IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සෞදි ජාතිකයා ලොකු පිනක් කරයි

මිල අඩු ටිකට් මගින් කොලඹ බලා එමින් සිටි ශ්‍රී ලංකික ගෘහ සේවිකාවන් පිරිසකගේ කුසගින්න නිවීමට නිර්නාමික සෞදි ජාතිකයකු ඉදිරිපත් වූ බව සෞදි පුවත්පත්  කියයි. කෑමක් බීමක් නැතිව එම පිරිස පැය ගණනක් බහරේන් ගුවන් තොටේ සිටියහ. බහරේන්හි රැකියා නියෝජිතයා ඔවුන්ගේ කෑම බීම සපයනු ඇතැයි කොළඹ නියෝජිතයා දන්වා තුබූ නමුත් ඔහු පැත්ත පළාතකට පැමිණ නැත. තම වියදමෙන් ඔවුන්ට සංග්‍රහ කළ සෞදි ජාතිකයා කීවේ බහරේන් නියෝජිතයා කළ වැඩේ වැරදි බවයි. රමණි නම් ගෘහ සේවිකාව පැවසූයේ තමාට ලොකු බඩගින්නක් ඇතිවුවත් වතුර බෝතලයක් මිලට ගැනීමටවත් මුදල් නොතිබූ බවයි. කුසගින්න නිවූ සෞදි ජාතිකයාට ඇයද සෙස්සෝද පින් දුන්හ.



අදහස් (0)

සෞදි ජාතිකයා ලොකු පිනක් කරයි

නිරෝෂ් Wednesday, 04 April 2012 02:42 PM

කවුරු වුණත් කුසගින්න දන්න කෙනෙක්

:       0       0

අලිබබා Wednesday, 04 April 2012 03:06 PM

නිරාහාරව සිටි අපේ ලාංකික සොහොයුරියන්ට ආහාර ලබාදුන් අරාබි ජාතිකයා මිනිසුන් අතරින් ඉතා උසස් මිනිසෙක් විය. අල්ලාහ් ඔහු‍ට සමුර්දිය ලබා දෙත්වා.

:       0       0

kk Wednesday, 04 April 2012 03:53 PM

අනුන්ගේ කුසගින්න හදුනන ඔබට පින්

:       0       0

බව Wednesday, 04 April 2012 04:49 PM

සෞදියේ කුසගිනි අදුරන හොද අයත් ඉන්නවා වගේ...

:       0       0

සීගිරි Thursday, 05 April 2012 07:37 AM

මම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කළ කාලයේ කාන්තාරයේ සේවය කරන විට වාහන නවත්වා වතුර සහ කෑම බීම දුන් ආරාබි ජාතිකයන් හිටියා... හිත හොද මිනිස්සුන්ට ජාතිකත්වයක් නැහැ ඔවුන් මුළු ලෝකයටම අයිතියි.....

:       0       0

පුරවැසියා Thursday, 05 April 2012 09:36 AM

ඉතාමත් හොද මහත්මයෙක්. ඔහුට අපේ හෘදයාංගම ආචාරය පුද කලයුතුයි.

:       0       0

අජන්ත Thursday, 05 April 2012 11:03 AM

අරාබි රටවලත් හරි හොඳ මිනිස්සු ඉන්නවා. හුඟාක් අය හිතන විදියට හැම කෙනාම නරක අය නෙවෙයි. ලංකාව ගත්තත් එහෙමනෙ.

:       0       0

ප්‍රියන්ක Thursday, 05 April 2012 12:26 PM

විදේශිකයෙක් උනත් ඔහු ලංකාවේ අපේ අයට කල සංග්‍රහයට ගොඩක් පින්.මනුස්සකම වැළලී ගිය යුගයක මෙවන් මිනිසුන් කාටත් ආදර්ශයක්.

:       0       0

wajira Sunday, 08 April 2012 08:38 PM

මෙවැනි මිනිසුන් රැකදෙන්න දෙවියනි!!!!

:       0       0

සම්පත් Thursday, 05 April 2012 05:51 PM

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.

:       0       0

චිත්‍රා Friday, 06 April 2012 01:23 AM

ඔවුන්ගේ කුස ගින්න නිව් ඔබට අල්ලා දෙවිදු පිහිටයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site