මීට මාස දෙකහමාරකට පමණ පෙර සෞදි රාබියේ ගෘහසේවිකාවක් ලෙස පැවති ශ්‍රී ලාංකික කාන්තාවක් වන මොරටුවේ හොරයිතුඩුවේ ෆාතිමා ජීර්වින් අබ්දුල් මාජිද් (31) එම නිවසේ උඩු මහලේ සිට බිමට පැනීමෙන් ඇතිවූ අස්ථී බිඳීමකින් රෝහල් ගතකර ඇති බව වාර්තා වේ.
සිද්ධිය පිළිබඳව හොයා බැලීමේදී හෙලිවූයේ මෙම කාන්තාව 2013.06.17 වැනි දින වැල්ලවත්ත එක්තරා විදේශ රැකියා ආයතනයකින් සෞදි අරාබියේ අබා ප්‍රදේශයේ නිවසක ගෘහ සේවිකාවක් ලෙස පැමිණ සිටින බවය. එම නිවසට පැමි‚ දිනයේ සිටම විවිධ ආකාරයේ හිංසනයන් කරන බව උදෑසන සිට රාත්‍රී 12 වනතුරුත් වැඩ කිරීමට සිදුවී ඇති බවත් නිවසේ හිමියන් නිවසෙන් බැහැරව යන අවස්ථාවලදී මෙම කාන්තාව කාමරයක දමා දොරගුලූ දමා යන බවත් කීය. එම කාලයේ කිසිදු අහරක් හෝ බීමට ජල බිදක් හෝ නොදන බවත් පිපාසය සැදුණු විට නාන කාමරයේ කරාම වලින් ජලය පානය කරන බවත් සමහර දිනවලදී දින දෙක තුනක කාලයක් නිවෙස් හිමියන් නොපැමිණෙන බවත් ඇය පවසයි. ඒ අතරම සුළු වැරදිමතදී පවා ගෙහිමි කාන්තාව පහර දෙන බවත් මේ සියල්ල ඉවසා සිටීමට නොහැකි තැන මා එම නිවසේ උඩු මහලේ සිට බිමට පැන්නේ මැරෙන්නට ම යැයි සිතා බවත් ඇය පවසන්නීය.
මේ වන විට මෙම කාන්තාව දින ගණනාවක් අබා අසීර් රජයේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර කරන අතර ඇයගේ දකුණු පාදයේ බිඳී ඇති බව වෛද්‍යවරු පවසති. ශ්‍රී ලාංකික සමාජ සේවකයකු වන නිමල් එඩේරමුල්ල මහතාද ඇය බැලීමට මලීෂ් රෝහලට ගියේය.
මෙම කාන්තාවගේ තත්ත්වය බරපතළ නැති වුවත් මේ වන විට සුවය ලබා නැති බවත් දැනට දින 36ක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර තවත් මාසයක් පමණ කාලයක් ප්‍රතිකාර ගැනීමට සිදුවන බවත් වාර්තාවේ. මෙම කාන්තාවගේ තත්ත්වය පිළිබඳ දැනටමත් ජෙඩා පිහිටි කොන්සියුරේ කාර්යාල දැනුවත් කරන ඇති බවත් එඩේරමුල්ල මහතා පවසයි.
දුරකතනය හා සම්බන්ධ කරමින් මෙම කාන්තාව පැවැසුවේ මෙම අනාරක්ෂිත ස්ථානයෙන් වහාම ලංකාවට යාමට තමාට අවශ්‍ය බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක් වෙන්න එපා.(නදී)
අපේ කාන්තාවෝ සෞදි i යැව්වේ නැත්නම් අපි කොහොමද ප්‍රාඩෝ, බැකප් එකට ඩිෆෙන්ඩර ගෙන්වන්නේ , උගන්ඩාවට ජල යෝජනාක්‍රම පරිත්‍යාග කරන්නේ, ගුවන් තොටුපල වල් හදන්නේ ? මේ ඔක්කොටම රට සල්ලි ඕනනේ. අපේ ගැහැණු වහල්කමට බැරිනම් මසට හරි රට පටවල අපේ සෝබන වැඩ ඉදිරියටම කරගෙන යන්න ඕනනේ. ඒක හින්දා මේ මනුස්සයට හමුදාවට කියල ගෙයක් හදවලා දීලා කුඹුරු අක්කර 2-3 කොහෙන් හරි අරන්දිල මේ ප්‍රශ්නේ යට ගහමු.(නදී)
ලජ්ජා නැතුව තව යනවා (දී)
ඔන්න රටේ වැඩ.
