බුන්දල ජාතික වනෝද්‍යානයෙන් දුර්ලබ ගනයේ සුදු පැහැති මුවෙක් හමු වූ බව එහි ඡායාරූපකරණයේ යෙදුණූ වෛද්‍යවරයෙක් කියයි.
මාතර මාවරල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එම් .කේ රන්දොබගේ මහතාගේ කැමරා කාචයේ සටහන් වූ බව කියන එම සුදු මුවා අයත් උප විශේෂයේ සුදු තිත් සහිත මුවෙකු ශ්‍රී ලංකාවේදී අවසන් වරට නිරීක්ෂණය කර ඇත්තේ මීට වසර 50කට පමණ පෙර බව කියයි.ඒ 1966 වසරේදී විල්පත්තු ජාතික උද්‍යානයේදී ලින්ද අල්විස් මහතා විසින් බවත් ඔහු කියයි.
මේ සම්බන්ධයෙන් කළ විමසිමකදී බුන්දල ජාතික වනෝද්‍යානයේ බාරකරු ලෙස සේවය කරන ඒ .එම් සාරංග මහතා ප්‍රකාශ කර සිටියේ තමන් බුන්දලදී එවැනි සතෙකු දැක නොමැති බවයි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද වනජීවී ඡයරුපකරණය මරණ වරෙන්තු ලිවීමක් (අ)
මේ අසරණ සතාට කන්න බොන්න හිඟ නිසා පාණ්ඩුව හැදිලා වෙන්න බැරිද ?එහෙමත් නැත්නම්, අහලින් යන වෙඩික්කාරයකුගේ තුවක්කු බටය දැකල සුදුමැලි වෙන්න ඇති !(අ)
සත්ව විද්‍යාත්මකව මෙය ඇලි භාවය මිස වෙනස් සත්ව විශේෂයක් නොවෙන බව තේරුම් ගත යුතු වේ !! මොවුන්ගේ ලොම් වල වර්ණකයන් නොමැති නිසා සුදු මුවන් ඇති වේ. බොහෝවිට මන්ධ්‍යයුෂ්ක වේ (අ)
ඇත්තටම සුදුයිද...? නැත්නම්, සුදට හුරුයිද..? අනිත් මුවන්ට සාපේක්ෂව ටිකක් සුදුයි. කෙසේවෙතත්, ඔය සම්පත රැකගත යුතුයි. (නි)
අතිශය සුන්දර දසුනක්.! (හේ)
අනේ අහිංසක සතා . මේ වෙද්දීත් කට්ටිය ඔය සතාව හොයනවා ඇති.(හේ)
දැන් ඉතින් මුවාට දෙවි පිහිටයි! (නි)
මේ දුර්ලභ සම්පතට තව කොච්චර ආයුෂ තියෙයිද දන්නෙ නැහැ (නි)
ඔය කකුල් දෙකේ මස් බුදින්නන්ගෙන් ප්‍රවේශම් කරගන්න මේ වන සම්පත. (නි)
ඔව් රොමේෂ්, නිධානයක් වගේනේ. අනිවාර්යයෙන් හොයලා විකුණාවී. ඔය වගේ සත්තු අරගෙන බිලිපුජා තියන පිස්සොත් ඉන්නවා. (නි)
සුදු මුවා, සුදු කැස්බෑවා, සුදු නයා, සුදු කපුටා මේ වගේ ඇළි උපත් සිදුවෙනවා. ඇයි ඇළි මිනිස්සුත් ඉන්නේ. මේක ඔය කියන මුව විශේෂයක් වෙන්න නම් උගේ අම්මා තාත්තත් එහෙම වෙන්න එපායැ. (නි)
අනේ දෙවියනේ! මේ සතාට මිනිස්සු අනතුරක් කරයිද? (නි)