සෞදි අරාබියේ අවතැන්වු හෝ අනවසර විදේශිකයින් සදහා ලබා දී ඇති පොදු සමා කාලය නොවැම්බර් 03 වැනිදා තෙක් දිර්ඝ කළ බව සෞදි ආරංචි මාර්ග පවසයි.
විවිධ ප්‍රදේශ වලින් ආගමන විගමන කාර්යාලයයට පැමිණ විවිධ දුෂ්කරතා මධ්‍යයයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින්ගේ පහසුව වෙනුවෙන් පිටවීමේ විසා පත් ලබා ගැනීම සදහා කාලය මෙසේ දිර්ඝ කැර ඇති බවද එම ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොදයි ...අනේ හොදයි ...
මම හිතනවා මෙහෙ අසරණව ඉන්න අයට හොද පණිවිඩයක් කියලා.මොකද ඔය කවුරුවත් දන්නේ නැහැ මෙහෙ අය විදින දුක. (දී)
ගොඩක් හොඳ පුවතක්. අහිංසක මිනිස්සුන්ට තව ටිකක් කල් ලැබුනා. ඒත් මෙහෙ අය වැඩ කරන හැටියට නම් අවුරුද්දක් දුන්නත් වැඩක් නැහැ (දී)
දාල තියෙන ප්‍රතිචාර දැක්කම හිතෙන්නේ සෞදිවල පැනලා ඉන්න හැමෝම අහිංසකයි කියලා. එතකොට කසිප්පු පෙරන්නේ විකුනන්නේ , ගෑනු විකුනන්නේ ,වගේම නොයෙක් නීති විරෝධී වැඩ කරන්නෙත් ඔය කියන අහිංසකයෝම නේද ? (නි)
කරුණා කරලා ඔමානයටත් මෙම සේවය ලබා දෙන්න. අහිංසක විසා නැති අපේ රටේ මිනිස්සු මේ දවස්වල බයේ හැම තැනම හැඟෙනවා.අපටත් කරදරයක් උදව් නොකරත් බැහැ අපේම අය නිසා. එත් උදව් කරලා අහු වුණොත් අපිත් ගස් තමා. (අ)
මේකත් හරියට ඒ දවස්වල අපේ හමුදාවෙන් පැන්න අයට නැවත එන්න කියල දුන්නු සමාව වගේමයි. (අ)
සෞදි රජතුමාට ජයවේවා!(නදී)