මේ වගේ දේවල් හැමදාම පුවත් පත් වලින් දන ගන්නට ලැබෙනවා තාම කිසිම බියක් නැතිව එය මේ මෝඩ ගෑනු වහල් වැඩ වලට රට යන්නේ? මෙයාලගේ ස්වාමි පුරුෂයන්, සහෝදරයන් හෝ පිය ඇයි මේ අයව යවන්න බිය නොවන්නේ? අපේ විදේශ තානාපති තුමන්ලා ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ඔවුන්ව විශ්වාස කරලා මේ වගේ අවදානම්, තීරණ ගන්න එපා. මොන තරම් ධරුනු වද හිංසා සිදුවුනත් අපේ රටේ වගකිව යුතු අය මේ ගැන කතා කරන්නේ නැහැ. මොකද එයාලට එයාලගේ සාක්කු පුරවා ගන්න වෙලා මදි නිසා. දුප්පත් අපිට සෙවනැල්ල අපිම තමයි (දී)
අරාබියට යන අයට අත පය නැතිව එන්න පුළුවන්.
සෞදි යන අය මේවා දෙනගෙන යන්නේ .උවමනාවෙන් මෙරෙන එකට අනිත් අය මොකද කරන්නේ. එක්කෝ තහනම් කරන්න ඕනේ නෙත්නම් නොයා ඉන්න ඕනේ.බලදාරීන් තහනම් කරන්නේ නැහැ . ගෑනු රට නොයා ඉන්නෙත් නැහැ (දී)
මම ජාතිවාදියෙක් කිව්වත් කමක් නැහැ, පහුගිය කාලෙම අපේ මුස්ලිම් සහෝදරයෝ කෑගැහුවා සිංහල ගෑනු අරාබියේ වාදය ගියේ නැත්නම් අපිට කන්නත් නැහැ කියලා. ඔවුන්ට අමතක උනා රිසානත් සිංහල නොවෙන වග. දැන් මේ සිද්දවෙලා තියෙන්නෙත් සිංහල කෙනෙකුට නෙවෙයි මේ කරදරය. කොයි කාට උනත් උන්ගෙන් කරදර වෙනවා, ඒ නිසා මෙහි ලියන මුස්ලිම් සහෝදරවරුනි, මොන ආගමක් ඇදහුවත් මේ අපේ රටේ සහෝදරියෝ මේ දහදුක් විඳින්නේ. ඒ නිසා අරාබියට ආවඩන්න එපා ලංකාවේ ඉඳලා. (දී)
මේ මෝඩ ගෑනුන්ට කියන දේ තේරෙන්නේ නැහැ නේ.කරන්න දෙයක් නැහැ. (දී)
අම්ම පල්ලා සවුදි එකෙක් ලංකාවේ ට්‍රිප් ඇවිල්ලා අපේ පැත්තේදී මට අහු උනොත් ගහනවා කොන්ද කැඩෙන්න. (දී)
කාන්තාවනි ලංකාවේ කිදන් කරන රස්සාවක් කරාන්න දැන්වත් රට සල්ලි හොයා යන්න හදන්න එපා (දී)
දිවි පරදුවට තබා අනුන්ගේ රටවල බල මෙහෙවර කරන්න මේ කාන්තාවන්ට සිදුවෙලා තියෙන්නේ මේ සමාජයේ පහලම පන්තියට යන්තමින්වත් ජීවිතය ගෙවා ගන්න බැරි ආර්ථිකයක් වර්තමාන ආශ්චර්ය මගින් නිර්මාණය කර ඇති නිසාය.ජනතා මුදල් මහා පරිමාණ ව්‍යපෘති හරහා කොටි ගණනින් කොමිස් මුදල් ලබා ගැනීමේ ප්‍රවනතාවක් දක්නට ලැබේ.පොදු යහපත සදහා යෙදවීමට තිබු මේ මුදල් ගසාකන්නන් මැතිවරණ කාලවලදී තම ප්‍රතිරූපය ව්‍යාජ ආකරයෙන් ගොඩ නගා ගැනීමට රට පුරා අරක්කු දන්සල් පවත්වමින් අත දිග හැර වියදම් කරයි. (දී)
කොමත් ඔය නිමල් කියන කෙනා දක්ෂයි කාන්තාවන් බලන්න යන්න.
