සෞදි අරාබියේ රැඳැවුම් කඳවුරක සිටි ශ්‍රී ලාංකික රියදුරකුට රුපියල් විසි ලක්ෂයක වියදමින් හදවත් සැත්කමක් නොමිලේ කළ සෞදි රජය ඔහු ශ්‍රී ලංකාවට එවීය.
රියදුරකු ලෙස එහි ගිය ගාල්ල අඟුළුගහ එම් එම් සමරවීර ඔහුය.
සමරවීර මහතා මෙසේ කියයි.
‘සෞදි අරාබියට පැමිණ වසරක් පමණ ඇති . හාම්පුතා සමඟ ගැටුමක් ඇති වුණා . ඔහු ළඟ රැකියාව නැවැතුණා. ටික දිනකට පසුව ලංකාවට යවන බව බව පවසා ඔහු මා ගුවන්තොටුපොළට ගෙන ආවා.
පසුව ගුවන්තොටුපොළේ අවසන් කවුළුවෙන් ආපසු හරවා එව්වා . නියමිත පරිදි පිටත්වීමේ විසා ගමන් බලපත්‍රයේ සඳහන් කර නොමැති බව එතැනින් කීවා.‘
ඉන් පසුව ඔහු ආගමන විගමන භාරයට ගෙන රැදවුම් කඳවුරට යවනු ලැබීය. එහිදී හදවත් රෝගයකට ලක්වී දමාම් රජයේ රෝහලට ඇතුළත් කැරිණි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ චාලි තලයරත්නමහතා සහ පතිරාජ මහත්වරුන් මැදිහත් වී රෝහලේ බලධාරීන් සමග සාකච්ඡා කළහ.
ග්‍රී ලංකා මුදලින් රුපියල් විසි ලක්ෂයකට අධික මුදල රෝහල් බලධාරීන් අයකර නොගත් බව තලයරත්න මහතා කියයි.
සතියක පමණ කාලයක් ඔහු රෝහල් ගතවී ප්‍රතිකාර ලැබීය. ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පිටත් කර හැරීමට සියලු කටයුතු නිම කර ඇති බවද තලයරත්න මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ කොහේ ගියත් තමන්ගේ රටේ ජීවත්වනවා වගේ නිදහසේ අපේ වැඩ කරන්න බැහැ. පිටරට ජීවිතේ කියන්නේ අපේ ඇඟේ ශක්තිය සම්පූර්ණයෙන්ම මිරිකා ගන්නා ජීවිතයක්.අපේ රටේ පොලුයි සම්බෝලයි කාගෙන ජීවත්වුණත් සන්තෝෂයි. මේ සහෝදරයාට ඉක්මන් සුවය ලැබේවා කියා මම අල්ලාහ් දෙවියන්ට ප්‍රාර්ථනා කරමි. (නි)
ඔබ හරිම වාසනාවන්තයි.(හේ)
කෝ මේ රටවල් වලට විරුද්ධව කෑගහන අය? (නි)
සෞදි රජයට ස්තූතියි! (නි)
අදහස් බැලුවෝ නම් 6604 දැන් ඒත් අදහස් 01 යි මේකේ අනිත් පැත්ත වුනානම් අදහස් වැඩියි. (නදී)
ඔබ සැබෑ වාසනාවන්තයෙක් (නි)
ඔහු මගේ පාසලේ එකම පන්තියේ මිතුරෙකි මිතුර ඔබට ඉක්මන්සුව තෙරුවන් සරණයි ! (අ)