බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ශ්‍රී ලංකාව යටත් කර ගනිමින් සිදුකළ යුද අපරාධ ඇතුළු සියලුම සාපරාධි ක්‍රියා පිළිබඳව බ්‍රිතාන්‍ය අගමැති ඇතුළු රජය දැනුවත් කිරීමේ ජන හමුවක් ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අභියසදී පැවැත්වීමට යයි.
බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික සංසදය විසින් සංවිධානය කෙරෙන මෙම ජන හමුව මාර්තු මස 02 වැනි සඳුදා සවස 04 සිට රාත්‍රී 07 දක්වා පැවැත් වීමට නියමිතය.
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ කැඳවුම්කරු වන ජනක අලහප්පෙරුම පැවසුවේ " මේ වසරේදී 1815 මහනුවර මගුල් මඩුවේදී සිංහල නායකයින් රවටා අත්සන් කළ ව්‍යාජ ගිවිසුමට වසර 200 සම්පුර්ණ වන බවයි.
රට වෙනුවෙන් එදා අභිතව සටන් වැදුණු සහ ජීවිත පරිත්‍යාග කළ ගැමුණු මහරජු, වීර කැප්පෙටිපොල, පුරන් අප්පු වැනි අභීත විරුවන් සැමරීම ශ්‍රී ලාංකික කාගේත් යුතුකමක්. බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාව යටත් කළ අවස්තාවේදී සිදුවූ අසාමාන්‍ය මිනිස් ඝාතන, දේපළ විනාශ කිරීම් වැනි අපරාධ පිළිබඳව බ්‍රිතාන්‍යයේ වර්තමාන දේශපාලඥයින් දැනුවත් කිරීම තමා මෙම ජන හමුවේ බලාපොරොත්තුව. මෙහිදී 1815 දී උඩරට ගිවිසුමට අත්සන් කල සිංහල ප්‍රභූන් සංකේතාත්මකව සිහිපත් කරමින් මුල් ඇඳුමෙන් සැරසුණ කණ්ඩායමක් සුදු ජාතීන් කළ අපරාධ පිළිබඳ සියලු සාක්කි සහ විස්තර ඇතුළත් සංදේශයක් බ්‍රිතාන්‍ය අගමැතිවරයා වෙතටත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ටත් භාරදීමට ද කටයුතු යොදා ඇත".

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඔයාල ඇයි ඔය රටේ ඉන්නේ.මව් බිමට එන්නකෝ.අනේ කට්ටියව අල්ලලා පැටෙව්වානම්. අනික එංගලන්තේ විතරක් නෙමේ පෘතුගාලය නෙදර්ලන්තය අපිට කරපු දේවල් අමතක වෙලාද. (බ)
ඉතා අගය කළ යුතු ක්‍රියාවක් . ශ්‍රී ලාංකිකයන් වන අපි ඔබලා ගැන ආඩම්බර වෙමු. ඔබලාට දළදා පිහිට ලැබේවා! (හේ)
මේ වගේ මව්බිමට ආදරය කරන මිනිසුන් සිටින බව ඇසීමෙන් කාලෙකට පස්සේ ලොකු සතුටක් දැනුණා .ඔබ සැමට පින් ...! (බ)
මේක ඉතාමත්ම හොඳ දේශප්‍රේමී ක්‍රියාවක්. 1915 දී අපි බොහෝ දෙනෙක් ඉපදිලාවත් නැහැ. හොර ගිවිසුම අත්සන් කර අප මාතෘ භූමිය විශාල අගාධයකට ඇද දැමූ 200 වන වසරේදී මෙවැන්නක් ලන්ඩනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට සිදුකිරීම ඵෙතිහාසික වැඩක්. රට වෙනුවෙන් ජීවිත පුජාවෙන් සටන්කළ කැප්පෙටිපොළ, පුරන් අප්පු පරපුරේ විරුවන් සැමරීම විශිෂ්ට ක්‍රියාවක්. කොරහෙත් කිඹුල්ලු දකින කාලේ අපේම මෝඩයෝ මේක ටිකක් විවේචනය කරාවි. ඒත් ඒවා ගණන් ගන්න එපා. අපේ සුභ පැතුම්. (නි)