කාන්තාවන් රට රස්සාවල් වලට පිරිමි ලජ්ජා වෙන්න ඕනේ (දී)
මට තේරෙන්නේ නැත්තේ අපේ ශ්‍රී ලංකාවේ කුලී වැඩ කරන මනුස්සයෙක් මාසේ දවස් 30ම උදේ 8.00 - 5.00 වැඩ කළොත් රුපියල් 30,000/= හම්බ කරනවා. මේ ගැහැනුත් උදේ 3.00 විතර ඉඳන් රෑ 12.00 වෙනකල් ගුටිත් කාලා ශරීරයත් දීලා වැඩ කළත් උපයන්නේ ඒ මුදලම නොවේද? (නි)
ද සිල්වා, අම්මෝ! ගෙයකුත් හදලා දීලා තව කුඹුරු අක්කර 2,3 කුත්? හොඳටම වැඩිනෙ මහත්තයෝ. (නි)
සමන්මලී, "ලංකාවේ අසරණ වුණ ගැහැණියෙකුට ලංකාවේ වෙළද පොළක් තියෙන්නේ කසිප්පු පෙරීම හෝ ගණිකා වෘත්තියට පමණයිනේ" අපිට ලැජ්ජයි මේ වගේ කතාවක් අහන්න. මමත් ඉතාමත් දුප්පත් පවුලක ඉපදුනු කොල්ලෙක්. මගේ අම්ම අපි වෙනුවෙන් ගොඩක් දුක් වින්දා, පාසැල් වයසේ අපි පසුවෙන කාලයේ ඇය "ඉදියප්ප, පිට්ටු, ලැවරිය හදල හොටෙල් වලට මම පාන්දර අරන් යනවා . හවස 5 ට පමණ ගිහින් සල්ලි අරන් එනවා. මේක එක උදාහරණයක් විතරයි. හනික ඉස්සර කාලෙට වඩා දැන් මිනිස්සු හරිම කාර්ය බහුලයි වගේ කෑම වර්ග ගොඩක් අය මිලදී ගැනීමට පෙළඹිලා ඉන්නේ. ඒ නිසා ලංකාවේ දිරිය කාන්තාවන් ගැන අපි අහලා, දැකලා තිබෙනවා කරන්න ගොඩක් රැකියාවල් තිබෙන රටක අපි ඉන්නේ. ඔයාගේ අදහස් වලට මා නම් එකඟ වෙන්නේ නැහැ.(නදී)
ප්‍රදීපා මහත්මිය - ඔයා ජාතිවාදී කියල මම නම් කියන්නේ නැහැ ලාංකිකයකු හැටියට මමත් ඉතාමත් කනගාටු වෙනවා මෙවැනි සිදුවීම් වලට. නමුත් ඔයාගේ අදහස වැරදි මෙතන තිබෙන්නේ සිංහලද - මුස්ලිම්ද කියන එක නොවේ ලංකාවෙන් කාන්තාවන් (මොන ආගම වුණත්) කිසි කෙනෙකු සෞදි අරාබියාවට නොයා යුතුයි. එහෙදි මුස්ලිම් සිංහල කියලා අරාබි කාරයෝ බලල තිබුනානම් මෙයාටත් මේ වගේ වෙන්නේ නැහැ. රිසානා නෆීක් සහෝදරියත් මේ වන විට ජීවතුන් අතරේ. මගේ පළමු අදහසේ මම සදහන් කල දෙයම තමා නැවතත් මම කියන්නේ මේවාට වග කිව යුත්තේ ගැහනියව රට යවන පිරිමි අය. කිසිම ගැහැණියෙක් රටගිහිල්ලා හම්බකරපු සල්ලි වලින් දියුණු වෙලා නැහැ. ලංකාවට එනකොට එක්කෝ තමාගේ සහෝදරිය සමග මිනිහා දීක කනවා. නැත්නම් වෙනත් ගෑනි කෙනෙක් එක්ක. දරුවෝ නන්නත්තාර වෙලා. ලජ්ජා නැති එවුන් තමා ගැහැණුන්ගේ මුදල් වලින් යැපෙන්නේ. උන් වගේ එවුන් සමස්ත පිරිමින්ටත් නින්දාවක්. මමත් මුස්ලිම් ජාතිකයෙක් මේ සිදුවීම පමණක් නොව මෙවැනි සියලුම සිදුවීම් මම ඉතාමත් පිළිකුල් සහගත ලෙස හෙළ දකිනවා. මේවගේ අමනුෂ්‍ය ගතිගුණ තිබෙන අය නිසා සමස්ත මුස්ලිම් ජනතාවටම අපහාසයක් කියන එකත් මම කියන්න කැමතියි.(නදී)
