කොපමණ කලක් සෞදි අරාබියේ රැකියාව කළද අවසන් වරට රටින් පිටවී යාමෙන් නැවත රැකියාවක් සදහා වසර දෙකක කාලයකට සෞදි අරාබියට පැමිණීම වැළක්වීමේ යෝජනාවක් වෙළඳ මන්ත්‍රණ කම්කරු වෙළදපොල කමිටුව විසින් නිදේශ කරනු ලැබ ඇතැයි ‘‘ඇරැබ් නිව්ස්” පත්‍රය කියයි.
මෙම නිර්දේශය ඉහළ බලධාරීන්ගේ අනුමැතිය පිණිස අශරකියා වෙළද මණ්ඩලයේ රැස්වීමකදී සම්මත විය. 1975 වසරේදී අනුමත කර 1977 වසරේදී යාවත්කාලින කරන ලද ගිවිසුම් උල්ලංඝනය කොට මෙරටින් පිටව ගිය විදේශිකයින් සදහා පැනවූ වසර තුන වසරකින් අඩුකිරීම මෙහි අරමුණ බව සදහන් වෙයි.
මෙම නිර්දේශයේ තවත් වගන්තියක් යටතේ යෝජනා වී ඇත්තේ යම් හෙයකින් ගිවිසුම් ප්‍රකාරව තම අභිමතය පරිදි ගිවිසුම දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කරමින් රටින් පිටවී යන විදේශික ශ්‍රමිකයන් සදහා වසරක කාලයක් සෞදි අරාබියේ රැකියාවකට පැමිණීම තහනම් වනු ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නීතියම දැන් ඕමාන් වලත් තියෙනවා කවුරු වුණත් තමන්ගේ දැනට තියෙන වීසා එක කැන්සල් කරලා ගියොත් ආයෙත් අවුරුදු 2 ක් යනකං එන්න බැහැ(අ)
ශ්රී ලංකික ශ්‍රමිකයන් සෞදි රටට එවීම අපේ රටින්ම නවත්තනවනම් හොදයි. මෙහෙ ඉන්න මිනිස්සු අන්තිමයි. හිතන් ඉන්නේ මෙහෙ වැඩට එන අය සත්තු කියලයි. (ර)
අපේ රටෙන් සෞදියට කට්ටිය යවනකොට පොඩ්ඩක් හොයලා බලන්න.මොකද මම දැනුවත්ව එහෙට ගියාට පස්සේ ටික කාලයක් යනතුරු එයාලට පඩි දෙන්නේ නැහැ.ඉතින් එයාල වෙන රැකියා වලට යනවා.ඊටපස්සේ ඉතින් කරදර.පව් අපේ කට්ටිය! (නි)
මෙවැනි යෝජනා සම්මත කරගන්නේ හුදෙක් ඔවුන්ගේම වාසියට බවයි මට නම් සිතෙන්නේ. විශාල ප්‍රශ්න ගොඩක් හිසේ දරාගෙන අළුතින් එන කාන්තාව ඔවුන්ගේ තාඩන පීඩන, වධ හිංසා ඉවසාගෙන, අසරණ වී කියන ඕනෑම වෙලාවක ඕනෑම වැඩක් කිරීමට ඉදිරිපත් වෙනවා. ප්‍රශ්න ටිකෙන් ටික විසඳෙනවාත් එක්කම, තව තව අයගේ ඇසුර ලැබෙනවාත් එක්කම, භාෂාව, වැඩ රටාව තේරුම් ගැනීම වැනි කරුණු මත බොහෝ ගෘහ සේවිකාවන් තමන්ගේ අයිතිවාසිකම්, විවේකය වැනි දේ ගැන කතාකරන්න පටන් ගන්නවා. සේවිකාවක් අවශ්‍ය නිසා මෙයාලා ගිවිසුමට අත්සන් තැබුවත් එහි ඇති එකදු වැකියක් ක්‍රියාවට නංවන්නටවත්, අඩුම තරමේ පිළිගන්නටවත් සුදානමක් නැහැ. ගෘහ රියදුරන්ගේ තත්වයත් ඉතාම ශෝචනීයයි. වගකිවයුත්තන්ට මෙය පෙනී මේ ගැන සිතන්න, පියවරක් ගන්න නුවණ පෑදේවා! (නි)
