සෞදි අරාබියේ නැගෙනහිර කළාප තානාපති ජංගම සේවාව සුපුරුදු පරිදි මෙවරත් ජූලි මස 5 වැනි සිකුරාදා දින උදෑසන 8.00 සිට සවස 2.30 දක්වා දමාම් ඇස්ටුත් රෝහල අසල යෝජිත ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් පරිශ්‍රයේදී පැවැත්වෙන බව රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙක් පවසයි.
සාමාන්‍ය තානාපති ජංගම සේවාවක් ලෙස පැවැත්වෙන මෙම ජංගම සේවාවෙන් ගමන් බලපත්‍ර දිග්කර ගැනීම, නව ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීම, උප්පැන්න සහතික ලියාපදිංචි කිරීම ඇතුළු සියලූම ලිපි ලේඛන කටයුතු සිදු කිරීමට නීති නිලධාරීන් කණ්ඩායමක් පැමිණෙන බැවින් කල්වේලා ඇතිව පැමිණ තම අනන්‍යතාවය පිළිබඳ ලිපිලේඛන ඉදිරිපත් කිරීමෙන් අවශ්‍යතාවය ඉටු කර ගන්නා මෙන් බලධාරීන් වැඩිදුරටත් පවසයි.
කෙසේ වුවද පොදු සමා කාලයට සමගාමීව මෙතෙක් තම තාවකාලික ගමන් බලපත්‍ර හා අනිකුත් ලිපි ලේඛන සම්පූර්ණ කර නොගත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ කටයුතු ද මෙදින සිදු කරන බැවින්, ගමන් බලපත්‍ර ලබාගන්නා සියලූ දෙනා ඡායාරූප 2ක් සහ පරණ ගමන් බලපත්‍රයේ වීසා පිටුවේ පිටපතක් රැගෙන පැමිණෙන ලෙස ද දන්වා සිටී.
2025 දෙසැම්බර් මස 18
291
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞදි ජංගම සේවාව සිකුරාදා