IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සිතාවක ප්‍රා.ස. ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල් යයි

 (කේ. බුද්ධික කුමාරසිරි)

සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයකු සහ උප සභාපතිවරයකු පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම සදහා සභාවේ ඝන පූර්ණය නොමැති වීමෙන් එම ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල්තැබීමට  බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරී ජයසුන්දර මහත්මිය අද (17) දින තීරණය කළාය.

එම ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයකු සහ උප සභාපතිවරයෙකු පත්කර ගැනීම සඳහා අද (17) දින උදෑසන 10 ට සීතාවක ප්‍රාදේශීය සභාවේ මහා සභා රැස්වීම් ශාලාවේදී ආරම්භ විය.

එහිදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් චන්දයක් පවත්වන්නේද  විවෘත ඡන්දයක් පවත්වන්නේද යන්න පළාත් පාලන කොමසාරිස්වරිය විසින් සිදුකළ විමසීමේදී එක් පාර්ශවයක් විවෘත චන්දයක් පවත්වන ලෙසත් තවත් පාර්ශවයක් රහස් චන්දයක් පවත්වන ලෙසත් යෝජනා ස්ථිර කරන ලදී.

ඒ අනුව යෝජනා දෙකක් ඉදිරිපත් වී ඇති බැවින් සභාපතිවරයා පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම රහස් චන්දයක් ද විවෘත චන්දයක් ද වශයෙන් තීරණය කිරීමේ බලය කොමසාරිස්වරියට බලය ඇති බැවින් මෙම ඡන්දය රහස් ඡන්දයක් ලෙස පවත්වන බවට කොමසාරිස් සාරංගිකා කල්හරි ජයසුන්දර මහත්මිය  විසින් ප්‍රකාශයට පත් කළාය.

මෙහිදී අදාල තීරණය සම්බන්ධයෙන් විවෘත චන්දයක් අවශ්‍ය බවට යෝජනා කළ කණ්ඩායම විසින් දැඩි විරෝධතාවය පළ කරන ලදී. එහෙත් තමාට ඇති බලතල අනුව රහස් චන්දයක් පවත්වන බව පළාත් පාලන කොමසාරිස්වරිය එහිදී නැවතත් ප්‍රකාශයට පත් කරමින් තීරණය කළාය.

එහිදී එම යෝජනාවට විරෝධය පළ කළ සභිකයන් 24 දෙනෙකු සභා ගර්භයෙන් නැගිට පිටත්ව යාම හේතුවෙන් සභාවේ ඝන පූරණය නොමැති වීම නිසා සභාව විනාඩි තිහකට කල්තැබීමට  කොමසාරිස්වරිය විසින් කටයුතු පළමුව කළාය.

ඉන් අනතුරුව නැවතත් ඡන්දය පැවැත්වීම සඳහා සභාව ආරම්භ කළ ද අවශ්‍ය ගණපූර්ණය නොමැති වීම නිසාවෙන් නැවතත් ගැසට්ටුවක් මගින් සභාව පිහිටු වන දිනය ප්‍රකාශයට පත්කර ස්වභාවයේ කටයුතු පවත්වන තෙක් දින නියමයක් නොමැතිව සභාව කල් දැමීමට බස්නාහිර පළාත් පාලන කොමසාරි සාරංගිකා කල්හරි ජයසුන්දර මහත්මිය තීරණය කළාය.



අදහස් (3)

සිතාවක ප්‍රා.ස. ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල් යයි

Sarath Tuesday, 17 June 2025 12:29 PM

විවෘත චන්දයක් ඕන කියන ගණන කීයද බලලා වැඩි ගණනක් ඉන්න එක ක්‍රියාත්මක කිරීමයි සරල සාධාරණ ක්‍රමය

:       0       0

Gavin Tuesday, 17 June 2025 01:02 PM

හොරෙක් හෝදලා පිරිසිදු කරගන්න බැරුව යන්න ඇති

:       0       1

තොත්තබබා Tuesday, 17 June 2025 04:55 PM

මුලින්ම කොමසාරිස් නොදන්නාකම ප්‍රදර්ශනය කළේ කොළඹ මහ නගර සභාවේදී. ඒකම මෙහිදීත් කරන්න ගිහිල්ලා වැරැදිලා තියෙනවා කොමසාරිස් වරියට නුවණක් තිබුණා නම් සියලු දෙනාගෙන් වෙන වෙනම කැමැත්ත විමසා වැඩි කැමත්තෙන් ක්‍රමය තීරණය කරන්න තිබුනා කාටද ඒදණ්ඩෙ යන්න බැහැ කියනවා නේද? SLAS එකටත් ලැජ්ජයි... තමා දරන තනතුර අපකීර්තියට පත්කිරීම සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන්න ඕනෑ..

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 341 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site