එකම පාසලේ අවුරුදු පහකට වැඩියෙන් කටයුතු කළ නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරුන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ස්ථාන මරු කළ ද ප්‍රධාන පාසල් කිහිපයක පමණක් එය ක්‍රියාත්මක කර නැතැයි ලංකා ගුරු සංගමය කියයි.
කොළඹ ප්‍රධාන පාසලක එලෙස ස්ථාන මාරු කළ නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරුන් පස් දෙනකු මාස ගණනක් තිස්සේ සිටින බවත්, ඔවුන් මේ වන තෙක් නොගිය නිසා ඔවුන්ගේ වැටුප් අත්හිටුවන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය කොළඹ කලාප කාර්යාලයට ලිඛිතව දන්වා ඇති බවත්, මේ වන තෙක් එම නියෝගය ක්‍රියාත්මක කර නැති බවත් ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසලක ද එවැනි නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනකු සිටින බව ද ඔහු සඳහන් කරයි.
මේ ගැන සොයා බලා සෙසු නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරුන්ට ක්‍රියාත්මක කළ නීතිය ඔවුන්ට ද ක්‍රියාත්මක කරන ලෙස ස්ටාලින් මහතා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසලට තිබෙන ආදරේට තමයි යන්නේ නැත්තේ. දුම්මල ගහලාවත් එළවන්න බලමු (නි)
හේතුවක් නැත්නම් මොකටද මාරු කරන්නේ? ලොකු පාසල්වල ප්‍රතිපල හොද , ගුරුවරු මාරු නොකරන නිසා. (බ)
අයියෝ මේ නීති ගමේ ගොඩේ පාසල් වලට පමණයි. රෝයල්, විශාකා, වගේ හද්ද පිටිසර පාසල් වලට බලපාන්නේ නැහැ. (බ)