IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සතොස ආහාර වර්ග 6 ක මිල අඩු කරයි

(යොහාන් භාසුර)

ලංකා සතොස ආහාර වර්ග 6 ක මිල තව දුරටත් අඩු කළ බවත් එම මිල පහළ දැමීම අද (19) සිට ක්‍රියාත්මක බවත් එහි ප්‍රධාන නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව සුදු ලූණු කිලෝවක් රුපියල් 60 කින් ද, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 55 කින් ද, හාල්මැස්සන් කරවල කිලෝවක් රුපියල් 50 කින් ද, කඩල පරිප්පු කිලෝවක් රුපියල් 30 කින් ද, සුදු සීනි කිලෝවක් රුපියල් 15 කින් ද, ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 5 කින් ද, අඩු කළ බව ද එම නිපධාරියා කීය.

සුදු ලූණු කිලෝවක් රුපියල් 490 කට, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 320 කට, හාල්මැස්සන් කරවල කිලෝවක් රුපියල් 1,450 කට, කඩල පරිප්පු කිලෝවක් රුපියල් 285 කට, සුදු සීනි කිලෝවක් රුපියල් 260 කට සහ ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 169 කට ලංකා සතොස ඕනෑම ශාඛාවකින් මිලදී ගත හැකි බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (3)

සතොස ආහාර වර්ග 6 ක මිල අඩු කරයි

Dinesh Wednesday, 19 October 2022 06:54 PM

සුදු කැකුළු කිලෝ ග්‍රෑම් 1 රුපියල් 165 ට මම අද ගත්තා... සතොසෙන් නෙවෙයි.

:       2       8

ගමිණී Wednesday, 19 October 2022 09:39 PM

සුදු හාල් කෑමට සුදුසු නැහැ ඒවාට ඉතාමත් ලැදීයාවක් තියෙන්නෙ බොහෝවිට ළදරුවන් වැඩිහිටියන් සුදු කැකුලු කෑවාම ඔවුන්ට කිසිම ආත්ම ශක්තියක් නැහැ හරියට උදාසීනයි .මම අත්දැකීම් ඇතුව කියන්නෙ. මම දන්න යුවලක් ඉන්නවා ඔවුන්ට දරුවොත් නැහැ. මේකට හේතු විද්‍යාත්මකව කියන්න මම දන්නෙ නැහැ .ඒකෙන් වැඩක් නැහැ .සතොසේ බඩු තියෙනවා කිව්වට ගියාම හිස් බක්කි සහ ඔහේ බලාගෙන ඉන්න සේවකයින් බලන්න පුළුවන්. දිනේෂ් කිව්වා වගේ ඒ මිලට හොද බඩු පුද්ගලික අංශයේ තියෙනවා

:       1       2

swene Thursday, 20 October 2022 07:09 AM

කඩල පරිප්පු නොවෙයි, වටානා පරිප්පු. ඒවා හොඳ වඩේ බදින්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site