සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය ජංගම සේවාව මෙවරත් සුපුරුදු පරිදි 6 වැනිදා උදෑසන 8 සිට සවස 2.30 දක්වා අල් කොබාර් වෙරළාසන්න ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් පරිශ්‍රයේදී පවත්වන බව රියාද් තානාපති කාර්යාලයේ නිලධාරි සිරිපාල ගම්ලත්ය් මහතා පවසයි
රියාද් තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් මසක් පාසා ක්‍රියාත්මක කරන මෙම තානාපති ජංගම සේවාවෙන් ගමන් බලපත් වැඩ ,ලිපි ලේඛන සහතික කිරීම්,උප්පැන්න ලියාපදිංචි කිරීම් ඇතුළු අනෙකුත් කටයුතු මෙන්ම කම්කරු ගැටළු සොයා බැලීම සදහා නිලධාරින් කණ්ඩායමක් පැමිණීමට නියමිතය. වේලාසනින පැමිණ ටෝකන් පතක් ලබා ගැනීමෙන් නිලධාරින්හට සහාය වන මෙන් සංවිධායකයෝ ඉල්ලා සිටිති.
පෝරම පිරවීම ඇතුළු අනිකුත් කටයුතු වලට සහාය වීම සදහා ස්වෙච්ඡා නිලධාරීන් පිරිසක් ඔබ සදහාම ඉදිරිපත්වී ඇති බව දන්වා සිටි.
වැඩි විස්තර සුමිත් රෝහිත.0500998349 , පතිරාජ..0545214452 , දයා කහදවල 0507861163

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදි අරාබියේ තානාපති සේවය ගැන තවටිකක් සැළකිල්ලක් දැක්වුවොත් හොඳයි (නි)
ශාන් නිකන් අදහස් දානවට දාන්නන් වාලේ දාන්න එපා. ඔයිට වඩා බුද්දිමත් වෙන්න ඔයා ඉන්න පලාතටත් ජංගම සේවයක් ඕන නම් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයට ලිපියකින් දන්වල උනන්දු වෙන්න (නදී)
මමත් පාස්පෝර්ට් එක ගන්න යන්න ඉන්නේ.(නදී)
සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ විතරද ශ්‍රී ලාංකිකයෝ සේවය කරන්නේ ? අනෙක් පළාත්වල ඉන්නේ බුරුවො කියලද තානාපතිවරයා හිතාගෙන ඉන්නේ (නදී)