රුපියල් ලක්ෂ හැට හයක් වටිනා විදේශ මුදල් තොගයක් රැගෙන නීති විරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට උත්සහ කළ ඉන්දීය ජාතිකයෙක් කටුනායක  බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුගේ වයස අවුරුදු හතලිස් පහකි.

ඔහු ගමන් බෑගයේ සඟවාගෙන ඇමරිකානු ඩොලර් 45000 ක් රැගෙන යාමට උත්සහ කර තිබුණි.

මෙහි රේගු පරික්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක දුමින්ද වීරක්කොඩි මහතා සැකකරුට රුපියල් ලක්ෂයක දඩ නියම කර එම මුදල් තොගය රාජ සන්තක කළේය.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු රේගු අධ්‍යක්ෂක රෝහිත උඩුවාවල මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පරාක්‍රම බස්නායක රේගු අධිකාරී එන් චන්ද්‍රෙස්කර, එම්.කේ.එස්.පී ජයවර්ධන, සහකාර රේගු අධිකාරීවරුන් වන සම්පත් රාජපක්ෂ, ලසත් ධර්මසේන, දර්ශක වීරසේකර, ඇන්ටන් ප්‍රනාන්දු
යන නිලධාරීහු සිදු කරති.

4

1

2