ලෝකය පුරා ඉන්න සිංහලයෝ ටික හරියට එකතු වුණා නම් එක එක ඩයස්පෝරාවන් දඟලන්නේ නැහැ. එක්සත් රාජධානියේත් සෑබැම සිංහලයන් ඉන්නේ ගනින්න පුලුවන් තරම් පිරිසක්. ඒ අයට අපේ ප‍්‍රණාමය! ඒ අතර බ්‍රිතාන්‍යයේ ශී‍්‍ර ලංකා සංසදය ප‍්‍රමුඛයි. සිංහලේ ජාතික පෙරමුණ විදියට අපිත් මහනුවර මෙවන් උත්සවයක් කරනවා (නි)
මෙන්න එංගලන්තයේ ජිවත්වන අපේ අයගේ නියම ජනහඩ නියෝජනය වන සංවිධානයක්. ජනක මහතා ඇතුළු ඔබ සැමට ජය වේවා (බ)
ජයවේවා, සිංහලයනි!(හේ)
වැඩේ ඉස්තරම් නමුත් ගැමුණු මහා රජතුමා ඔය කියන කාලෙට අයත් නැත (බ)
අන්න නියම සිංහලයින්... (නි)
එකමුතුව එකාවන්ව හරියට වැඩකළොත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට යෝජනාවක් වුණත් ඉදිරිපත් කරන්න බැරිවෙන එකක් නැහැ (නි)
සුබ අනගාතයක්! අපි ඔබ සමඟයි (නි)
ඒ කට්ටිය එංගලන්තේ ඉන්න නිසා ඒ රට ගැන බලා ගනියි. මංගලිකා ෆොන්සේකා, ඔයා පෘතුගාලය සහ නෙදර්ලන්තය ගැන බලා ගන්න. ඔයාටත් වැඩක් තියෙන්න එපෑනේ කමෙන්ට් දානවට අමතරව. මට දැනෙන හා දන්නා විදිහට අල්ලලා එවන්න බැරි, දුෂණ වංචා නැති අයයි මේවා කරන්න නායකත්වය ගන්නේ. (නදී)
ඉතාම අගනා කාරනයක්. ලංකාවේ ඉන්න සමහරු කටෙන් බතල සිටුවීමට වඩා ඉතා හොඳ කාලෝචිත වැඩක්. අපිට සමෘද්ධිමත් දේශයක් ලැබෙන සලකුණු ගොඩක් මේ දවස්වල ඇහෙනවා. සන්තෝෂයි.ජයවේවා! (නි)
බොහොම අගය ඇති වැඩක්. (නි)
බ්‍රිතාන්‍යට පින් සිද්ධ වෙන්න තමයි අපිට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුනේ.... නැතිනම් අපි තාම රජවරුන්ගේ යටත් වැසියෝ.... පහුගිය අවු.50 පුරා එංගලන්තය අපිට පවුම් මිලියන ගනනක් ආධාර දීලා තියෙනවා..(හේ)
ලංකවේ ඉදන් අධිරජ්‍යවාදී කුමන්ත්‍රණ කීය කීයා ඉන්න දේශපලුවන්ට හොද පාඩමක් ලංකාවේ ඇතුලේ ඉදන් ජාතිවාදය ආගම්වාදය අවුස්සමින් පටු දේශපාලන වාසි ගන්න උත්සහා කරන අයට හොද පාඩමක් !(හේ)
කොන්ද පණ ඇති ශ්‍රී ලාංකිකයන් තාමත් ඉන්නවා කියලා දැක්කාම ඇති වෙන්නේ අප්‍රමාණ ප්‍රීතියක්.(හේ)
හොද වැඩක්.(හේ)
අගය කළ යුතු උතුම් ක්‍රියාවක් මේ අය දෑනුවත් විය යුතුයි(දිල්)
මොළේ ඇති කාලෝචිත වැඩක්. මෙහෙට වෙලා උපවාස කරලා ජාතික වීරයෝ වෙන්න දගලන අයට හොද පාඩමක්. සෑම අතින්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.(දිල්)