මාධ්‍යවේදීන් දේශපාලන ක්‍රියාකාරීන් සිවිල් සංවිධාන, වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිරිස ඝාතනය කිරීමට පැහැරගෙන ගොස් අතුරුදන් කළ සුදුවෑන් කල්ලිය මෙහෙයවූ බවට චෝදනා එල්ල වී සිටින ප්‍රබල ආරක්ෂක අංශ සාමාජිකයන් තිදෙනාගෙන් ඉදිරි දිනවල දී ප්‍රශ්න කිරීමට නියමිත බව මහජන සාමය අමාත්‍යංශය කියයි.
චෝදනා එල්ල වී සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් තිදෙනා අතර යුද හමුදා මේජර් ජනරාල්වරයකු, නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් වරයකු සහ යුද හමුදා මේජර් වරයකු සිටින බව පොලිස් ආරංචි සඳහන් කරයි.
දැනට විශ්‍රාම ගොස් සිටින මේජර් ජනරාල්වරයා සහ නාවික හමුදා සේවයෙන් ඉවත්ව සිටින ලුතිනන් කමාන්ඩර් සම්බන්ධයෙන් සකස් කළ රහස්‍ය වාර්තා ජනාධිපතිට සහ අගමැතිට බාර දී ඇති බව ද එම ආරංචි කියයි.
චෝදනා එල්ල වී ඇති මේජර් දැන් ආරක්ෂක අංශයක ඉහළ නිලයක් දරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලගේ අදහසට රට ඉන්න මිනිස්සු පුදුම වෙනවා ගල් යුගයේ අයවත් මෙහෙම නැහැ (බ)
සියල්ල අපිට හෙළිකරන්න (නි)
අපි අතීතය අමතක කරමු නේද? (නි)
නීතියට පටහැනිව සැකකරුවන්ට දඬුවම් දෙන්න බෑ. කවුරු කලත් ඒ අයව නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි. (නදී)
පිවිතුරු ඔයාගේ වචන හරිම අපිරිසිදුයි (බ)
සත්‍ය හෙළි කර වැරදි කරුවන්ට උපරිම දඬුවම් දෙනවානම් ගොඩක් හොඳයි. (නදී)
හොයන්න , හොයන්න... හොඳට හොයලා බලන්න (නි)
මාධ්‍යවේදීන් දේශපාලන ක්‍රියාකාරීන් සිවිල් සංවිධාන, වෘත්තීය සමිති නායකයන් ඇතුළු ඝාතනය කිරීමට පැහැරගෙන ගොස් අතුරුදන් කලැයි කියන අයගේ නම් කිහිපයක් දන්නා කෙනෙක් කියන්නකෝ බලන්න ?(නදී)
අපිත් අසාවෙන් ඉන්නේ මේ සුදු වැන් වල ගිහින් අතුරුදන් වුනා කියන මාධ්‍යවේදීන් සිවිල් ක්‍රියාකාරිකයින් වෘත්තීය සමිති නායකයින් කවුද කියල.අපි දන්නා විදියටනම් අපි අහපු අපි දැකපු විදියටනම් සුදු වැන් වල ගියේ පාතාලයෝ,කුඩුකාරයෝ,මිනීමරුවෝ,ස්ත්‍රී දුෂකයෝ වගේ නීතියෙන් ලිහිල් දඩුවම් දීමෙන් සමජයට අසාධාරනයක් වන සමාජ පිළිල පමණයි.ඒ කියන්නේ ඒ අයඅතර මේ වගේ වෘත්තිකයිනුත් ඉඳල තියෙනවද? අනෙක කවුද මේවා හොයන්නේ..තරුණ තරුණියෝ 60 දාහකට මහ මග ටයර් සැයවල් හිමිකරවමින් සියලු මිනිස් අයිතිවාසිකම් බල්ලට දමමින් අවිචාර සමයකට රට ගෙන ගිය අතීතයක් තියෙන එදා කල දේවල් වලට අදටත් දඩුවම් නැති අයගෙන් පිරුණු සැදුනු යු අන් පි කියන පක්ෂය....කාටද මේ විහිලු.. (ස)
88/89 සුදු වැන් , සූරියකන්දේ ළමයි ගැනත් මේ වගේම හොයනවා නම්? (ස)
බුද්ධි අංශ පාවාදෙන්න එපා. එහෙම උනොත් ඔයාලට ගොඩක් කරදර වෙයි. (ස)
සමාජ පිළිල උවත් වැරදි කාරයොන්ට දඬුවම් දෙන්න රටේ නීතියක් තියනවා . ශෝර්ට්කට් හොයාගෙන වැඩ කරනකොට වැරදි ට්‍රැක් වලට වැටෙනවා. (ස)
