සෞදි අරාබියේ අල්කොබාර් නගරයේ තෙල් සමාගම් නවාතැනක ඇතිවු ගින්නෙන් ශ්‍රි ලාංකිකයන්ට හානි සිදු වී ඇත්දැයි සෙවීමට එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශ නිලධාරින් දෙදෙනෙකු විට එහි යවා ඇතැයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
ශ්‍රි ලාංකිකයන් සෞදියේ සේවය කරන නමුත් ඔවුන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බවට දහවල් 12 වන විට වාර්තා වී තිබු නමුත් තවදුරටත් එම නිලධාරින් ඒ පිළිබඳව සොයා බලමින් සිටින බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි මංගල රන්දෙණීය මහතා කියයි.
එහි සේවය කරමින් සිටින ශ්‍රි ලාංකිකයන් මීට වසර කිහිපයකට පෙර ගිය අය බවත්,රන්දෙණිය මහතා සඳහන් කරයි.
මහල් අටකින් යුතු නේවාසිකාගාරයක මෙකි ගින්න ඇති වී ඇති අතර එහි නිවාස ඒකක 486 ක් පැවැති බවද වාර්තා වේ. එක් ගොඩනැගිල්ලක පහත මහලේ ඇති වු ගින්න පසුව සෙසු ගොඩනැගිලිවලට ද පැතිරි ගිය බවද පැවසේ.
මෙම ගින්නෙන් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තවත් 219 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඒ අතර ශ්‍රි ලාංකිකයන් නොමැති බව එරට වාර්තා තහවුරු කොට ඇත.
මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා ශ්‍රී ලාංකිකයන්ට යම් හානියක් වී ඇත්දැයි සොයා බැලීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට උපදෙස් දී ඇත.
අවශ්‍යනම් කාර්යංශයේ නිලධරයකු එහි යවන ලෙසද අගමැතිවරයා උපදෙස් ලබාදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd