මිරිහාන පොලිස් ක්‍රීඩාංගණය ළඟදී පොලිසියට අහම්බෙන් මෙන් අසුවූ සුදුවෑන් රිය පැමිණ ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිට අනතුරක් කිරීමට බවට දැන් තොරතුරු ඇතැයි එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ සටනට එක්ව සිටින ඇමැති එම්.කේ.ඩී.ඒ.එස්.ගුණවර්ධන මහතා දඹුලු ගම්උදාව බිමේ ඡන්ද ප්‍රචාරක රැලියකදී පැවසීය.
මේ රැස්වීමට රනිල් වික්‍රමසිංහ අගමැතිද සහභාගීවීමට නියමිතය.
සන්ධානයේ හිටපු ප්‍රබලයන් දෙදෙනකුද මෙම සිද්ධියට සම්බන්ධ දැයි පරීක්ෂණ පවත්වන බව ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුඟක් දුරට සුවර් නම් අැයි බල බල ඉන්නේ හොරු අල්ලන්න පුලුවන්නේ. දැන් බලන කොට හැම කෙනෙක්ම කරන්නේ තමන්ම මෙවැනි දේ සැලසුම් කරනවා වගෙයි, තමන් කෙරේ අනුකම්පාවත්, අනුන් කෙරේ වයිරයකුත් ඇතිවෙන්න. එන්න එන්නම එකිනෙකාට ගැරහීම් වැඩියි. හොරු හොරු කිය කියා ඉන්නේ නැතිව හිරබාරයට ගන්නවා නම් මහජනතාවට පෙනෙනවා යමක් සිදු උණාය කියලා. දැන් ඔක්කොම දුෂිතයි යැයි නම් දැරු අයටත් නාම යෝජනා ලැබුනානේ. සද්දේ විතරයි අපරාදේ මෛත්‍රී මහතාගේ තත්ත්වය හීන උනා වගෙයි. එතුමා තනි තීරණයක් ගත්ත නම් හරි. තව කෙනෙකුට ඇහුම් කම් නොදී. (නදී)
ඒ කියන්නේ මෛත්‍රී ඉන්නෙත් මහින්දගේ ගෙදරනේ. ! (බ)
මේ ප්‍රවෘත්තිය මුලින්ම දුටු මොහොතේ අපට ඇතිවූ හැඟීමත් එයමයි. හොරාට කලින් කෙහෙල් කැන වැටපැන්නා සේ මෙය මහින්ද මරන්න කරන උත්සාහයක් ලෙස පෙන්නන්න උත්සාහ කරනකොට අපේ සැකය තවත් වැඩිවුණා. අපි අවධාරණයෙන් කියා සිටින්නේ මේවා මැතිවරණයට ප්‍රයෝජනය විය හැකි මාධ්‍යය සංදර්ශන ලෙස යොදා නොගෙන කෙළින්ම සැකකරුවන්ව හිරභාරයට ගන්න කියලා. (නි)
එහෙනම අයි මෙච්චර ඉක්මනට නිදහස් කලේ. දැන් සාක්කිත් තියෙනවනේ ඉක්මනට අත් අඩංගුවට අරන් දඩුවම් කරන්න. බොරු කියා රට රවටන්නේ නැතිව. අපිට දැන් බොරු අහලම තිත්ත වෙලා.(නදී)
මේ තරම් ආරක්ෂාවක් තිබෙන කෙනෙක් හොයාගෙන පිස්තෝලයක් විතරක් තියාගෙන බොරු අංක තහඩු ගහගෙන යන්න තරම් ළද බොළඳ ඝාතකයින් ඉන්නේ සත්‍යා ඔය සත්‍යය දකින අසත්‍යයේ හීන ලෝකේ විතරයි වෙන්න ඇති. අපිට දුක ප්‍රසන්න සිල්වා මහත්තයා ගැන.ඔහු මේ රට වෙනුවෙන් යුතුකම් ඉටුකළ ශ්‍රේෂ්ටඨ රණවිරුවෙක්. (නි)
සුදු වෑන් රිය ගියේ කොහෙද කියල ප්‍රශ්න කලේ නැද්ද ? (නදී)
බැලුවම අර අනාවැකි මොනවද? මෙන්න මිනිස්සු! (නි)
සත්‍යයාගේ ප්‍රකාශයට 100%ක් එකඟයි. දැන් වංශ මොකද කියන්නේ බලමු. (නදී)
ඉතින් එහෙනම් ඇයි මේ ජනපතිව මරන්න සැලසුම් කළ අපරාධකරුවන්ට ශරිර ඇප පමණක් ලබාදීලා නිදහස් කළේ? (නි)
දැන් අපි කවුරු කියන ඒවද පිළිගන්නේ? (නි)