එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන් සහ ආසන සංවිධායකවරුන් වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) රාත්‍රී අරලියගහ මන්දිරයේ පැවැත්වීමට නියමිත සුහද හමුවේ ආහාරපාන වියදම් තම පෞද්ගලික වියදමින් දරන බව අගමැති කියයි.
පසුගිය රජය අරලියගහ මන්දිරයේ සියලු සාදයන්හි ආහාර පාන වියදම් රජයෙන් ගෙවූවන් මින් ඉදිරියට ජනතාවගේ මුදල් වලින් සාද හෝ සුහද හමු නොපවත්වන බව එජාප මහ ලේකම් ඇමැති කබීර් හෂිම් මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි රනිල් මහත්මා ක්‍රියාවෙන්ම අවංක නායකයෙක් (නි)
හිරාන් , රනිල් මහතා වෘත්තියෙන් නීතිවේදියෙක්. ධනවත් ප්‍රභූ පවුලක. නෝනා මහත්මිය මහාචාර්ය වරියක්. තමන්ගේ වියදමින් සාදයක් තියාගන්න බැරිද ? මේකට ඔයාගේ පොකට් එකෙන් බදු මුදල් වශයෙන් ගියා නම් ඔන්න සැක කළාට කමක් නැහැ. (බ)
ලබන මහා මැතිවරණය එනකම් ඔහොම තමයි කට්ටිය ඊට පස්සේ බලා ගන්න පුළුවන් කව්ද වියදම් කරන්නේ කියලා (බ)
සමන්ත තමන්ගේ පොකට්ටුවෙන් ගිය වියදම් අනුන්ට පෙන්නන්නේ මොකටද....? (ස)
මහජන බදු සල්ලි වලින් දන්සැල් නොදී, තමන්ට පුළුවන් විදියට සංග්‍රහ කිරීම වැරැද්දක් නෙමෙයි. අනෙක් අයට සංග්‍රහ කිරීම අපේ සංස්කෘතියේ කොටසක්නේ (නි)
රනිල් වික්‍රමසිංහ මහතාණෙනි, ඔබ රටටම ආදර්ශයක්. ඔබට තුණුරුවන්ගේ සරණයි! (නි)
අවවාදයට වඩා ආදර්ශය උතුම්. (ර)
මේක නම් හොඳ තීරණයක්. කාට කටත් ආදර්ශයක්. (ර)
බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා (නි)
අන්න යහපාලනයේ ලක්ෂණ. අපේ ආණ්ඩුවට ජයවේවා! (ර)
හොද දේවල් අරඹමු අගමැතිතුමනි.(හේ)
වෙනසක ,වෙනස. සැබෑ වෙනසක් විය යුත්තේ එලෙසයි.(හේ)
මෙතුමා හැමදාම දේශපාලනය කළේ සතපහක්වත් මහජන මුදල් ගෙන නොවේ. (නි)
හිරාන්,රනිල් මහත්තයලා දේශපාලනය කරන්නේ දුප්පතුන්ගෙන් සල්ලි හූරාකන්න නොවේ. ඒක තේරුම් ගන්න. (නි)
නියම නායකයෙක්. රටට ඕන මෙහෙම පාලකයෝ තමයි. (ර)
හොදයි දිගටම වෙනවා නම්..... (අ)
දිගටම ඔහොම කරනවද? (නි)
පහු ගිය ආණ්ඩුවේ අයට මේ පුවත් දකින විට මොනවා හිතෙනවා ඇතිද.(හේ)
ජය වේවා.(හේ)
බොහොම හොඳයි . විනිවිද භාවයෙන් යුක්තව වැඩ කිරීම ආදර්ශයක් . (හේ)
