හත් වසරක් සෞදි අරාබියේ රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක හා කම්කරු උපදේශක ලෙස කටයුතු කළ අනුර මුතුමාල මහතා කළ සේවය වෙනුවෙන් සෞදියේ නැගෙනහිර පළාතේ ශ්‍රී ලාංකිකයෝ සම්මානයක් පුද කළහ.
ඔහු නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය.
ගුරු වෘත්තියෙන් රාජ්‍ය සේවයට එක් වු අනුර මුතුමාල මහතා එක්දහස් නවසිය අනු තුන වසරේ සිට අනුඅට වසර දක්වා දේශීය ආදායම් බදු නිලධාරියකු ලෙස ද කටයුතු කැර ඇති අතර එක්දහස් නවසිය අනු අට වසරේදී රාජ්‍ය පරිපාලන සේවයට එක් වු මුතුමාල මහතා නියෝජ්‍ය කම්කරු කොමසාරිස් සහකාර කම්කරු කොමසාරිස් හා කම්කරුකරු කොමසාරිස්වරයකු ලෙස උසස් වීම් ලබමින් ශ්‍රී ලාංකික ජනතාව වෙත විශාල සේවයක් ඉටු කැර ඇත.
2010 වර්ෂයේ ජුලී 7 වැනිදා සෞදි අරාබියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් ලෙස පත්ව ආ අනුර මුතුමාල මහතා කම්කරු උපදේශක ලෙසත් ඉන් අනතුරු මේ දක්වා අමාත්‍ය උපදේශක ලෙසතු කටයුතු කරයි.
අනුර මුතුමාල මහතා සිය සේවා කාලයේදී ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් සිදු කළ මෙහෙයන් අතුරින් විශේෂයෙන් අනවසරික විදේශිකයන් සදහා සෞදි රජය විසින්
2013- 04 - 06 දින සිට සමගාමීව ශ්‍රී ලංකාවේ අවතැන් වුවන් හා නීතී විරෝධීව රැදී සිටින්නන් වෙනුවෙන් සිදු කළ ජංගම සේවාවන් හා අනෙකුත් සේවයන්වලදී ශ්‍රී ලංකා නානාපති වඩිවේල් ක්‍රිෂ්ණ මුර්තී උපදේස් මත මුතුමාල මහතා විශාල සේවයක් ඉටු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදියේ නැගෙනහිර පළාතේ මේ සංගමයේ කට්ටියට තානාපති කාර්යාලයෙන් අවශ්‍ය දේවල් සිදුවුනත් දමාම් කොබාර් වල ඉන්න ශ්‍රී ලාංකික අයට වුනු දෙයක් නැහැ. එක එක මහත්තුරුන්ට පාටි දැම්මට වැඩක් නැහැ. එම්බසියට කෝල් කලාම ෆොන් එක ගන්නේ නැහැ. (ස)
මෙයාල හරියට වැඩ කෙරුවනම් කටු ගහල,ඇන ගහල පඩි නැතුව අපේ අය එන්නේ කොහොමද? රිසනාව මැරුවෙත් මෙයා ඉන්න කාලෙම නේද? (දී)
කතා බහට හොඳ මනුස්සයා වැඩ ගැන නම් කියලා වැඩක් නැ.මොනවා ඇහුවත් විදේශ සේවා එකට කතා කරන්න කියනවා ??? (ස)
මුතුමාල මහත්මයාණෙනි, තනතුර ඔටුන්නක් කර නොගත් ඔබගේ අවංක සේවාව සෞදී අරාබියේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට නොඅඩුව දවසේ ඕනෑම වෙලාවක සැපයීම ගැන සෞදියේ සිටින ශ්‍රී ලංකිකයන් වෙනුවෙන් ස්තුතිය පුදකරමි. නැවත ලංකාවට ගියපසු ඔබගේ අනර්ග සේවාව, ශ්‍රී ලංකාවේදී අනෙකුත් ලාංකිකයන්ටද නැවත ලැබෙනු ඇති.(නදී)
මෙම පුද්ගලයා කරපු දෙයක් නැහැ. සව්දි තානාපති කාර්යාලයට කථා කරල බලන්න එතකොට කියයි විස්තර(නදී)
