එකම පාසලේ අවුරුදු පහකට වැඩියෙන් කටයුතු කළ නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරුන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ස්ථාන මරු කළ ද ප්‍රධාන පාසල් කිහිපයක පමණක් එය ක්‍රියාත්මක කර නැතැයි ලංකා ගුරු සංගමය කියයි.
කොළඹ ප්‍රධාන පාසලක එලෙස ස්ථාන මාරු කළ නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරුන් පස් දෙනකු මාස ගණනක් තිස්සේ සිටින බවත්, ඔවුන් මේ වන තෙක් නොගිය නිසා ඔවුන්ගේ වැටුප් අත්හිටුවන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය කොළඹ කලාප කාර්යාලයට ලිඛිතව දන්වා ඇති බවත්, මේ වන තෙක් එම නියෝගය ක්‍රියාත්මක කර නැති බවත් ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසලක ද එවැනි නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනකු සිටින බව ද ඔහු සඳහන් කරයි.
මේ ගැන සොයා බලා සෙසු නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරුන්ට ක්‍රියාත්මක කළ නීතිය ඔවුන්ට ද ක්‍රියාත්මක කරන ලෙස ස්ටාලින් මහතා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලයි.
2025 දෙසැම්බර් මස 30
73
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ස්ථාන මාරු කළත් තවමත් වැඩ
චානක Thursday, 28 April 2016 01:18 AM
පාසලට තිබෙන ආදරේට තමයි යන්නේ නැත්තේ. දුම්මල ගහලාවත් එළවන්න බලමු (නි)
විකී Thursday, 28 April 2016 02:29 AM
හේතුවක් නැත්නම් මොකටද මාරු කරන්නේ? ලොකු පාසල්වල ප්‍රතිපල හොද , ගුරුවරු මාරු නොකරන නිසා. (බ)
අසෝකා Wednesday, 27 April 2016 02:00 PM
අයියෝ මේ නීති ගමේ ගොඩේ පාසල් වලට පමණයි. රෝයල්, විශාකා, වගේ හද්ද පිටිසර පාසල් වලට බලපාන්නේ නැහැ. (බ)