නත්තල් කාලයත් දෙසැම්බර් මාසයේ සීතලත් සලකා බලා ඌව පළාත් සභා රැස්වීම දෙසැම්බරයේ නොපැවැත්වීමට ඌව පළාත් සභාව අද (27)වැඩි ඡන්දයෙන් තීරණය කළේය.
පළාත් සභාව රැස් වුයේ සන්ධානයේ මන්ත්‍රීන් හතර දෙනකු විපක්ෂයට එක්වෙතියි පැතිර ගිය රාවයත් සමඟය .සන්ධානයට ආසන 19ක් ද විපක්ෂයට ආසන 15ක් ඇත.අද (27) සන්ධානයේ උදාර සොයිසා පැමිණ නොසිටියේය.විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු හා සංවිධායක ආනන්ද කුමාරසිරි ද තවත් මන්ත්‍රිවරු දෙදෙනෙක්ද පැමිණ නොසිටියහ.
දෙසැම්බර සභාවාර කල් දැමීමට විරුද්ධව එජාපය හා ජවිපය දැඩි විරෝධය පළ කළේය. මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ද පැමිණ සිටියේය.
එහෙත් රැස්වීම ජනවාරි 15 වැනිදාට කල් තැබීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 17ක්ද පසුව ඡන්ද 11ක් ලැබීමෙන් ආණ්ඩු පක්ෂය ජයගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉන්න රටේ හය මාසයක් ශීත සෘතුවේ ශීතලේ ගැහි ගැහි අපි රෑට වැඩට යන්නේ. සමහර විට උෂ්ණත්වය රින ගණන්. සමහරුන්ගේ දත කට පුට්ටු වෙලා හන්දි ඉදිමිලා. හනේ මෙහෙමත් දේශපාලකයෝ ඉන්න රටකට යන කලක්. (නදී)
ඔක්කොමලාව සයිබීරියාවට පටවන්න තියෙන්නේ. ශීතල මොකද්ද කියල දැනෙන්න. (නදී)
බදුල්ල හිමෙන් වැහිලා ,පළාත් සභා ගොඩනැගිල්ල වටා අඩි ගණනක හිම තට්ටුව හිම දිය වෙනකම් කොහොමද රැස් වෙන්නේ ? (ම)
හොද නැද්ද රජයේ කාර්යාලවලටත් සීතල නිසා නිවාඩු දුන්නොත්.? (ම)
ඇත්තටම මේක සීතල නිසා නෙමෙයි... (ර)
වැඩි ඡන්දයෙන්නේ සම්මත වෙලා තියෙන්නේ අනික ඕක මාසයක් රැස්වුනේ නැතිවුනාම අපිට මක් වෙනවද? අපි අපේ වැඩක් බලාගමු...(දිල්)
සඳුන්, ඔබට විතරයි මෙතන වෙච්ච දේ තේරිලා තියෙන්නේ. (ර)
මේ අපි ඉන්න රටේ අඩි 10 උසට අයිස් වැටිලා තියෙන්නේ. සීතල -23 ට ගිහිල්ලා. නමුත් ඔක්කොම වැඩ කරගෙන යනවා ලංකාවේ මොන සීතලක්ද? අපි නොදන්නා සිතල (නදී)
අපිටයි ගහන්න ඕනේ (ස)
සීතලයි කියලා ඡන්දේ කල්දායි නේද ? (නදී)
මේක කලේ 3 ක් අනිත් පැත්තට ආවනම් අය වැය පරදී කියල බයට. එහෙම උනොත් ඡන්දෙත් ඉවරයි නේ. එ්කයි ඔය සීතල හැදිලා තියෙන්නේ. (නදී)
සීතල නිසා මේ පැත්තේ කිසිම දේශපාලන පක්ෂයක් ජනාධිපතිවරණ රැලි නොපවත්වනු ඇති නේද? වෙනත් පැතිවල අය ඇවිත් පැවැත්වුවත් සීතල නිසා මේ පැත්තේ අයට එන්න බැරිවෙියි. (ස)
උෟව පළාත නෙවේ සමහරුන්ගේ ඇඟ පත වෙන්න ඇති සීතල වෙලා ඇත්තේ. (ස)
මම හීටර් එකක් අරන් දෙන්නද ???? ලංකාවට ගිය කලක්... (ම)
මොන මගුලකටද අපි එතකොට මෙයාලව පත් කරේ. අපිටයි ගහන්න ඕන. (ස)
රත්වෙලා එයි සැලූන් දොරින් කට්ටිය යනකොට. (ස)
අනේ අම්මපා, මැරීගෙන වැඩ කරන කට්ටිය. උණුසුම් ඇඳුම් තියෙන්නේ සීත කාලෙට ඇඳගෙන වැඩ කරන්න තමයි. අනේ මේ අයට හැකි ඉක්මනින් උණුසුම් ඇඳුම් සපයා දෙන්න. (නදී)
හිනායනවා. කියන්න දෙයක් නැහැ මේ ගැන (නදී)
රන්ජන් රාමනායක මන්ත්‍රී තුමෝ හදන්නකෝ චිත්‍රපටයක් පලාත් සභා ජෝක් කියලා. (ස)
