සෞදියේ නිවසෙක ගෘහ සේවිකාවක් ලෙස පැමිණි දෙදරු මවත් වන ඩී ඩී නිශාන්ති මහත්මිය කිසිඳු වැටුපක් නොලබා මව් බිමට යාග ගත නොහැකිව සිටින බව කමීස් මුසායද් ප්‍රදේශයෙන් වාර්ථා වේ.
නිශාන්ති නැමති මෙම කාන්තාව පෞද්ගලික වීසා හතකින් මෙරටට 2010-06-25 දින පැමිණ ඇති මුත් 2010-06-03 වැනි දින ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශයයේ ලියාපදිංචි වී නැත.
ඒ අනුව මෙම කාන්තාව සෞදි අරාබියට පැමිණ මාස කිහිපයකට පසු වැටුප් හෝ තොරතුරක් නොමැති හේතුව මත ඇයගේ ස්වාමි පුරුෂයා වන සෝමසිරි අල්වත්ත මහතා 2011-02-22 වැනි දින ගොනු අංක සීඩී/535/1102 යටතේ ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශයයේ පැමිණිල්ලක් කැර ඇති අතර ඇය පිළිබඳව සොයා බලා නිසි පියවරක් ගන්නා බවට කාර්යාංශයේ නිලධාරීන් ඔහුට දන්වා ඇත.
මේ වන විට කාර්යාංශය මඟින් සෞදි අරාබියේ ජෙඩා පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයට පැමිණිලි අංක සීඩී /209/1012 යටතේ දක්වා ඇති බව ඔහු සතුව තිබෙන ලිපි ලේඛන මඟින් සනාථ වේ.මේ පිළිබඳව ඇගේ ස්වාමිපුරුෂයා වන සෝමසිරි අලවත්ත (071-4452754) ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශයටත් විදේශ නටයුතු අමාත්‍යංශයටත් 23 වැනි වතාවක් විමසීම කැර ඇති නමුත් බලධාරීන් පවසා ඇත්තේ ඒ පිළිබඳව කටයුතු කෙරෙමින් පවතින බවයි.
මේ වන විට නිශාන්ති නැමැති අය සෞදි අරාබියට පැමිණ මාස 27 ක් පමණ වන අතර මාස 27 ක වැටුප් නොලබා රැකියාව කරන බවද නිවාඩු සඳහා ලංකාවට පිටත් කැර නැති බවද වාර්ථා වේ.
වසර දෙකක් තිස්සේ ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශයෙන් හෝ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් කිසිදු පියවරක් මෙම කාන්තාව වෙනුවෙන් ඉටු කැර නොමැති අතරම සෞදි අරාබියේ පිහිටි කොන්සියුලර් කාර්යාලීය නිළධාරීන්ගෙන් මේ පිළිබඳව විමසු විට කියා සිටියේ ජෙඩා සිට කිලෝමීටර් 400 ක් පමණ දුරින් සිටින මේ කාන්තාව පිළිබඳව බැලීමට යාම සඳහා ප්‍රතිපාදන නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට මොකද එයාර්පොර්ට් එකේ විදෙස් සේවාවට සල්ලි ගෙවලද කියා බලන්න ගැහැණු දාලා තියෙනවා, අනේ මෙහෙමත් රටකනේ අපි ජීවත් වෙන්නේ? යන අයටත් ලජ්ජා නැහැ, යවන අයටත් ලජ්ජා නැහැ (නි)
ප්‍රතිපාදන තියෙන්නේ කොහේ වැඩ කරන අයටද
බලධාරීන් ඉන්නේ කතාවට පමණි. අපේ අහිංසක මිනිස්සුන්ගේ මුදලින් යැපෙන අයට කිසිම ගානක් නැහැ. (ස)
