මැදපෙරදිග ස්වසන (කොරෝනා මාර්ස් ) වයිරසය සෞදි අරාබිය ඇතුළු රටවල් කීපයකට පැතිරී යයි.
මෙම වයිරසයෙන් 126 දෙනෙකු මරණයට පත්වී ඇති බවත් ,වයිරසය වැළදී ඇති අයගේ ගණන 468 ක් පමණ වන බවත් වාර්තාවේ.
2003 වසරේ ආසියාවට ව්‍යාප්ත වු සාර්ස් නමැති මෙයට සමාන රෝගයෙන් 8273 දෙනෙකුට වැළදී 800 දෙනකුට පමණ ජීවිත අහිමිවිය .
මැදපෙරදිග පැතිරෙන කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ ලෙස කැස්ස, උන සාමාන්‍ය සීතල,විඩාව,මහන්සිය,සෙම ගතිය ,වෙව්ලීම,හුස්ම ගැනීමේ අපහසුව සමග ස්වසන පද්ධතිය බලපෑම සහ වකුගඩු ක්‍රියා කාරිත්වය දුර්වල කිරීම ආදීය වෙයි.
ප්‍රතිශක්ති කරණය හීන වී මරණය පවා ඇතිවිය හැකිබවත් සදහන් මෙම වයිරසය පැතිරීම වළක්වා ගැනීම සදහා විශේෂ කර්ය පිළිවෙත් අනුගමනය කරන ලෙස සෞදි මාධ්‍ය මගින් දැනුම් දෙයි.
සැහැල්ලු සහ උණුසුම් ආහාර ගැනීම,සුදුලුනු ,දෙහි,ඉඟුරු,ස්වාභාවික පැණි,යෝගට්,ගෙදර සාදන කුකුළුමස් සුප්, තේ,බාර්ලි,ඕට්ස් ,වැනි ආහාර ගැනිම ව්‍යායාම,පිරිසිදු හිරු එළිය ලබාගැනීම,වේලාසනින් නිදාගැනීම ආදිය පිළිපදින ලෙසද එම ක්‍රියා මාර්ග තම දරුවන්හට කියාදීමෙන් මගින් මෙම රෝගය අවම කරගත හැකිබව ද සෞදි බලධරයෝ කියති.
එසේම ගෙදරදී කැස්සක් අත්වූ විට භාවිතා කරන කඩදාසි කසල බඳුනට නොදැමීම මිනිසුන් ඉදිරියේ කෙළ ගැසීමෙන් වැළකීම,සැමවිටම උණුවතුරෙන් අත සේදීම,ඒ සදහා මධ්‍යසාර මිශ්‍ර සබන් දියර පාවිච්චි කිරීම, කට වැසුම් පාවිච්චි කිරීම මිනිසුන් වැඩිපුර ගැවසෙන ස්ථාන වල රැදී නොසිටීම ආදියෙන් මෙම වයිරසයේ අවදානම අවම වන බව පුවත්පත් සදහන් කරයි,විශේෂයෙන්ම රෝගය වැළදී ඇති අයකු ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ බඩුබාහිරාදිය ද තැබීම තුවා කොට්ට මෙට්ට භාජන ආදිය වෙන්කැර තබා ගැනීම.ගෙදර බදු මුට්ටු ආදියෙහි මතුපිට පිරිසිදුව තැබීම රෝගය වළක්වා ගැනීමේ ක්‍රම බව වෛද්‍යවරු කියති.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞදි ලෙඩෙන් බේරෙන හැටි කියයි
රොෂාන් Wednesday, 14 May 2014 02:48 AM
ලලිත්ට ස්තුතියි මේ ගැන හොයල අපිට දැනුවත් කලාට. (නදී)
රොෂාන් Tuesday, 13 May 2014 06:59 PM
හරිම වැදගත් ලිපියක්. ලංකාදීපයට හැමදා ස්තුතියි. පින්බර වෙසක් සමයක් සියලු ලෝක වාසීන්ට !!!! (දිල්)
මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 13 May 2014 07:08 PM
ලංකාදීප එසැණ පුවතට ස්තූතියි. එහෙත් අපේ තානාපති කාර්යාලය මේ පිළිබඳව කිසිම දෙයක් දන්නේ නැහැ කියලයි මට නම් හිතෙන්නේ (නි)
සුනිල් Wednesday, 14 May 2014 09:48 AM
අපිව දැනුවත් කළාට පින්! (නි)
ගයාන් Wednesday, 14 May 2014 10:01 AM
පුදුම ලෙඩනේ තියෙන්නේ (ස)
නිල්මිනී Tuesday, 13 May 2014 08:21 PM
ලංකාවටත් මේක බෝවෙන්න පුලුවන්. ඇයි ලංකාවෙන් භාගයක්ම ඉන්නේ සෞදියෙනේ (නි)
ජගත් සෞදි Wednesday, 14 May 2014 11:36 AM
ස්තූතියි ලංකාදීප, දැනුවත් කළාට. (නි)
ඉන්දික Tuesday, 13 May 2014 10:59 PM
රිස්වාන් කියනවා තානාපති කාර්යාලය කිසිමදෙයක් කිව්වේ නැහැ කියල............................. එයාල දන්නේ..පැනපු අය අය අල්ලලා දීල සල්ලි ගන්න විතරයි .......එයාලට ඕවා වැඩක් නැහැ. අපි නොදන්නා සව්දිය (දී).
මංජුල පෙරේරා රියාද් Tuesday, 13 May 2014 11:01 PM
මන් දැක්ක අපේ තානාපති කාර්යාලයේ අය නම් කට වැසුම් පලද ගෙන හිටිය . ලංකාදීප කියනකම් අපිට ඒ අය කව්වේ නැ ස්තූතියි ලංකාදීප (දී)
එශාන් Wednesday, 14 May 2014 11:31 PM
කීලෙකට මොකාක් හරි වසංගතයක් එනවනේ (දී)
ජිනසේන පෙරේරා Wednesday, 14 May 2014 11:32 PM
හොඳ තොරතුරක්.ස්තුති (දී)