IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සෞදි කරුණාවෙන් ලාංකිකයාගේ පණ දික්වේ

සෞදි අරාබියේ  රැඳැවුම් කඳවුරක සිටි ශ්‍රී ලාංකික රියදුරකුට රුපියල් විසි ලක්ෂයක වියදමින් හදවත්  සැත්කමක් නොමිලේ කළ සෞදි රජය ඔහු ශ්‍රී ලංකාවට එවීය.

රියදුරකු ලෙස එහි ගිය ගාල්ල අඟුළුගහ එම් එම් සමරවීර ඔහුය.

සමරවීර මහතා මෙසේ කියයි.

‘සෞදි අරාබියට පැමිණ වසරක් පමණ ඇති . හාම්පුතා සමඟ ගැටුමක් ඇති වුණා . ඔහු ළඟ රැකියාව නැවැතුණා. ටික දිනකට පසුව ලංකාවට යවන බව  බව පවසා ඔහු මා ගුවන්තොටුපොළට ගෙන ආවා.

පසුව ගුවන්තොටුපොළේ අවසන් කවුළුවෙන් ආපසු හරවා එව්වා . නියමිත පරිදි  පිටත්වීමේ විසා ගමන් බලපත්‍රයේ  සඳහන්  කර නොමැති බව එතැනින් කීවා.‘ 

ඉන් පසුව ඔහු ආගමන විගමන භාරයට ගෙන රැදවුම් කඳවුරට යවනු ලැබීය. එහිදී   හදවත් රෝගයකට ලක්වී  දමාම් රජයේ රෝහලට ඇතුළත් කැරිණි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ චාලි තලයරත්නමහතා සහ පතිරාජ මහත්වරුන් මැදිහත් වී රෝහලේ බලධාරීන් සමග සාකච්ඡා කළහ.

ග්‍රී ලංකා මුදලින් රුපියල් විසි ලක්ෂයකට අධික මුදල රෝහල් බලධාරීන් අයකර නොගත් බව  තලයරත්න මහතා කියයි.

සතියක පමණ කාලයක් ඔහු රෝහල් ගතවී ප්‍රතිකාර ලැබීය. ශ්‍රී  ලන්කන් ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පිටත් කර හැරීමට සියලු කටයුතු නිම කර ඇති බවද  තලයරත්න මහතා පවසයි.

 

btpass2

 



අදහස් (0)

සෞදි කරුණාවෙන් ලාංකිකයාගේ පණ දික්වේ

අෂ්රෆ් - රඹුක්කන Thursday, 26 February 2015 01:35 AM

ලෝකයේ කොහේ ගියත් තමන්ගේ රටේ ජීවත්වනවා වගේ නිදහසේ අපේ වැඩ කරන්න බැහැ. පිටරට ජීවිතේ කියන්නේ අපේ ඇ‍ඟේ ශක්තිය සම්පූර්ණයෙන්ම මිරිකා ගන්නා ජීවිතයක්.අපේ රටේ පොලුයි සම්බෝලයි කාගෙන ජීවත්වුණත් සන්තෝෂයි. මේ සහෝදරයාට ඉක්මන් සුවය ලැබේවා කියා මම අල්ලාහ් දෙවියන්ට ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

ප්‍රියානි වීරකෝන් Wednesday, 25 February 2015 10:33 AM

ඔබ හරිම වාසනාවන්තයි.(හේ)

:       0       0

මාගලි ෆොන්සේකා Wednesday, 25 February 2015 12:15 PM

කෝ මේ රටවල් වලට විරුද්ධව කෑගහන අය? (නි)

:       0       0

කුමාර Wednesday, 25 February 2015 12:38 PM

සෞදි රජයට ස්තූතියි! (නි)

:       0       0

ලංකා Wednesday, 25 February 2015 12:58 PM

අදහස් බැලුවෝ නම් 6604 දැන් ඒත් අදහස් 01 යි මේකේ අනිත් පැත්ත වුනානම් අදහස් වැඩියි. (නදී)

:       0       0

වාසනා Wednesday, 25 February 2015 01:13 PM

ඔබ සැබෑ වාසනාවන්තයෙක් (නි)

:       0       0

ගැමුණුසිරි Wednesday, 25 February 2015 03:36 PM

ඔහු මගේ පාසලේ එකම පන්තියේ මිතුරෙකි මිතුර ඔබට ඉක්මන්සුව තෙරුවන් සරණයි ! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site