මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි පවසා සත්ත්ව ආහාර සඳහා නිකුත් කළ සහල් තොග නැවත ලබාගෙන පරිභෝජනයට සුදුසු ලෙස සකස් කිරීමට සමුපකාර තොග වෙළඳ සංස්ථාව කටයුතු කර ඇති බවත් එසේ සහල් පිරිසිදු කර සකසා දීමට හාල් මෝල් හිමියන්ගෙන් මිල ගණන් කැඳවා ඇති බවත් පොළොන්නරුව මහජන සෞඛ්‍ය කාර්යාලය පවසයි.
එසේ මිල ගණන් කැඳවා ලබාදුන් සහල් කිලෝ පන්ලක්ෂ හැත්තෑ අටදාස් අනුහයදහසක් පොලොන්නරුව සහ මින්නේරියේ සහල් මෝල් දෙකක තිබී විශේෂ පොලිස් කණ්ඩායමක් සහ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් විසින් එක් සැකකරුවකු ද සමග අත්අඩංගුවට ගනු ලැබීය.
වැටලීම් කණ්ඩායම යන අවස්ථාවේ මෝලක සතොසට අයත් ලොරි රථ 10ක් පමණ තිබුන අතර සහල් මිනිස් පරිභොජනයට නුසුදුසු සහල් තොග එම ලොරි රථවල තිබී ඇති අතර එම මෝල් හිමියන් කල් ඉකුත් වු සහල් තිබු උර ඉවත් කර සතොස මගින් ලබා දුන් නව උර වලට දමා අලුතින් කල් ඉකුවීමේ දින සහ නිෂ්පාදිත දින සටහන් කර ඇතැයි කියති.
‘අපට ගොල්ලො ඉවත් කරලා පුස් ඉවත් කරලා ගල්වැලි අයින් කරලා මිනිස්සුන්ට කින්න පුඑවන් විදියට හදලා දෙනවාට සතොස විසින් හාල් කිලෝ එකකට රුපියල් 6.15ක් ගෙවනවා. අපට බෑග් දෙන්නෙත් ප‍්‍රවාහනය කරලා දෙන්නේත් පිරිසිදු කළ හාල් රැගෙන යන්නෙත් සතොස විසින්මයි. අපට හාල් කිලෝ මෙට්‍රික් ටොන් 500 සදහා රුපියල් විසිදෙකොටි පන්සිය ලක්ෂයක බැංකු ඇපකරයක් ද තියන්න වුණා. අපට මුලින්ම සහල් කිලෝ පන්ලක්ෂ අසුදාහක් ලැබුණා. අපි දන්නෙ නෑ අපිට කරන්න කියපු දේ අපි කළා‘ යැයි සහල් මෝල් හිමියෙක් කීවේය.
සතොස සභාපති මොහොමඩ් රිෂ්වාන් හමිඩ් පැවසූයේ සතොස ලබා දුන් සියලු සහල් තොග නැවැත සතොසට ගෙන්වා ගැනිමට කටයුතු කරන බවත් අද (28) ලේකම්ගේ ප‍්‍රධානත්වයෙන් රැස්විමක් තබා ඒ සම්බන්ධයෙන් තිරණයක් ගන්නා බවත්ය.