අනේ! වසර දෙකක් ඉඳලා ලංකාවට ආවහම නැවත සෞදියට යන්නම බැරිවිදියට තහනම්ම කරනවා නම්... මේ ප්‍රවෘත්තිය දැකලා සමහර ලොකු ලොකු මැති ඇමතිලාට පෙෂර් වැඩිවෙලත් ඇති දැන් (නි)
මගේ අදහස සවුදියට ගැනු එවිම තහනම් කරන්න ඔනේ එ මොකද දන්නවද ?ගැනු විදින දුක ?සවුදි රට තරම එපාකරපු රටක් මම ඉතන්නේ වෙන කොහේවත් නැ (බ)
මම කියන්නේ අපේ රටට විදේශිය මිනිමය උපයගන්න ලෝක වෙළද පොළ සමග තරග කරන්න පුළුවන් නිෂ්පාදන රට තුල නිපදවන්න ඕන අපේ රටේ කාන්තාවන් පිට රටට විකුණලා සල්ලි හොයනවා කියන්නේ අපේ පිරිමින්ගේ කොන්ද පන නෑ කියන එක තමා (බ)
සුළු වැටුපකට මැදපෙරදිගට අපේ සිංහලයින් යැවීම නවත්වන්න. කරුණාකර අපටත් ඇමෙරිකානු පුරවැසි බව ලබාදෙන්න. අඩුම තරමින් ඕස්ට්‍රේලියාවේවත් අපිට රැකියාවක් ලබාදෙන්න. (නි)
මේ නීති ගැන මගේ හිතේ නම් වැඩි කැමැත්තක් නැහැ (නි)
රටක් විදියට අපි මොනතරම් පහත් පිළිවෙතක්ද අනුගමනය කරන්නේ කියලා මට හිතෙනවා. අපේ අම්මලා, අක්කලා, නංගිලාගෙන් තමයි අපේ ආර්ථිකය තර කරගන්නේ. විදෙස් විනිමයෙන් 45%ක් උපයන්නේ මැදපෙරදිග සේවය කරන කාන්තාවෝ. නමුත් ඔවුන් මුහුණදෙන සැබෑ යථාර්ථය දන්නේ ඔවුන්ම පමණි.මේ තිත්ත ඇත්ත දන්නවා නම් සියලු දෙන.... (නි)
යම් කෙනෙක් කලක් විදේශයක රැකියාව කරනවිට ඔහු එම රටේ භාෂාව, සංස්කෘතිය, වැඩකරන ආකාරය පිළිබඳ මනා වැටහීමක් ලබාගන්නවා. එවැනි කෙනෙක් වෙනුවට නවකයෙක් ගන්නා විට ඔහුට මුලික අවබෝධය ගැනීමට සෑහෙන කාලයක් ගතවනවා. සෞදියේ නම් කරන්න යන්නේ වෙනත් අරමුණක වැඩක් වගේ. කොහොම වුණත් මෙවැනි රටවලට කාන්තාවන් යැවීම නම් නීති නිසා නොව අප විසින්ම සිතා අවම කළ යුතුය. (නි)
ෂා නියමයිනේ! (නි)
මැදපෙරදිග නම් ඕනම නෑ.ලංකාවෙන් යවන එකම තහනම් කරානම් හොඳයි.කාලකණ්නි ජාතියක් මැදපෙරදිග ඉන්නේ. (බ)
මොන නිති ගෙනාවත් විදෙස් ශ්‍රමිකයන්ට යහපතක් නැ .දහඅට වංගුවටත් වඩා නැමෙන විදේශසේවා අමාත්‍යාංශයේ නිලධාරීන්.(හේ)
මේවා මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි (නි)
ඔය රටවල් මොන නිතිය ගෙනාවත් අපිට වහල්ලු වගේ තමයි සලකන්නේ. (ර)
මෙම නීතිය වගේම නිවාස වල සේවයට පැමිණෙන සේවිකාවන් සදහා සේවාකාලය උපරිම වසර 4 හෝ 5 සදහා සීමා කල යතුයි නැවත රැකියාවක් සදහා වසර 5 කාලයකට පැමිණීම වැළක්වීය යුතයි. මෙන්ම ඔවූන්ගේ වැටුප් නිසිපරිදි ලබා දෙන්නේද යන්න තානාපති කාර්යාල මගින් සොයා බලන ලෙස රජය ඔවූන්ට නියෝග කල යුතයි. (ර)