
(යොහාන් භාසුර)
සියලුම සතොස අළෙවිසල් අද (03) සිට අඛණ්ඩව විවෘත තැබීමට තීරණය කළේ යැයි සතොස සභාපති, රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි.
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල මහතාගේ උපදෙස් පරිදි සතොස විවෘත කරමින් ජනතාවට සහන සැළසීමට තීරණය කළ බවත් තොග සහ සිල්ලර ලෙස භාණ්ඩ අළෙවිය කරන බවත් ආනන්ද පීරිස් මහතා කියයි.
බලපත්‍රලාභී ග්‍රාමීය කඩවලට සීමිත තොග ද, අළෙවිසල්වලට පැමිණිය හැකි පාරිභෝගිකයන්ට සිල්ලර අළෙවි කරන බවත් රුපියල් දහසේ මලු ඕනෑම කෙනෙකුට ලබාගත හැකි බවත් සභාපතිවරයා කීය.
සභාපතිවරයා පැවසුවේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය දේශපාලඥායන්ට ජනතාවට බෙදාදීමට අවශ්‍ය රුපියල් දහසේ මලු ලබාදීමට ද සතොස සේවකයන් සූදානමින් සිටින බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතොසේ ගනන දෙයක් නැ
බැංකු විවෘත කරන්නේ කවදද? බඩු ගන්න සල්ලි ඕනි
අළෙවිසල්වලට පැමිණිය හැකි පාරිභෝගිකයන්ට සිල්ලර අළෙවි කරන බවත් සංචරණ සීමා වෙලාවේ බඩු ගන්න යන්න පුලුවන්ද?
මොලේ හොඳ නැත්තේ මගේද? බන්දුලගේද? සංචරණ සීමා අස්සේ බඩුගන්න යන්න කියන්නේ? බඩ ගින්නට නීතිය කැඩුවාම මහජනයාගේ හැසිරීම හොඳ නැහැ කියනවා. ඕකට අහුවෙන්න එපා පුතා...