මුතුමාලේ මහතාගේ සේවය අගය කරමි. අවංකව සේවය කරපු රජයේ නිලදාරියෙක්. ඔබට සුබ පතමි!!!!(නදී)
මුතුමාලේ මහතාගේ සේවය මමත් අගය කරමි. මෙරට සේවය කරන සියළු හ්‍රමිකයන්ගේ ගැටළු නිරාකරණය කර දීමට උත්සහ ගත් කෙනෙක්.(නදී)
අපොයි මුතුමාල මහත්තයා අපිව දාලා යනවාද බඩ පපුවදාලා යනවා. අප්පා මුතුමාල රංමාල මල්මාල සුකුමාල ඔබට සුභ අනාගතයක්.(නදී)
සම්මානියෝ, මොනවාද අප්පේ මුතුමාල මහත්තයා ඔයාට නොකලේ. ඔයා අසම්මානි වැඩක් කරලා මාට්ටු වෙලා, මුතුමාල මහත්තයගෙන් උදවු ඉල්ලුවද? අනේ ඒ මහත්තයව ඕවට ගාවන්ට එපා. සම්මානි වගේ අය නිසා මුතුමාල මහත්තයාගේ අගය තව වැඩි වෙනවා.(නදී)
ශ්‍රී ලංකා එම්බසියේ අය ගැන කතා කරලා වැඩක් නැහැ. (නදී)
රියාද් තානාපති කාර්යාලෙය් 50 වැඩි සේවක පිරිසක් සේවය කරනවා. ඔය අවස්ථාවට කී දෙනෙක් සහභාගී වෙලා ඉන්නවද? ඒකෙන්ම තේරෙනවා මොකද වෙලා තියෙන්නේ කියලා.(නදී)
මෙතුමා ගැන හොද කියන අයගෙන් එක දෙයයි මම අහන්නේ. මතක ඇති සවුදි තානාපති කාර්යාලය තුළම සිංහල කාන්තාවක් මුස්ලිම් සේවකයෙක් විසින් දූෂණය කරපු සිද්ධිය. එතකොට ඔය එක මහත්තයෙක්වත් ඔහුට විරැද්ධව පියවරක් ගත්තද? ලංකාවේ පත්තරවල මේක පලවෙල අමාත්‍යාංශයෙන් පීඩනය එනකොට වැඩ තහනම් කලා. සති 2 විතර යනකම් පියවරක් ගන්න කොන්ද පණ තිබුණෙ නැහැ. ඔය හොද කියන අය සවුදියේ වැඩ කරන අයද?(නදී)
ශ්‍රී ලංකා සෞදි තානාපති සේවය බලුම බලු වටී. මම බොරුවක් කියන්නේ නම් නිකමට ඇවිත් බලන්න. තානාපති කාර්‍යාලයේ අය අපට සලකන්නේ බල්ලන්ට වගේ. එහෙව් අයට සම්මාන දෙන්නේ තානාපති කාර්‍යාලයේ අය පමනයි. බොරු නම් බලන්න එක සෞදි ශ්‍රමිකයෙක් මේ ෆොටොස් වල ඉන්නවද කියලා...(නදී)
මුතු තව හොඳට කරන්න (නදී)
අපේ රටේ මිනිස්සුන්ට කොච්චර කළත් හොදක් අහන්න ලැබෙන්නේ නැහැ.ඒක හැටි. මොහුගේ සේවය ගැන කියන්න මං මෙතුමා ගැන දන්නේ නැහැ.යමක් කළ බවක් පේනවා.මිට පෙර හිටි අයට ඔහොම සැළකුවේ නැහැනේ. මොහු ආ ගමනෙන්,ගුරු වෘත්තියෙන් ගමන ආරම්භ කළා කියන්නේ හොද ආරම්භයක් (නි)
සම්මානි, මමත් ඔයාගේ එක්ක එකගයි. ඒ සිදුවීම ගැන ඔය එක්කෙනෙක් වත් කතා කළේ නැහැ. ඔය හොද කියන කිසිම කෙනෙක් සෞදි වල වැඩ කරන කට්ටිය නෙමෙයි.(නදී)
සම්මානි අසම්මතේ අයාලේ ගිහින් සම්මාන නොලැබුණාම විනිසුරුතුමට බයිනවා,හොදට හිටිය නම් ඔයාට ඔහොම වෙන්නේ නැනේ, (දී)
උතුම් සේවයක් ඔබ ලාංකිකයන් වෙනුවෙන් දිවා රෑ වෙහෙසවී කළා. ඔබ වැනි ගුණගරුක නිහතමානී රාජ්‍ය සේවකයකුගේ සේවය තවදුරටත් නොලැබී යාම විශාල පාඩුවක් සේ සළකමි. ඔබට සුබ අනාගතයක් පතමි. (නි)