පාලකයා රටට ආදර්ශමත් වෙන තරමට තමයි ඔහුට හෝ ඇයට දිගු පැවැත්මක් තියෙන්නේ.(හේ)
අගමැතිතුමා ඇති හැකි පවුලකින් පැවතගෙන එන , පිළිගත් වෘත්තියකින් ආදායම් ලැබෙන කෙනෙකු නිසා දුප්පත් මිනිස්සුන්ගේ පොකට්ටුවට ගහල සොමියක් දාන්න අවශ්‍යතාවයක් නැහැ. (අ)
ඔබතුමා උගත් වැදගත් මහත්මයෙක් බව දේශ දේශාන්තර වල ප්‍රචලිතයි නිරහන්කාර බොරු සෝබන රගපෑම් නැති ඔබතුමා අපේ රටේ අනිත් මහත් හොරුන්ට ආදර්ශයක් ඔබ තුමාට ජයවේවා! (අ)
උගත් වෘත්තිකයන්ට අනුන්ගේ සල්ලි වලින් සම්භාෂණ පැවැත්වීමට අවශ්‍යතාවයක් නැහැ. අනෙක මෙහෙම ප්‍රිය සම්භාෂණ එතුමාගේ ප්‍රභූ පවුල් පසුබිමේ හැටියට අරුම පුදුම දේවල් නොවෙයි. (ර)
මෙන්න යහපාලනේ. (බ)
කෝ මේ කොත්ත මල්ලි හා ගෙම්බන්පිලා. (බ)
මෙතුමා අනුන්ගේ දාඩිය මහන්සියෙන් ගොඩ යන කෙනෙක් නෙවෙයි. මැතිනියටත් වැදගත් වෘත්තියක් තිබෙද්දී මොකටද පුරවැසියන්ගේ සල්ලි වලට තට්ටු කරන්නේ. (බ)
ඔබතුමා මේ රටට හරිම ආඩම්බරයක් (බ)
පාලකයින් යහපත් වෙන කල සොබා දහම කලට වැසි ලැබී අටු කොටු පිරවේ සශ්‍රීක වේ රට. දුර්භිෂ නියන්සාය දුරුවේ {මේ සම්බුදු දෙසු දහමයි } ජය අගමැතින්දුනි (අ)
රටේ මුදල් රටේ සංවර්දනයට පමණක් බව නොකිය කියාපු ඔබට අපේ ගෞරවය.(හේ)
ඡන්දෙන් පස්සෙත් මෙහෙම වෙයිද?(හේ)
හොද ආදර්ශයක්. ඔබට ජය.! (ර)
ගෙවපු බිල බලන්න බැරිද? ජනතවට තොරතුරු දැන ගැනීමට අයිතියක් තියෙනවා කීවා? (අ)
හිරාන්, අගමැතිතුමා ගැන කොහොමද හිතුවේ? (නි)
මේ පටන් ගත්ත දේ එක හෙලාම හොදයි. (ර)
ඉස්සර වගේ දන්සැල අරින්නේ නැද්ද? (නි)
කරනවා නම් ඔවැනි දේට මාධ්‍ය සංදර්ශන අවශ්‍ය නැත. (නි)
කොහොමටත් රනිල් පිරිසිදු නායකයෙක්. (නි)
බස් කොන්දොස්තරලට අපිත් දවසකට රුපියල් දහයක්වත් වැඩිපුර දෙනවා නේද? මේවා ඔක්කොම ගැලරියට කියන කතා කියලයි මට නම් හිතෙන්නේ (නි)
කොහොම ගෙවනවද කියලා තමයි මට හිතාගන්න බැරි (නි)
මෙතුමා කවදාවත් ජනතා මුදල් අයුතුලෙස පරිහරණය කළ කෙනෙක් නෙමෙයි. ඔබට ජය අගමැතිතුමනි! (නි)
ලෝකයටම ආදර්ශයක්. නායකත්වයේ හොඳ ආරම්භයක්. (නදී)
එතකොට එයත් කැමති සාද තියන්න. එතකොට ලැබෙන පඩිය ඇතිද ඕකට. (නදී)
අපි වන්දනාවේ යද්දී වගේ එන එන අයට කෑමබීම ටික ගෙවල් වලින් හදාගෙන එන්න කියමුද? (නි)