නාවුල යොවුන් සේනාංකය අසල දී සරොම්, කමිස සහ සාරි බෙදා දීමේ වැඩසටහනක ඇති වූ තෙරපීමකින් තුවාල ලැබූ වැඩිහිටියන් හය දෙනකු රොහල් ගත කළ බව මාතලේ දිස්ත්‍රික් වැඩිහිටි සංවිධානයේ නිලධාරියෙක් පැවසීය.
නියෝජ්‍ය ඇමැතිවරයකු විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහන නාවුල පිට්ටනියේ දී පැවැත්වීමට නියමිතව තිබුණත් ජනාධිපතිවරණ සමයේ මෙවැනි බෙදාදීම් සිදු කළ නොහැකි බව කියමින් මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ මහතා එය වැළැක්වීය.
ඉන් පසු ඇඳුම් කට්ටල විසි දහසක් බෙදා දීමේ එම වැඩසටහන නාවුල පිට්ටනියේ නොතියා යොවුන් සේනාංකය අසල පැවැත්විණි.
කැෆේ සංවිධානයේ මෙහෙයවීමෙන් පැමිණ සිටින ජාත්‍යන්තර මැතිවරණ නීරීක්ෂණ කණ්ඩායමක් ද මෙම වැඩසටහන ගැන විමර්ශනයක් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් ඇදුම් ඇදගෙන ගිහින් මෛත්‍රී ට ඡන්දය දෙන්න. එතකොට කවුරුත් ඇදුම් දෙනකල් බලන් ඉන්න ඕන නැහැ අනාගතයේදී. (නදී)
ලැජ්ජයි, අහෝ ලැජ්ජයි (නදී)
පිනට බෙදන, පිනට ගන්න සමෘද්ධි කාරයෝ ටික තමයි මේ රට කන්නේ. මහන්සිවෙලා වැඩකරන මිනිස්සුන්ගේ, ව්‍යාපාර කරන මිනිස්සුන්ගේ බදුවලින් මේ දෙගොල්ල ජීවත් වෙන්නේ. රටට කරන දෙයකුත් නැහැ (නදී)
බල්ලන්ට මස් කට්ටක් දෙනවා වගේ ඡන්දෙ ගන්න මිනිසුන්වත් ඒ තත්ත්වෙට දාලා. කොයිතරම් අසීලාචාරද ? (බ)
හාදවෙලා යමන් පනේ සිරි සැප දෙන්නයි - පට කම්බා අදින්න දෙන්නයි (නදී)