කොරෝනා මාර්ස් වෛරසය වැළදීමෙන් දැනට සෞදි අරාබියේ මියගොස් ඇති ගණන 173 දක්වා ඉහළ ගොස් ඇතයි සෞදි අරාබි සෞඛ්‍ය බලධරයෝ සෞදි පුවත් පත් මගින් ප්‍රකාශ කරසිටී.
අමාත්‍යංශ වෙබ් අඩවිය සඳහන් කරනුයේ ජෙඩා සහ උතුරු තබුක් ප්‍රදේශ වල දෙදෙනෙකු සහ රියාද් මක්කම සහ සෞදි බටහිර කලාපයේ තායිෆ් හි තිදෙනෙකුද කොරෝනා වයිරසය ආසාදිත වීමෙන් මරණයට පත්වී ඇති බවයි.
මේ වනවිට 537 දෙනෙකුට කොරෝනා වයිරසය වැළදී ඇති අතර සෞදි අරාබියට අමතරව ඊජිප්තුව ,ලෙබනන්,නෙදර්ලන්තය එක්සත් අරාබි එමීර් රාජ්‍ය ,සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවලද වෛරසහ වලදී ඇති රෝගීන් සොයා ගෙන ඇතිබව පවසයි.
මෙහි රෝග ලක්ෂණ ලෙස වෛරසය පෙනහළු වලට ඇතුළු වීමෙන් කැස්ස,උන ගැනීම තෙහෙට්ටුව,විඩාව,හුස්ම ගැනීමේ අපහසු තාවය පෙන්නුම් කරන අතර මුල් අවදියේම පරීක්ෂා කරගැනීම සුභ දායක බව කියයි,
කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිදානය පසුගිය සතියේ විශේෂ සැසි වාරයෙන් පසු ප්‍රකාශ කර සිටියේ තවමත් කොරෝනා වෛරසය ලෝකය පුරා පැතිරීමේ අවදානමක් නොමැති බැවින් හදිසි ක්‍රියාමාර්ගයක් ගැනීම අනවශ්‍ය බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි මේ ලෙඩේ අඩු කරන ක්‍රමයක් හොයා ගන්න බැරි ඇයි. (ස)
ගොඩක් යහපත් වැඩක් ලංකාදීප. කොහොම හරි මෙමගින් ගැලවෙන උපායක් හැදුවොත් හොඳයි. (ස)
සෞඛ්‍ය සංවිදානය නම් කියයි. කටාර් වලට තාම නැහැනේ.(නදී)
හා, හා , මොකුත් කියන්න එපා. (ස)
මම ඉන්නෙත් ඔය සඳහන් කර තිබෙන නගරයක තමයි (නි)
රෝගය පිළිබඳව සෞදි වැසියන්ට සහ විදේශීය ශ්‍රමිකයන්ට නිසි වැටහීමක් නැහැ. එනිසා තත්ත්වය භයානකයි. ලාංකිකයන්වත් බේරගන්න ලංකාවේ මාධ්‍ය හරහා හරි රෝගයෙන් ප්‍රවේසම් වීමේ ක්‍රම සහ විධි කියාදුන්නොත් හොඳයි. අපේ තනාපති කාර්යාලය මේ සම්බන්දව කිසිම උපදෙසක් මේ වන තුරු අපි ඉන්න පළාත් වලට දෙනුම් දීමක් වත් එය ගැන කතාවක් වත් නැ අප සිටින පළාත හා ජෙඩා අතර දුර කිලෝමේටර් 350 පමණ වනවා රෝගය බෝවීමේ අවදානම් තත්වයක් තියනවා මොකද මක්කම යන අය යන්බු ගුවන් තොටුපල හරහා ආපසු යනවා මේ ගැන අපේ රටේ රජයවත් තානාපති කාර්යාල වලට දැන්විය යුතුයි.(නදී)
රෝගය පිළිබඳව සෞදි වැසියන්ට සහ විදේශීය ශ්‍රමිකයන්ට නිසි වැටහීමක් නැහැ. එනිසා තත්ත්වය භයානකයි. ලාංකිකයන්වත් බේරගන්න ලංකාවේ මාධ්‍ය හරහා හරි රෝගයෙන් ප්‍රවේසම් වීමේ ක්‍රම සහ විධි කියාදුන්නොත් හොඳයි. (නදී)
රෝගය පිලිබදව සෞදි වැසියන් දැනුවත් කිරීම දිනපතා ප්‍රමාදයකින් තොරව සිදුවෙනවා. එසේ නොවූනා නම් දිනකට මේ රටට පැමිණෙන වන්දනාකරුවන්ගේ මෙම රෝගය මුළු ලොවටම පැතිර යාමට පුළුවන් .ලාංකිකයන් දැනුවත් කිරීම නම් සිදුවී නැහැ. තානාපති අංශයන් එය සිදුවිය යූතූයි.(නදී)
මේක අපේ රටටත් එයිද කියලා හරි බයයි (නි)