මිල අඩු ටිකට් මගින් කොලඹ බලා එමින් සිටි ශ්‍රී ලංකික ගෘහ සේවිකාවන් පිරිසකගේ කුසගින්න නිවීමට නිර්නාමික සෞදි ජාතිකයකු ඉදිරිපත් වූ බව සෞදි පුවත්පත් කියයි.
කෑමක් බීමක් නැතිව එම පිරිස පැය ගණනක් බහරේන් ගුවන් තොටේ සිටියහ. බහරේන්හි රැකියා නියෝජිතයා ඔවුන්ගේ කෑම බීම සපයනු ඇතැයි කොළඹ නියෝජිතයා දන්වා තුබූ නමුත් ඔහු පැත්ත පළාතකට පැමිණ නැත. තම වියදමෙන් ඔවුන්ට සංග්‍රහ කළ සෞදි ජාතිකයා කීවේ බහරේන් නියෝජිතයා කළ වැඩේ වැරදි බවයි. රමණි නම් ගෘහ සේවිකාව පැවසූයේ තමාට ලොකු බඩගින්නක් ඇතිවුවත් වතුර බෝතලයක් මිලට ගැනීමටවත් මුදල් නොතිබූ බවයි. කුසගින්න නිවූ සෞදි ජාතිකයාට ඇයද සෙස්සෝද පින් දුන්හ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු වුණත් කුසගින්න දන්න කෙනෙක්
නිරාහාරව සිටි අපේ ලාංකික සොහොයුරියන්ට ආහාර ලබාදුන් අරාබි ජාතිකයා මිනිසුන් අතරින් ඉතා උසස් මිනිසෙක් විය. අල්ලාහ් ඔහුට සමුර්දිය ලබා දෙත්වා.
අනුන්ගේ කුසගින්න හදුනන ඔබට පින්
සෞදියේ කුසගිනි අදුරන හොද අයත් ඉන්නවා වගේ...
මම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කළ කාලයේ කාන්තාරයේ සේවය කරන විට වාහන නවත්වා වතුර සහ කෑම බීම දුන් ආරාබි ජාතිකයන් හිටියා... හිත හොද මිනිස්සුන්ට ජාතිකත්වයක් නැහැ ඔවුන් මුළු ලෝකයටම අයිතියි.....
ඉතාමත් හොද මහත්මයෙක්. ඔහුට අපේ හෘදයාංගම ආචාරය පුද කලයුතුයි.
අරාබි රටවලත් හරි හොඳ මිනිස්සු ඉන්නවා. හුඟාක් අය හිතන විදියට හැම කෙනාම නරක අය නෙවෙයි. ලංකාව ගත්තත් එහෙමනෙ.
විදේශිකයෙක් උනත් ඔහු ලංකාවේ අපේ අයට කල සංග්‍රහයට ගොඩක් පින්.මනුස්සකම වැළලී ගිය යුගයක මෙවන් මිනිසුන් කාටත් ආදර්ශයක්.
මෙවැනි මිනිසුන් රැකදෙන්න දෙවියනි!!!!
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.
ඔවුන්ගේ කුස ගින්න නිව් ඔබට අල්ලා දෙවිදු පිහිටයි..