දාන්න එපා.සවුදි වල ‍බෞද්ධ නිදහස නෙමෙයි කුරුසයක් වත් ගත්ත බෑ.දැක්කොත් පොළොවේ ගහනවා එයාර් පෝට් එකේදී

:       0       0

සෞදි අරාබියාවේ රියාද් නුවර සිට Saturday, 12 May 2012 11:58 AM

රසුල් දන්නේ නැතිව කතා කරන්න එපා. සෞදි වල ඇති අන්‍ය ආගමික නිදහසක් නෑ. එහේ වැඩට යන මිනිස්සු වීසා එකටවත් දාන්නේ නෑ බෞද්ධ කියලා. මේ ඔක්කොම දේවල් කලෙ ශ්‍රි ලංකා තානාපති කාර්යලය ඇතුලේ. ලංකාවේ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ට ලංකාවේ පන්සල් ඉස්සරහාම පල්ලි හදාගෙන පන්සලේ බණක් භාවනාවක්වත් කරගන්න බැරි වෙන්න පල්ලියේ සද්දේ දාල යාඥා කරන්න දුන්න එක තමා දැන් වැරැද්ද වෙලා තියෙන්නේ. ඒ වගේ නිදහසක් වෙන කොයි රටේද දීල තියෙන්නේ? සිංහල බෞද්ධ රටේ මිනිස්සුන්ගේ හිත හොඳ වැඩියි.

:       0       0

පී ජේ හිරී Saturday, 12 May 2012 12:10 PM

ඔබට වැරදිලා රසුල්.සත් දිනක් පුරා සියලුම දේ සිදු උනේ තානාපති කාර්ය්‍යාලයේ ඇතුලේ.අපිට ඉන් එහාට ගිහින් මේ දේ සමරන්න නිදහසක් තිබුනා නම් මීට වඩා හොදට කරනවා වෙසක් උත්සවය.එහෙනම් පාරේ යන සෞදි මිනිස්සුන්ටත් දන්සල් දෙනවා.දඹුලේ සිද්ධියක් මෙතන්ට ඇදලා ගන්න එපා.නිකන් බොරුවට.මේ රටවල් එක්ක බලද්දි අපේ රටේ තමයි අනය්‍යාගමික නිදහස වැඩි.අපි කිව්වේ දඹුල්ලේ තියෙන අනවසර ඉදි කිරීම ඉවත් කර ගන්න මිසක් වත් මුස්ලිම් ආගම අදහන්න එපා කියලා නෙමෙයි.ඕනවට වඩා නටන්න එපා ලංකාව ඇතුලේ ඔයාලා.තියෙන නිදහසත් නැති කර ගන්න වෙන්නේ ඔයාලට.ඔයා මහ ලොකුවට කතා කලාට මෙහෙ තිබුන වෙසක් සතියට ජාති භේදයකින් තොරව සියලු දෙනාම උදවු කලා මේ සාර්තක කර ගන්න.මුස්ලිම් ජනතාවත් ඇවිත් හිටියා.(දන්සල් වල පෝලිමේ ඉන්නවත් දැක්කා ) ඉතින් එවැනි තත්වයක් උඩ කවුරු උනත් නැට්ට පාගන් කෑ ගහන්න එපා...බුදු සරණයි...

:       0       0

ඉන්දික Saturday, 12 May 2012 01:02 PM

රසුල්ට වැරදිලා මේක තිබුනේ තානාපති කාර්යාලය ඇතුලේ මේකේ ලේ දන්දීමේ පින්කමක් තිබුන. එකට සහබාගි උනේ ලංකාවේ සිංහල දෙමළ මිනිස්සු විතරයි. මම ඒක වගකීමෙන් කියන්නේ. අපි ලේ දෙනකොට ඒ අය හිනාවෙනවා.මැටි ගොඩවල් අපෙන් අහනවා ඇයි උබලට ලේ වැඩිද කියල .ඒ අයට තේරෙන්නේ නැහැ අපි මේ ලේ ලංකාවට ගෙනියන්නේ නැහැ ඒ අයගේ අයටම තමයි මේවා දෙන්නේ කියල.ආගමික නිදහස තියනවනම් ඇයි අපි මේ තානාපති කාර්යාලයේ තාප්පේ ඇතුලෙ මේවා කරන්නේ.මෝඩ ජෝක් දාන්න එපා. ඒ අය අපේ ආගමටත් බයයි.

:       0       0

ජගත් Friday, 11 May 2012 03:25 PM

සඳහම් සිසිලෙන් ලොව නැහැවේවා !!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 22 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 431 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


ඩෑන් මරන්න ඔත්තු බැලූ අයත් අල්ලයි
2025 මැයි මස 03 321 0

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ඔත්තුකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.


සබරගමු නවක වද සිද්ධියේ පරීක්ෂණ සී.අයි.ඩීයට
2025 මැයි මස 03 129 0

සබරගමු විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන්සමනල වැව පොලිසිය වෙත ලද පැමිණිල්ලට අදාළව වැඩ බලන පොලිස්පතිවරයාගේ


ජ‘පුර සිසුවාට පහරදුන් සිසුන්ගේ පන්ති තහනම් කරයි
2025 මැයි මස 03 519 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ සිසුවකුට පහර දුන් සිසුන්ගේ පන්ති තහනම් කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව ව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 568 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1172 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site