අවිස්සාවේල්ල හැටන් මාර්ගයේ තල්දූව නගර ආසන්නයේ සීතාවක ගඟේ මහ පාලම දෙපස මැණික් ගැරීමට පෞද්ගලික ව්‍යාපාරිකයකුට දුන් කොන්ත්‍රාත්තුව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නතර කර ඇත.
මැණික් හා ස්වර්ණාභරණ අධිකරිය එම මැණික් ගැරීමට අවසර දී තිබිණි.
මැණික් ගැරීමට දුන් අවසරයට එරෙහිව දෙහිඕවිට ප්‍රාදේශීය සභා සභාපති අමිල රුවන් කන්දේආරච්චි උපවාසයක් ද ඇරැඹීය.
ඇමැති බැසිල් රාජපක්ෂගේ තීරණයෙන් පසු එම උපවාසය අවසන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීතාවක මහ පාලම දෙපස කැලණි ගඟේ ස්වභාවික ලස්සන ආරක්ෂාකර ගැනීම සඳහා ගෙන ඇති තීරණයට බැසිල් රාජපක්ෂ ඇමැතිතුමාට ඉතාමත් ස්තූති තරමි. දෙහිඕවිට, කිතුල්ගල, තල්දූව ඇතුළු සීතාවක මුළු ප්‍රදේශයේ ස්වභාවික ලස්සන ඉදිරියටත් ආරක්ෂාකර ගත යුතුයි.(දිල්)
ඇමති අණින් මැණික් ගැරීම නැවතුනා කියමු. පාලම දෙපස මැණික් ගැරීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අවසර දුන්නේ මොන පදනමක් යටතේද කියලා හොයා බලන්නේ නැද්ද? මෙවන් සිද්ධියක් නැවත උනොත් උපවාසයක් සහ ඇමති අණ අවශ්‍ය වෙයිද එය නතර කරන්න? (නදී)
ඇමතිතුමා කලේ හොද වැඩක් (ත)
මෙච්චර ඉක්මණට තීන්දු ගත්තේ ඇයි දන්නෙ නැහැ ඔය කට්ටිය (නි)
ඔතන වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න අපේ මිනිසුන්ට තාම බැරි වුණානේ? (නි)
අධිකාරිය මේ බලපත්‍ර දෙනකොට සොයාබැලීමක් කරන්නේ නැද්ද? අඩුගානේ වගකිව යුත්තෙකුගෙන් වාර්තාවක්වත් ගන්නේ නැද්ද? රජයේ රක්ෂිතයකට වුනත් බලපත්‍ර දෙනවද? (දිල්)
අවසර දුන් අයට දඩුවම් දිය යුතුය (නි)
මැණික් සහ ස්වර්ණබරණ අධිකාරියේ ඉන්නේ පාරිසරය ගැන දන්න අයද? (ත)
පරිසරයට හිතැති ප්‍රාදේශීය මන්ත්‍රීතුමා හුගාක් මහන්සි ගත්තා මෙමවාදය නවත්වන්න,එතුමා හැමෝටම ආදර්ශයක්. (ත)
ගරන්නෙත් අණින්, නතර කරන්නෙත් අණින්. (නි)
අවසරය දුන්න මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරියාට එරෙහිව ගත් ක්‍රියාමාර්ගය මොකක්ද දන්නෙ නැහැ නේද? (නි)
සල්ලි වලට මොනවද කරන්න බැරි අද කාලේ? (නි)
ලංකාවේ ක්‍රියාත්මක වන්නේ නීතියද නැත්නම් ඇමති අණද? එසේනම් මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද?(දිල්)
මෙතැන හොදට මැණික් තිබෙනවා කියන කතාව ඇත්තද? (නි)