අපේ අයම, අපේ අයට මෙහෙම කරන කොට සෞදියේ අයගෙන් අපි සහන බලාපොරොත්තුවෙන එක විහිළුවක් නේද? (ස)
විදේශ සේවා නියුක්ති කාර්යංශය මැද පෙරදිග සේවයෙහි නියුතු සෑම සේවකයකුගෙන්ම දෙවසරකට වරක් අවම වශයෙන් රුපි: 3200 ක් රක්ෂණ දායකත්යක් නමින් අයකර ගන්නවා.ඒ අනුව මැදපෙරදිග පමණක් ලක්ෂ පහක් සිටියොත් (3200X50000/2) රුපියල් මිලියන 800 ක් (800,000,000) වාර්ෂිකව උපයනවා.නමුත් සෞදියේ කිලෝමීටර 400 ක් දුරින් සිටින කතක් බලන්න යන්න ප්‍රතිපාදන නැහැ.මේ කාර්යංශයේ නිලධාරීන්ට වැහි නැති අකුණු වලින් ප්‍රවේසම් වන්න කියන්න.අපේ ගුවන්තොටුපලේ දී ඔය සේවකයෝ ගෘහ සේවිකවන්ට සලකන විදිහත් හරි කැතයි.ඒ ගැනත් ටිකක් සොයා බලන්න. (ස)
[ සෞදි අරාබියේ පිහිටි කොන්සියුලර් කාර්යාලීය නිළධාරීන්ගෙන් මේ පිළිබඳව විමසු විට කියා සිටියේ ජෙඩා සිට කිලෝමීටර් 400 ක් පමණ දුරින් සිටින මේ කාන්තාව පිළිබඳව බැලීමට යාම සඳහා ප්‍රතිපාදන නැති බවයි. ] තනිකරම බොරුවනේ කරන්නේ. කි.මී. 400 යන්න ප්‍රතිපාදන නෑ එතකොට. සෞදියේ පෙට්‍රල් ලීටරයක්ම වෙන්නේ අපේ ලංකා මුදලින් රු 15යි ශත 85ක් විතර.ඉතින් ඔය ගමනට තෙල් ලීටර් 100ක් ගියා කියන්නකෝ.ඒ කියන්නේ රුපියල් 1600.සෞදි රියල් වලින් නම් රියල් 49ක් හෝ 50ක් විතර වෙන්නේ. දැන් එතකොට සෞදි අරාබියේ ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලීය නිලධාරින්ට රියල් 50ක්[රුපියල් 1600 ] වත් අතේ නෑ. (ස)
ඕකනේ යන්න එපා කියන්නේ (දී)
ඒ මනුෂ්‍යත් මරණකන් බලාගෙන ඉදපල්ලා. ඊට පස්සේ ඒ මුනුෂ්‍යාගේ පිට වරද පටවලා හොඳ මිනිස්සු වෙන්න හදපල්ලා... (ස)
"ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශය" මොකක්ද මේකෙන් ඇති වැඩේ km 400 යන්න ප්‍රතිපාදන නැහෙලු එතකොට අර මනුස්සයාගේ ජිවිතේ, රටේ කොටි ගණන් මුදල් වියදම් කරනවා බොරු වැඩවලට තමන්ට හරියනවනම් අනෙකට මොනවා උනත් කමක් නැ. අස්චාර්ය (දී)
කරුමේ තමයි ඉතින් වෙන මොකද්ද (දී)
දැන්වත් අපි කියන දේ අහන්න (දී)
අපේ පාලකයින්ට නවීන මෝටර් රථ වෙනත් වරප්‍රසාද විදේශ චාරිකා වලට ගෙවන මුදල් වලින්, රැකියා නොමැති අයට දීමනාවක් ගෙව්වා නම් මේ රැකියා වලින් උපයන මුදලට වඩා වැඩි මුදලක් මේ අයට ගෙවන්න පුළුවන් නේද? (ස)
කිසිම තානාපති කාර්යාලයකින් අපේ මිනිසුන්ට යහපතක් වෙන්නේ නැහැ .මමත් රටවල් කිහිපයකම හිටියා .නමුත් හැම තානාපති කාර්යාලයකම ඉන්නේ නිදා ඉන්න බිහිරි අලි. (ස)