සෞදි කම්කරු නීතිය අනුව යම් ආයතනයක් සේවය අවසන් කිරීමේදී ආයතනය විසින් සේවකයාට දියයුතු ප්‍රතිලාභ කවරේදැයි සෞදි කම්කරු නීතියේ 85 සහ 84 යන වගන්ති යටතේ බව ඇරැබි නිව්ස් පුවත්පත කියයි.
‘කම්කරු නීතිය අනුව සේවය අවසන් කිරීමේ ප්‍රතිලාභ ගණනය වනුයේ සේවකයා ඉල්ලා අස්වීමකදී ,සේවා ගිවිසුම කල් ඉකුත් වීමකදී හෝ සේවා යෝජකයා සේවා ගිවිසුම අහෝසි කිරීමකදීය.
කම්කරු නීතියේ 85 වැනි වගන්තිය ප්‍රකාරව සේවකයා නොකඩවා වසර දෙකකට නොඅඩු සහ වසර 5 කට නොවැඩි කාලයක් තම ආයතනයේ රැකියාව කර සිට ඉල්ලා අස්වී ඇත්නම් තුනෙන් එකක ප්‍රතිලාබයක් හිමිවන බව එම වාර්තා සදහන් කරයි.
නොකඩවා වසර වසර පහකට වැඩි එහෙත් වසර දහයකට අඩු කාලයක් සේවය කළේ නම් ලැබෙන ප්‍රතිලාබය තුනෙන් දෙකක් බව සදහන් වෙයි.
සේවා යෝජකයා විසින් සේවය අහවර කැරුණු විටකදී හෝ සේවා ගිවිසුම කල් ඉකුත් වුවහොත් සෞදි කම්කරු නීතියේ 84 වගන්තිය ප්‍රකාරව හිමිවනුයේ පළමු වසර 5 කාලය සැම වසරකටම දින 15 ක වැටුප් ප්‍රතිලාභ සමග ඊට වැඩි සැම වසරක් සදහාම මාසයක වැටුප බැගිනි.
සේවය අවසන් කිරීමේ ප්‍රතිලාභ ගණනය කරනුයේ අවසන් වරට ලබාගන්නා වැටුප සැළකිල්ලට ගනිමිනි.සේවය අවසන් කිරීමේ ප්‍රතිලාභ ගණනය කිරීමේදී සේවය කරන ලද කාලයට සමානුපාතිකව ගණනය කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ පඩිය 3500 මට අවුරුදු 2ක් පිරෙනකොට කියක් ලැබෙනවාද මොකද්ද හිමිකම කියන්නේ උදාහරනයක් දෙන්න ගානක් දලා.(හේ)
මේ ප්‍රතිලාභ බොරු.(හේ)
ඕවා ක්‍රියාත්මක කරන්නේ කවුද දැන්? සෞදි අරාබිවල ඉන්න නිලධාරීන්ද? (නි)
මිනිස්සු ජිවත් වෙන්නයි මෙවා කරන්නේ (දී)
ඔය ප්‍රතිලාබ ලැබුන කෙනෙක් ඇත්නම් පුදුමයි. (ර)
සෞදි යන්න හිතෙනවා දැන්නම්, මටත් (නි)
හොද තැනකට හම්බවුනොත් හොදයි.(හේ)
කිසි වාසියක් නෑ.(හේ)
ඔය කියන විදියට දෙන්නේ නෑ.(හේ)
සෞදි රැකියාවේ වාසි මුදලින් වගේම අවාසිය තමන්ගේ ජිවිතයෙන්ද ලබාගැනීමට මෙන්ම ගෙවීමට හැකිවෙනවා. මම දන්නා පරිදි ඉහත ගෙවීම් බොහොමයක් ආයතනයන්හි සිදු කරන බව නොරහසක්. අවුරුදු දෙකක සේවා ගිවිසුම කල්පිරුණු පසු යම් අයෙක් නිවාඩුවක් ලෙස ශ්‍රී ලංකාවට යන්නේ නම් ඔහු වෙත මාස 2 හෝ 3 නිවාඩුවක් ලබාදෙන අතර මාස දෙකක පඩියක් ඔහුවෙත ලබාදෙයි. එමෙන්ම ඔබගේ සේවා කාලය දිගු කරගත හැකිවන අතර ඔබ වසර 10 ක් එකම ආයතනයෙහි සේවයේ දී ඇත්නම් වසර 10 කට පසු ආයතනයන් විසින් වසරක් පාසා මසක නිවාඩුවක් ලබා දෙන අතර යාමට ඒමට ගුවන් ටිකට්පත්ද ලබා දෙයි. ඉහත ප්‍රතිලබයන් ගෘහ සේවයේ නියුතු වුවන් වෙත කෙසේ සිදුවනවාදැයි මගේ අවබෝදයක් නැහැ. (ර)