පිවිතුරු යහපාල මහත්තයා ඔයා නිකන් බබා වෙන්න එපා...... ඔයාගේ හැම අදහසක්ම අපි දකිනවා ලංකාදීප පත්තරේ.... ඔයා නිකන් රාජපක්ෂගේ වන්දිබට්ටයෙක් වෙන්න ලජ්ජා නැද්ද....ඔයාල වගේ රාජපක්ෂලාට කඩේ යන මනුස්සයෝ දැන් නෑ.....ඔයාගේ අදහස් පිරිමිකමටත් ලජ්ජා හිතෙන ඒවා......... (ස)
තමන්ගේ ආධීපත්‍යට එරෙහි වුණ අයට කරපු (තමන්ගේ බලය පාවිච්චිකර) මර්දනයි ඔය සුදු වෙන් සංස්කෘතිය (ම)
සමහර සුදු වෑන් සිද්ධීන් සත්‍ය වෙන්න පුළුවන්. සමහර ඒවා සම්පුර්ණ බොරු. සමහර අය ප්‍රංශයේ, ස්විස්ට්සර්ලන්තයේ ජර්මනියේ, නොර්වේ, ස්වීඩන් රටවල සරණාගත විසා වලින් හොඳ සුඛෝභෝගී ජිවිත වෙනත් නම් වලින් ගතකරනවා. ප්‍රංශයේ මා දන්නා සිංහල දෙන්නෙක් ඉන්නවා ඔවුන්ගේ සිංහල නම් වෙනුවට වෙනත් නම් වලින් ඉන්නේ. (නදී)
පිවිතුරු යහපාල,1971 අමතකද? සූරියකන්දේ ළමයි ගැනත් මේ වගේම හෙව්වා අමතකද? දැන් දියත තියෙන තැන තැනු ස්මාරකය කෝ? (නදී)
පිවිතුරු ජහාපාල මහත්තයෝ මෙදා හම්බන්තොට කෙල වෙනවා. ලොක්ක පැරදුනොත් විශ්‍රාම යනවාද, කුල්ල වගේ එල්ලිලා ඉඳීද? (බ)
සුදු වෑන් ගෙන්වීමත් තහනම් කරා නම් හොඳයි.(ම)
පිවිතුරු යහපාල කියන්නෙත් මහින්දගේ වහලෙක් බව තමයි ඔහු මේ කියන්නේ. මේ රටේ කව්රුත් කැමතියි සුදු වෑන් නැති, භීෂණය නැති කාලයක් උදාවීම ගැන. ඒ වගේම කව්රුත් කැමතියි සුදු වෑන් කල්ලිය නීතිය ඉදිරියට ගෙනාවට. හැබැයි වහල්ලු විතරක් මේවට අකමැතියි. (නදී)
ඉක්මනට කවුද කියලා එළි කරලා ඒ සිද්ධියට සම්බන්ධ සියලු දෙනාම අල්ල ගත්තා නම් හරි.(හේ)
මොන අපරාධ කාරයෙකුට වුනත් රටේ පවතින නීතියෙන් දඩුවම් දිය යුතුයි. ඒක තමයි යහ පාලනය කියන්නේ. (ර)
වැරද්ද කවුරු කලත් වැරද්ද ඒවා නැවත් විය යුතුයි ඒ වගේම හොද දේ අගය කළ යුතුයි. (ර)
මෝඩ යහපාලන මහත්තයෝ තරුණයන් 88 දි මැරුණේ නිකං හිටිය නිසාද පැවති රජයට එරෙහිව මිනිමරු පැසිස්ට් විප්ලවයක් ඔවුන් කළේ නැද්ද එක තුණ්ඩු කෑල්ලෙන් කඩ සාප්පු පාසැල් වැසුවේ නැද්ද? රාජ්‍ය නායකයෝ මැරුවේ නැද්ද? මිනිස්සුන්‍ේ පරම අයිතිය වන ඡන්ද අයිතිය පාවිච්චිය වැළක්වුවේ නැද්ද? බල්ලෝ බලල්ලු වගේ මිනිස්සු පාරේ මැරුවේ නැද්ද? එවැනි පාලනයක් ජේවිපිය අරන් ගියේ 88 89 දී. එතකොට රජයක් විදියට එය මර්දනය නොකරානම් ඔබ අද අද බාලයින් සේ අන්ධ භක්තියෙන් සරණ යන මහින්දටවත් ඉන් පෙර සිටි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියටවත් බලයට ඒමට නොහැක. එදා එවැනි ත්‍රස්ත්‍රවාදයක් දියත් කළේ දකුණේ සිංහල ත්‍රස්ත්‍රයන්. එය ප්‍රේමදාස ජනාධිපතිට මර්දනය කරන්න සිදුවුණා. එය මර්දනය කිරීමේදි අහිංසක තරුණයනුත් ජීවිතයෙන් වන්දි ගෙව්වා. එලෙසම දැන් උතුරේ පැවැති එල්ටීටීඊ ත්‍රස්ත්‍රවාදයත් එය පහුගිය කාලයේදි මහින්ද රාජපක්ෂ මර්දනය කළ ආකාරයත් සිහියට නගා ගත හොත් දෙක අතර කිසිදු වෙනසක් නොමැති බවත් 88 89 දී මල්ටි බැරල් හෝ ගුවන් ප්‍රහාර පාවිච්චි නොකළ බවත් තේරුම් ගත් විට වඩා විනාශක් වඩා තරුණ ඝාතනයක් සිදුවුයේ කවර යුගයේදීදැයි ඔබ වැනි මිනිස්සු තේරුම් ගනු ඇති. (බ)