රජයෙන් නීතිමය පියවරක් අරගෙන සෞදියට ගෘහසේවිකාවන් එවීම නතරකරනකන් මේ ප්‍රස්න වලට විසදුමක් නැහැ.(නදී)
සමන්මලී, ඔබ කරලා තියෙන්නේ හරිම ලැජ්ජා සහගත ප්‍රකාශයක්. ඔබ ගැහැනියක් ද කියන එක සැකයි.. මාගේ මතය, ලාංකීය ස්ත්‍රීන් ගෘහ සේවිකාවන් ලෙස අරාබියට නොයා යුතයි ... (ස)
ළමයි බඩගිනියි කියල අඩනවා දකිනකොට පපුවේ පත්තු වෙන ගින්දර ඔබලාට පෙනෙන්න විදියක් නැහැ. මිළ මුදල් නැතුව ලංකාවේ අසරණ වුණ ගැහැණියෙකුට ලංකාවේ වෙළද පොළක් තියෙන්නේ කසිප්පු පෙරීම හෝ ගණිකා වෘත්තියට පමණයිනේ.සංස්කෘතිය ,සදාචාරය,සහ සභ්‍යත්වයට අනුව විවෘතව මේවා කරන්නත් නීත්යෙන් අවසරයක් නැහැනේ.ඒ නිසා තමා අපට විවර කර දී ඇති එකම මාර්ගයේ බැල මෙහෙවර සදහා පිටත්ව ගියේ. (නි)
කසාද බැදලා සැමියා දාල ගිය ගැහැණියෙක් විදියට මුලදී එළවලු වගා කරලා විකුණා ගන්න වෙළද පලක් නැතුව නිකරුනේ නරක් වෙලා ගියාම ජීවත් වෙන්න මුදල් නැහැනේ. ළමයි බඩගිනිය කියල අඩනවා දකිනකොට පපුවේ පත්තු වෙන ගින්දර ඔබලාට පෙනෙන්න විදියක් නැහැ. මිල මුදල් නැතිව ලංකාවේ අසරණ වුන ගැහැණියෙකුට ලංකාවේ වෙළද පොලක් තියෙන්නේ කසිප්පු පෙරීම හෝ ගණිකා වුර්තියට පමනයිනේ. සංස්කෘතිය ,සදාචාරය,සහ සභ්‍යත්වයට අනුව විවුර්තව මේවා කරන්නත් නීත්යෙන් අවසරයක් නැහැනේ. ඒ නිසා තමා අපට විවර කර දී ඇති එකම මාවත දිගේ තමයි බැල මෙහෙවර සදහා පිටත්ව ගියේ. මගේ පියා හදවත් රෝයයෙන් මිය ගිය නිසා අපට කාගේ පිහිටක්ද ?මහව,පලුගස්වාවේ ,තාමත් අපේ නිවසට විදුලියද අකැපය. හේතුව විදියට පෙන්නා දෙන්නේ මගේ පියා සහ පියාගේ පියා කොළ පාට පක්ෂයකට වැඩ කරපු නිසාලු. අනුන්ගේ රටක මෙහෙකාරකම් කර දැනට ලංකාවට පැමිණ කුප්පි ලාම්පු එළියෙන් අපි ද නොමැරී ජීවත් වී සිටිමු. රටේ සැබෑ තත්වය මෙයයි.(නදී)