ලලිත් ප්‍රේමලාල් මහතාණෙනි, ඔබගේ පණිවිඩයට බොහොම ස්තුතියි. තව ටිකක් ගැඹුරුව පැහැදිලි කෙරොත් හොඳයි කියල හිතනවා. උදා- රුපියල් 2000 මුලික පඩිය ගන්නා කෙනෙකුට වසර 2 න් පසු, වසර 2 සිට 5 දක්වා, වසර 5 සිට 10 දක්වා. ලැබෙන මුදල සඳහන් කෙරොත් ඉතා පැහැදිලියි. එතකොට ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් තේරුම් ගත හැක. ඔබට හා ලංකාදීප'ට ස්තුතියි. (ර)
මෙහෙ හැම ආයතනයකම මෙම ගෙවීම් ඒ ආකාරයෙන්ම ගෙවනවා මමත් දැන් මෙහෙ වසර 14 සේවය කරනවා මෙමෙ ගෙවීම් කරන්නේ සේවය අවසන් කරන කාලය තුල ලැබෙන වැටුපට අනුවයි. උදාහරණයක් හැටියට මම මෙහෙට අවේ 2000 වසරේ එවිට මගේ වැටුප රියල් 1200 දැන් මට ගෙවන්නේ 2800 එතකොට මම දැන් ඉල්ලා අස්වීමේදී මට මේ සියලු ප්‍රතිලාබ ලැබෙන්නේ දැන් පවතින 2800 වැටුපටයි මෙහෙ එම ගෙවීම් හැම ආයතනයකින්ම අනිවාර්යෙන්ම ගෙවනවා හැබැයි නිවාසවල සේවය කරන අයටනම් මම දන්නා හැටියට එහෙම ගෙවීමක් නැහැ එම නිවසේ හාම්පුතුන්ගේ කැමැත්ත අනුව යම් දෙයක් දුන්නොත් ඇරෙන්න .මම දන්නා හැටියට මෙහෙ ආයතනයන් වල සේවය කරන අයට කිසිම ප්‍රශ්නයක් නැහැ හොඳ උගත් කමක් ඇතුව හොඳ රැකියාවකට අාවනම්. අපේ රටේ අය ලංකාවේ මුදලින් මාසයකට 500000 පමණ වැටුපක් ගන්න උදවිය බොහොමයක් ඉන්නවා ...හිතන්න ඒ අය සේවය අවසන් කරලා ලංකාවට එන දවසකට කොපමණ මුදලක් අතට ලැබෙනවද කියල ..මට වුනත් මම කරන රැකියාව ලංකාවේ කලොත් මට මාසයකට වැඩිම වුනොත් 30000 ලැබේවි .(අ)
මට මේ ප්‍රතිලාභ ලැබෙනවා ළඟදී මා මගේ අවුරුදු 2 සම්පුර්ණ කළ විගස මට මේ කියූ පරිද්දෙන්ම ප්‍රතිලාභ ලැබෙන එය සෞදි රියල් වලින් දහසය දාහක්.(හේ)
මේක අලුත් දෙයක් නොවයි. මෙපමනකල් තිබෙන්නේ මේ නීතිය තමයි.(හේ)
අනිවාර්යෙන්ම ලැබෙනවා, කවුරුහරි හාම්පුතෙක් නොගෙව්වොත් සේවකයාට කම්කරු උසාවියට යන්න පුළුවන්, උසාවියෙන් හාම්පුතා හිතාමතා ගෙවීම් පැහැර ඇරලා කියලා ඔප්පු වුනොත් වන්දිත් එක්ක ගෙවන්න ඕනි. ඔහුට නැවත වීසා දෙන්නෙත් නැහැ. මේ නීති එදා සිටම තියෙනවා. මිනිස්සුන්ගේ නොදන්නා කමින් කපටි හාම්පුත්තු ප්‍රයෝජන ගන්නවා ඇති. හොඳ සමාගම් මේ නිතිය අකුරටම පිළිපදිනවා.(හේ)
සමහර ආයතන වල ගෙවනවා.නිවාස වල වගේ වැඩ කරන අයට මේවා හරියට ලැබෙනවාද කියලා හොයලා බලන්න ඕන.ඒ ය දැනුවත් කරන්න ඕන.(හේ)
