සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව යළි ජුලි පළමු වැනි සිකුරාදා පෙරවරු 7 සිට පස්වරු 2.30 දක්වා අල් කොබාර් වෙරළාසන්න පෙදෙසේ ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් සංකීර්ණයේ පැවැත්වෙන බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යයාලයේ උසස් නිලධාරියෙක් පැවසිය.
රියාද් තානාපති කාර්යාලයේ නිලධාරින් කිහිප දෙනෙකුම පැමිණීමට නියමිත මෙම සේවාවෙන් ගමන් බලපත් කටයුතු ඇතුළු අනිකුත් ලිපි ලේඛන වැඩ ද කරවා ගත හැකි බවත් කම්කරු ගැටළු සදහා කම්කරු නිලධාරින් කිහිප දෙනෙක් පැමිණීමට නියමිත බවත් කියති.
උදසනින් පැමිණ ටෝකන් පතක් ලබා ගෙන තානාපති නිලධාරීන්ට සහාය දක්වන වෙන් ඉල්ලා සිටී. ගමන් මාර්ග සහ අනිකුත් විස්තර සදහා පහත අංක ඇමතීමෙන් ලබා ගත හැකි බව සංවිධායකයෝ කීහ.
සුමිත් 0500998349,
කහදවල 0580365600,
රාජා 0560445190

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd