මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් පොලිෂ් කර අලුතින් ඇසුරුම් කරමින් සිටි බව කියන පොළොන්නරුව ගල්ලෑල්ලේ කුසුම්ගම සලාකා හාල් මෝලේ සාහුල් හමීඩ් මොහොමඩ් රිස්බාන් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් රුවන් තාරක හීනටිගල මහතා අද (29) නියෝග කළේය.
2014 දී ඉන්දියාවෙන් ගෙන්වූ නාඩු සහල් කිලෝ 365000 ක් කල් ඉකුත් වූ බව වැටලීම කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධරයෝ අධිකරණයට දැන්වූහ.
මොහොමඩු රිස්බාන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කියා සිටියේ සතොසේ ඇණවුමක් අනූව තම සේවා දායකයා මෙම සහල් පොලිෂ් කර නැවත අසුරමින් සිටි බවයි.
සහල් පිළිබඳ රස පරීක්ෂක වාර්ථාවක් හා සතොස ප්‍රකාශය ලබන 8 වැනිදාට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙනට්, ඔබ හරි. (නි)
සතොසේ ඇනවුමක් අනුව කෙනෙක්ව මරන්න කියල පිහියක් අතට දීල එම පුද්ගලයාව මරා දැම්ම නම් එක මිනිමරුමයි වෙන්නේ . දැන් මේ මනුස්සය සතොසේ අනවුමට අනුව මිනිස්සු තුන් ලක්ෂ හැටපන්දාහක් මරන්න හෝ ලෙඩුන් බවට පත්කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා . සතොසේ ඇනවුම ට අනුව තම රාජකාරිය කළා කියා නිදහස් වෙන්න පුළුවන් වැඩක්ද මේ කරලා තියෙන්නේ .. හාල් මෝල් හිමියෙක් උනාම මේ හාල් පොලිෂ් කරන්නේ මොන හේතුව හින්දද , මොනවා කරන්නද කියල අමුතුවෙන් උගන්වන්න ඕනද ? දැන් නිකන් බබා වෙන්න හදනවා . අහු නොවුන නම් ජනතාවට දෙයියන්ගේම හාල් තමයි .. උපරිම දඬුවම දෙන්න . මේ වගේ භයානක ප්‍රශ්නයකදී මෙහෙම ඇප ලැබුන එක පුදුම සහගතයි . (අ)
සතොසේ සභාපති වහාම අත්අඩංගුවට ගන්න (ම)