මේක තිබුන නම් පළාත් සබාව රත් වෙන්න තිබුන. පේනවා නේද බය? (ස)
දන්නා සියලුම දහන් ගැට දමනවා නේද ??? (ම)
මේවා කාටද ? කියන්නේ (ම)
හදිසියේම ඌවෙ සිතල වැඩිවෙලා (ස)
කොයි පැත්තත් එකයි. සමාජයේ සියලුම පැතිකඩ වල මේ දේවල් සුලබයි. රටේ ඉන්න අයට වඩා මේ දේවල් රටෙන් පිට වෙලා ගිය අපිට දැනෙනවා කියල හිතෙන්නේ. (ර)
දැන් කට්ටියම සීතල වෙලා කියල මේකෙන් තේරෙනව (ස)
ඔය පළාත් සභාවේ රැස්වීම් පවත්වන්නේ එළිමහනේද??? (ස)
දැන් මෙයාලගේ උනුසුම නැතිවේගෙන යනවා (නදී)
සීතල නිසා සභා රැස්වීම් කල් දාන රටක් ලෝකෙම නැතිව ඇති. ඊළඟට කියාවි රස්නේ නිසා කල් දැම්මා කියලා. අනිත් පාර කියාවි ගංවතුර සහ නියඟය කියලා. මේගොල්ල දේශපාලනයට ආවේ මොන ඉලව්වකටද ? (නදී)
බය දැනිලා වගේ. (නදී)
ඇයි අනේ සීතල නම් බාප්පා ගෙන් හීටර් එකක් ඉල්ලන්නකෝ. කියන පරක්කුවෙන් සපයා නොදේවිද (නදී)
සීතල ගණන් (නදී)
අනේ ඇත්තට මොකද්ද මේ විහිලුව? මේවා රටේ ලොකුම පුරවැසියාටවත් පේන්නේ නැද්ද ? සීතල නම් අර නුවර එළියේ මාකට් එක පැත්තේ කඩවල තියන වුල් ඇඳුම් ටිකක් වත් පාර්ලිමේන්තුවේ සම්මාදම් එකතු කරලා අරන් දෙන්නකෝ. (නදී)
හොඳ වෙලාවට ලංකාව ලෝක සිතියමේ යුරෝපා කලාපයේ නොපිහිටියේ. එහෙම උනානම් ඌවේ ජනතාවට මාස හය හතක් කතරගම දෙවිඳුන්ගේ පිහිට තමා. (නදී)
ඇමෙරිකාවේ මිනසෝටවල ගිය අවුරුද්දේ රින 50 විතර උනා. සීතල මදිවට හිම කදු. එ්ත් කිසිම දෙයක් නැවැත්තුවේ හෝ කල් දැම්මේ නැත. එ්කට ලංකාව? (නදී)
උෟව තියෙන්නේ එංගලන්තයේද (නදී)
මෙම පලාතේ පාසැල් යන කුඩා දරුවන් සහ රැකියාවට යන ඔවුන්ගේ දෙමව්පියන් සීතලෙන් ආරක්ෂා කර ගැනීමට වැඩ පිළිිවෙලක් වහාම සකසන ලෙස ඉල්ලා සිටිමි (නදී)
සීතලට හක්ක පැනල එ්කයි කල් දැම්මේ (නදී)
වායුසමීකරණ යන්ත්‍ර අක්‍රිය කරන්න. (නදී)
යන්නේ නෑ කව්රුවත් කියල කීවට ඔය බයේ දුවන්නේ කට්ටියම. (නදී)
හලෝ පස්ස පැත්තට දුන් කොලයක් තියල අමුඩයක් ගහගන්න රත්වෙන්න (නදී)
අපටත් රැකියාවට නොහැකි තත්වයක් සීතල නිසා උදාවෙලා, කරුණාකර සීතල සහනාධාරය ලබාදෙන්න (නදී)
මට හොඳ යෝජනාවක් තියෙනවා කරන්ට. බැරිද ඌව පළාත් සභාවේ කට්ටියව ඔය සීත රටවල අධ්‍යාපනික සංචාරයකට යවන්ට. එහෙ පළාත් සභා හෝ පළාත් පාලන ආයතනවල වැඩ කටයුතු සීතල දේශගුණයත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල දැන ඉගෙන ගෙන එන්ට. (නදී)
අනේ අපි ඉන්නේ සෞදි වල. දැන් සීතල පටන් ගන්නවා. උණුසුම් ඇඳුම් එහෙම ලෑස්ති කරගෙන අපි ඊට මුහුණ දෙන්න ලෑස්ති වෙනවා. ඌව පළාතේ තියෙන්නේ මොන හීතලක්ද? ඔය පළාත් සභාවේ ඉන්නේ පූසෝ වෙන්න ඇති. ඒ හින්ද වෙන්න ඇති හීතල. මුන් යවන්න ඕනි සෛබීරියාවට. සෛබීරියාව කියන්නේ මොකක්ද කියල දන්නවද දන්නේ නැහැ. (නදී)
ඒ පළාතේ ජනතාව සීත කාලයට පළාත අතහැර යනවද ? (නදී)
ඔව්! ඔව්! අපි මේ වෙව්ලන්නේ බ... බ. .. බ... බයට නෙමෙයි. සී... සී ... සීතලටයි!!!. මේවට අපිට දෙපැරෙන්දෙන් හිනා යනවා ඕයි! (නදී)
පළාත් සභාවේ කාර්යාල වල සේවකයන්ට සීතල නැත්ද ? පළාත් සබාව බදුල්ලට ගෙනයමු. (නදී)