අපේ කොම්පැණි එකේ අපි ගෙවනවා. මම හදන්නේ මෙන්න මෙහෙම තමා දවස් 30 (මුලික වැටුප 12x14) (ර)
ගාමිණී මහතාණෙනි, සෞදියේ සෑම ආයතනයකම ගෙවීම් අනිවාර්යෙන් සිදු වෙනවා. හැබයි ඔබේ 2 වැනි කාරනාව හරි. නිවාස වල වගේ වැඩ කරන අයට මේවා හරියට ලැබෙනවාද කියලා හොයලා බලන්න ඕන. ඒ අය දැනුවත් කරන්න ඕන. (ර)
අනෙකුත් ගල්ෆ් රටවල් සළකා බැලීමේදී මෙම ගෙවීම් සාපේක්ෂ වශයෙන් ටිකක් අඩුය. කොහොම නමුත් සෞදි කම්කරු නීතිය ඉතාමත්ම හොඳයි. ඒ වගේම හැම ආයතනයක්ම පිළිපැදිය යුතුයි. අවාසනාවකට වගේ ගෘහ සේවිකාවන් සෞදි කම්කරු නීතියට අදාළ නැහැ කියලා මම කියවලා තියෙනවා. (නි)
සමීර මහත්මෙයගේ, මුලික පඩිය සදහන් කෙරොත් ලැබෙන ප්‍රතිශතය ගණනය කරන්න පහසුයි. රිස්වාන් මහතාණෙනි ඔබ හරි මේක අලුත් දෙයක් නොවයි හැබැයි හුඟක් අය නොදැනුවත් කමින් මෙය නැතිකර ගන්නවා. හොඳම උදාහරණය තමයි අවු 2-3 වැඩකරලා නිවාඩු ගිහින් නොඑන එක. කෙනෙක්ට කියන්න පුළුවන් එක්සිට් දෙන්නේ නැති හින්ද ගිහින් එන්නේ නැහැ කියල එක අපේ මෝඩ කම මොකද අපේ ඉකාම (හැදුනුම්පත) අලුත් කරන්න දුන්නේ නැත්තම් අපිව නිතියානුකුලව යවන්න ඒ හාම්පුතාට සිදුවෙනවා. (ර)
සෞදි යන හැමෝටම මේ ප්‍රතිලාභ ලැබෙනවා.(හේ)
කියන විදියට ලැබෙනවනම් අපිත් කෝටිපතියෝ.(හේ)
අපේ කාන්තාවෝ කී දෙනෙක්ද එහේ ගිහින් හිස් අතින් එනවද?(හේ)
සෞදි යන අය එන්නේ අත හොල්ල හොල්ලනේ.(හේ)
ඔය කියනවා වගේ ගෙවිම් සිදු කරන්නේ නෑ.(හේ)
මේ ගෙවීම් හැම ආයතනයකම ගෙවන්නේ නැහැ සමහර ආයතන වසර 2 අවසානයේ ගුවන් ටිකට් එකවත් දෙන්නේ නැහැ නිතිය පොත් වලට සීමා වෙලා තියෙන්නේ.(හේ)
ගොඩක් ආයතනවල මෙය සිදු වෙනවා. (ර)
ඒ මිනිස්සු විදින දුක් දැක්කාම මොන වාසිද (දී)
සෞදි කම්කරු නීතිය අනුව හාම්පුතුන්ට මෙම ගෙවීම අනිවාර්යයි. අපේ ලංකාවේ අයගේ නොදැනුවත්කම , බය සහ කම්මැලිකම නිසා මේ දීමනාව ලබාගන්න වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. පිලිපීන ජාතිකයින් මෙම මුදල ලබානොගෙන රටින් පිටවෙන්නේ නැහැ.ගෙවන්න අදිමදි කරන හාම්පුතුන්ට එරෙහිව නීති මාර්ගයෙන් ක්‍රියා කළොත් ඔවුන්ට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධවෙනවා. අත්දැකීමෙන් කිව්වේ. (නි)
සෆ්රින්ගේ ඉල්ලීමට මමත් එකඟයි (නි)
අපේ ආයතනයේ නම් හරියටම ගෙවනවා. නමුත් ගෘහ සේවයේ නියුතුවුවන් වෙත කෙසේ සිදුවනවාදැයි නොදනිමි (නි)
මේ වහල් සේවය සම්පුර්ණයෙන්ම නවතා දැමිය යුතුය. (නි)
හැමතැනම තියෙන්නේ බොරුව විතරයි.පොඩි මිනිහට මුකුත් නැහැ. (නි)