රාත්‍රී කාලයේ දී දිවයින පුරා උෂ්ණත්වය ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ එස්.ආර්.ජයසේකර මහතා කියා සිටියේ නුවරඑළියේ රාත්‍රී උෂ්ණත්වය ද වෙනත් වසරවල මේ කාලයට සාපේක්ෂව සෙල්සියස් අංශක හතරකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
කොළඹ, කටුගස්තොට, කටුනායක, කුරුණෑගල, මහඉලුප්පල්ලම, පුත්තලම, මඩකලපුව හා රත්මලාන ආදී ප්‍රදේශවල ද රාත්‍රී උෂ්ණත්වය වෙනත් වසරවල මෙම කාලයට සාපේක්ෂව සෙල්සියස් අංශක තුනකින් පමණ ඉහළ ගොස් ඇත.
ගාල්ල, අනුරාධපුරය, බදුල්ල, කටුනායක හා මන්නාරම ආදී ප්‍රදේශවල උෂ්ණත්වය ද අංශක දෙකකින් පමණ ඉහළ ගොස් ඇතැයි ද කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීත රැය උණුසුම් වෙන්නද යන්නේ? අයියෝ! නිදාගෙනත් ඉවරයි වගේ (නි)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්න ඕනේ උෂ්ණත්වය ඉහළ ගියා කියලා නොවේ. එකට හේතුවයි, ඉදිරියට මොකද වෙන්නේ කියන එකයි. උෂ්ණත්වය ඉහළ ගිහින් කියන එක අපි හැමෝටම තේරෙනවනේ!(ම)
සමන් මහතාණනි, මෙය යහපාලනයේ වරදක් නොවේ. ඔබේ මගේ වරදක්. තව ටික කලකින් එල්නිනෝ ආවම ඉන්න තැනකුත් හොයගන්න (ම)
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම.... විල්පත්තුව වගේ වනාන්තර පටු දේශපාලන උවමනාවන් මත විනාශකරන්න ඉඩදීලා බලාගෙන ඉන්න පාලකයෝ අපේ දරුවන්ගේ හුස්ම පොදට වගකියනවද?(ම)
වෙනදට හවස් ජාමෙට කීයක්නම් වියදම් කරනවද රාත්‍රියට උණුසුම් වෙන්න? දෙවියන්ටත් තේරිලා වගේ රටේ මිනිස්සු රිම් එකෙන් යන විත්තිය. (නි)
යහපාලනේ තමයි ඉතින්....(බ)
අපේ මිනිස්සුන්ට මොකක් වුනත් අැගට දැනෙන්නේ නැ. උෂ්ණත්වය ඉහළ යනවා කියන එක විහිලුවට ගන්න ඕන දෙයක් නොවේ. පරිසරය අපිට අනතුරු අගවනවා අපේම වැඩ වලට. (බ)