පරිභොජනයට නුසුදුසු සහල් ගබඩාකර තිබු ස්ථාන දෙකක් මුද්‍රා තැබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ දැන් ලොක්කෝ නිදිද? සන්හිදියාවනේ නේද? (බ)
සතොසට නම් මොකුත් කැවීම කෙසේවෙතත්, සතොසින් කන අයට තමයි දෙයියන්ගේ හාල් කැවිලා තියෙන්නේ. අනික සතොස වුණත් දෙන්නේ, ඒ ඒ අයට සුදුසු කෑම වර්ගනේ. සතුන්ට දෙන්න ඕනෑ හාල් මිනිසුන්ට දීලා හරියන්නෙත් නැහැනේ. නේද ප්‍රියා? (නි)
හැමතැනම හොරු බලාගෙන යද්දී. තුන්වේලටම බත් ගිලින්න කියන්නේ මේවටද? (නි)
වී කල්තියාගන්න හැකි වුණත් සහල් මාස 3 කට එහා කල්තියාගන්න බැහැ. අපේ ලංකාවේ නිලධාරීන්ට මේවා නොතේරෙන එකනේ පුදුමේ (නි)
අපට මේවා නොවෙයි කවන්න තියෙන්නේ පිදුරු, කරගත්ත මෝඩ වැඩේට. (නි)
පුළුවන් නම් ඔය හාල් ටික දියවන්නා කැන්ටිමේම හදලා එතන ඉන්න සමහර මොළකාරයන්ටම කන්න දුන්නා නම් හරි නේද? (නි)
ගණන් ගන්න එපා අනේ. අපි කමු. යහපාලන හාල්නේ... (නි)
මෙන්න යහපාලනය! ආර්ථිකය අතින් අපේ බෙල්ල මිරිකා ජාතියම විනාශ කරන දීර්ඝකාලින ක්‍රම මේවා. වසකැවීම ටික ටික වෙනවා වගෙයි (නි)
අපේ රටේ බහුතරයකට ඕනෑම ජරාවක් ගිල්ලවන්න පුලුවන් කියලා ලොකු අැත්තො දන්නවා (නි)
මේවාට අණදුන් සතොස නිලධාරීන් අත්අඩංගුවට ගතයුතුයි නේද? (නි)
මට නම් කියන්න පුළුවන් මොන කට්ටියද කියලා. හොඳට බලන්න. මේවට කියන්නේ නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ කියලා. ඔබට සතුටුයිද දැන්? මේක තමයි ඉල්ලපු වෙනස. තව තව දේවල් බලාගන්න පුළුවන් ඉස්සරහට (නි)
ආණ්ඩුව සිල්ලර කඩ විදිහට ඕවා කරන්න ගියාම ඔහොම තමයි. සමහරුන්ට නොතේරුනාට ඕවායේ තියෙන්නේ වංචාව හා දුෂණය පමණයි. සුදුසුකම් නැති දේශපාලන පන්දම්කාරයෝ තමයි ඕවායේ වැඩ කරන්නේ. ලංකාවේ ඕනෑතරම් හොඳ සුපිරි වෙළඳසල් තියනවා. බඩු මිලේ වෙනසකුත් නැහැ. එහෙම තියාගෙන මොකටද සල්ලි දීලා ජරාව කන්නේ? එ්ත් ජරාවම කාලා පුරුදු අයට කන්න පුළුවන් එක ගැන ගැටළුවක් නැහැ. (නි)
කොහොම වුණත් මේ රටේ සල්ලි, මේ සහල් රටේම මිනිසුන්ට බෙදා දුන්නා නම් එක් අයෙකුට සහල් කිලෝ 2 බැගින් රටේ සියලුම දෙනාට බෙදන්න තිබුනා. කන්න නැති කී දෙනෙක් මේ රටේ ඉන්නවද?දේශපාලන බේදයකින් තොරව මේ රට දේශපාලඥයෝ එකතුවෙලා විනාශ කරනවා. හොඳම දේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියත් තියෙන්නේ මේ අමත්‍යංශය යටතේ වීමයි.
මෙයට සම්බන්ධ ඉහළ සිට හැමදෙනාගේම වහාම වැඩ නවතා විධිමත් පරීක්ෂණයක් කරන්න (නි)
විනිවිදබාවයකින් පරීක්ෂණ කටයුතු කරන්න ඕනෑ. යහපාලනයට විශාල කළු පැල්ලමක් මේක (නි)
කලින් එක්කෙනෙක් සතොස විකුණාගෙන කාලා ගියා. දැන් හොඳ වී සත්ව ආහාර වලට විකුණලා, සත්ව ආහාර වලට නිර්දේශ කළ සහල් මිනිසුන්ට කවන්න හදනවා. මේකද යහපාලනය. තවමත් මේ බොරුවට රැවටෙන මිනිස්සු අපේ රටේ සිටිනවා. (නි)
රජයේ ප්‍රතිපත්තිය, වස විස නැති ආහාර වලින් සපිරි රටක්...(බ)
සතොසට විතරක් නෙවෙයි දෙවියන්ගේ හාල් කැවිලා තියෙන්නේ... (ර)
අපි මේ කට්ටියම 2020 දීත් පත් කරගන්න බලාපොරොත්තු වෙනනවා. 2021 ඉදන් පුන්නක්කු කන්න බලාගෙන. (බ)
සතොස බංකොළොත් කරලා විකුණලා දායි. තව කල් තියෙනවානේ. ඇයි මේ අය පාර්ලිමේන්තු යවන්නේ (බ)