මොවුන් කරන අපරාධ වලට කවදා හරි මුන්ගෙ තෙල් සම්පත් හිඳිලා තවත් රටවලට මෙහෙකාරකම් වලට මොවුන්ට යන්ට සිද්ධ වෙන් ඕන. එතකොට මොවුන්ට තේරේවි මනුස්සකම මොකක්ද කියලා. මනුස්සකම ගෑවිලා නැති වැඩිම අපරාධ කාරයෝ පිරිසක් ඉන්නෙ ඔය මැද පෙරදිග තමා. (ස)
සෞදියේ වෙන දේවල් දැන දැනම ඇයි තවත් අපේ මෝඩ ගෑණු සෞදි යන්නෙ.මොලයක් කියලා දෙයක් නැද්ද? සෞදි යනවට වැඩිය තමන්ගෙ රටේ ඉඳලා හිඟා කෑවත් සැපයි.මෝඩ ගෑණු. (ස)
සමන්මලී ඔයාගේ කතාව සම්පුර්ණයෙන්ම වැරදියි ලංකාවේ ගෑනුන්ට ගණිකා වුර්තියේ කසිප්පු පෙරිමි විතරද කරන්න පුළුවන් ඔය කියන විදිහට මෙහෙ ඉන්න ගැනු එකද කරන්නේ අනෙක ඔයාල සංකෘතිය සදාචාරය කිස මෙහෙ කරන්න බැරි දේවල් එහෙ ගිහින් කරනවා එතකොට හරිද (දී)
සෞදි ගිහිල්ලා අදෝනා ලියන්ඩ එපා. ගියා නම් වින්දවන්න තමයි වෙන්නේ. අපි බලදරයින්ට නැවතත් කියන්නේ වහල් වෙළදාම නැවත විය යුතුයි.(නදී)
මේ සියලු ඛෙද වාචක වෙන්න පටන් ගත්තේ විවුර්ත ආර්ථිකයෙන් පස්සේ (දී)
අමිල, අර රිසානාගේ දෙමුපියන්ට හමුදාවෙන් ගෙයකුත් හදලා දීලා, ලැබුන සල්ලි වලින් කුඹුරු අක්කර 4 ක්ද කොහෙදත් අරගෙන තව මදි කියලා කියනවා. ඒක නිසයි මම කිවුවේ මෙයාටත් ඒ විදියට කරමු කියලා. ආණ්ඩුව කාන්තාවන් ගෘහ සේවය සදහා සෞදියට නොයවන්න කෙලින් තීරණයක් ගත්තා නම් ඉවරනේ (නි)
නිමල් ඔබ හරියටම හරි මෙහෙ අපේ කාන්තාවන්ට ලැබෙන මුදල ලංකාවේ හම්බ කරන්න පුළුවන් (දී)
ගාෆෝර් මහතා හරියටම හරි (දී)
ඔය රටවල්වලට මොන අලගෙඩියකට යනවද මන්දා.(නදී)
අරාබියේ ඉන්න මුස්ලිම් අයට සල්ලි තිබුනට මොලේ නෑ, හදවතක් නෑ, අර තෙල් ටික නැත්තන් එයාලට හිඟාකන්න තමයි වෙන්නේ.(නදී)
ඕකනේ කියන්නේ ඔය රටවලට යන්ඩ එපා කියල ගිහින් මොනවහරි උනාම ඉන්න අරබිකරයන්ට දොස් කියාගෙන ඉන්නවා අපිත් අපේ ගනුන්ව එහෙට යවලා. තවත් පුළුවන්තරම් යවන්ඩ (දී)
ඇයි මේ යන්න එපා කියද්දී සවුදීම යන්නේ? දුප්පත්කමට කියක් හරි හම්බ කරගන්න ඕනෑම නම් වෙන රටකට යන්න. බලන්න දැන් විදවන්න ඕනි නේද ?(නදී)
තව බලලා ඉන්නේ ඇයි.?(නදී)
තව බලා ඉන්නේ ඇයි.?(නදී)
නිමල් මහත්තයෝ මතකයිනේ රිසානව බේරගන්න ගිහින් අපි අන්තිමට පච උනා. අන්තිමට මේකටත් අහගන්න වෙන්නේ ඒ ටිකම තමයි. ඒ කැමැත්තට ඉඩදීලා ඔන්න ඔහේ වෙන වැඩක් බලාගන්න මහත්තයෝ.(නදී)